2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකවරයා ලෙස, නාමල් රාජපක්ෂ මහතාව නිල වශයෙන් නම් කරනු ලැබුවා.
ඒ ඊයේ (07), නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී යි.
එලෙස ජනපති සටනට පිවිසි ඔහු, තමා අභියෝගය භාරගත් බවත් තමන් කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුතිවන්ත වන බවත් සඳහන් කර තිබුණා.
ඒ, සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙලෙස සටහනක් තබමින්…
“නැවක් වරායේ නැංගුරම්ලා තබන තුරු එය සුරක්ෂිතය. නමුත් ලෝකයේ නැව් නිර්මාණය කරන ලද්දේ වරායේ නැංගුරම්ලා තබන්නට නොවේ.”
අභියෝගය බාරගනිමි. මේ සටන ඔබ සමඟ ජයග්‍රහණයෙන්ම අවසන් කරමි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මා කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතිවන්ත වෙමි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීමේ නිල උත්සවය ඊයේ පක්ෂ මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත් විය.
සපැමිණි සහ සුබ පැතූ සැමට හදවතින්ම ස්තූතියි.
The post ඉස්සරහට වෙන්න යන දේ ගැන නාමල්ගෙන් විශේෂ සටහනක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.