ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය සේවකයන් සියලු දෙනා දිනකට පස් වතාවක් පල්ලි යා යුතු බවට තලේබාන් නායක Hibatullah Akhundzada නියෝග කර තිබෙනවා.
එසේ නොකරන්නේ නම්, දැඩි දඬුවම් විඳීමට සිදුවනු ඇති බවත් ඇෆ්ගන් තලේබාන් උත්තරීතර නායකයා ප්‍රකාශ කර තිබේ.
රාජ්‍ය සේවකයන්ට පල්ලි යෑමට වෙනම කාලය වෙන් කර දෙන බවත්, එම කාලය ඇතුළත ළඟම ඇති පල්ලියට ගොස් යාඥා කළ යුතු බවත් උත්තරීතර නායක අකුන්ඩ්සාදාගේ නියෝගයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
ඇෆ්ගන් උත්තරීතර නායක අකුන්ඩ්සාදාගේ අණ පරිදි ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන්නේ ෂරියා නීතියයි.
ඇෆ්ගන්වරුන්ගේ ෂරියා නීතිය ඔවුන්ටම ආවේණික එකකි.
ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් නිකම යෑමෙන් පසු, තලේබාන්වරුන් යළි බලය අත්පත් කර ගත්තේ 2021 දීය.
බාලිකා අධ්‍යාපනයට තහංචි පැනවීම, කාන්තාවන්ට රැකියා කිරීම වැළක්වීම , සංගීතය චිත්‍රපට ආදිය ඇෆ්ගනිස්තානයේ තහනම් කිරීමට පියවර ගත්තේ ද මෙම තලේබාන් රජයයි.
The post රාජ්‍ය සේවකයන්ට දවසට 5වතාවක් පල්ලි යෑම අනිවාර්ය කෙරේ – නැතිනම් දඬුවම් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.