ටෙනිස් ලොවේ රැජන ලෙස හඳුන්වන සෙරීනා විලියම්ස් පැරිසියේ සුඛෝපභෝගී හෝටලයකට ගිය විටදී එයට ඇතුළුවීමට ඉඩනොදී පිටව යන ලෙස හෝටල් සේවකයන් දැනුම්දීම පිළිබඳ විශාල කතිකාවක් නිර්මාණය වෙයි.
ඔලිම්පික් සමාරම්භක උලෙළේ පහන දැල්වීමට ආරාධනා ලැබ පැරීසියට පැමිණ සිටින මෑතකදී විශ්රාමගත් ටෙනිස් ශූරිය X පණිවිඩයක් මඟින් සිය අප්රසාදය පළ කිරීමත් සමඟ මේ තත්ත්වය උදාවී ඇත.
“මට ලස්සන ස්ථානයක හිස් අවන්හලක කෑම ගැනීම ප්රතික්ෂේප කළා. මම සෑම විටම පළමුවැන්නා” ඇය ඔලිම්පික් සඳහා හැෂ් ටැග් එකක් සමඟ මේ සටහන තබා තිබිණි. සෙරීනා පවසන්නේ තමාට සහ දරුවාට අවන්හලට ඇතුළුවීම වැළක්වූ බවයි.
පෙනින්සියුලා පැරිස් නම්වූ තරු පහේ හෝටල් කාර්ය මණ්ඩලය මේ සම්බන්ධව පවසන්නේ තමන් සෙරීනා විලියම්ස්ව හඳුනා නොගත් බවය. හෝටලය හිස් එකක් නොවන බවත්, එහි ආසන කලින් වෙන්කර තිබූ බවත් හෝටල් පරිපාලනය සඳහන් කර ඇත.
The post ටෙනිස් රැජනට හෝටලයකින් බාල්දියක් appeared first on දිනමිණ.