ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස යහ්යා සින්වාර් නම් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය සතියේ ටෙහෙරානයේදී ඝාතනයට ලක් වූ ඉස්මයිල් හනියේගේ මිය යාමත් සමඟ මෙලෙස යහ්යා සින්වාර් හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස තෝරාගෙන තිබෙන බවයි.
ඉස්මායිල් හානියේ ඝාතනය කළේ ඊශ්‍රායලය බවත්, ඇමෙරිකාවේ සහයද ඊට හිමිවුණු බවටත් චෝදනා එල්ල වෙයි. පසුගිය ජූලි 31 වැනිදා හානියේ ඝාතනය වූයේ ඔහු ඉරානයේ සිටිද්දීය.
“ඉස්මයිල් හනියාගේ අනුප්‍රාප්තිකයා ලෙසත් අප දේශපාලන අංශ නායකයා ලෙසත් යාහ්යා සින්වාර් තෝරා ගැනීමට තීරණය කළා.” යැයි හමාස් සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ගැටුම් පවතින්නේ පසුගිය ඔක්තෝබර් 11 වැනිදා, හමාස් සටන්කාමීන්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ද සහාය ලබා ගෙන, ඊශ්‍රායලයට කඩා වැදී කළ ප්‍රහාරය මුල්කොට ගනිමිනි.
එම ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන්නේ, 61 ක් හැවිරිදි යහ්යා සින්වාර් යැයි ද පැවැසෙයි.
The post හමාස් සංවිධානයට නව නායකයෙක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.