ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධාන කළ රාජ්‍ය සේවා එෆ් කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශ කණ්ඩායම සමත් විය.
කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී අධ්‍යාපන අමාත්‍යාංශ පිල සබරගමුව විශ්වවිද්‍යාල පිල ලකුණු 93කින් පැරදවීය.
අධ්‍යාපන අමාත්‍යාංශ පිල ඕවර 40කදී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 293ක් රැස් කළ අතර, අධ්‍යාපන අමාත්‍යාංශ පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ තරිඳු මධුවන්ත පන්දු 81කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 127ක් රැස් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය – 293/7 (ඕවර 40) තරිඳු මධුවන්ත 127, සුදේෂ් ඉඳුනිල් 36, ඉෂාර දෙව්නිත 27, ඩිල්ෂාන් මධුරංග 24 (ශෂික මධුසංක 41/3, දිනුක මධුෂාන් 55/2)
සබරගමුව විශ්වවිද්‍යාලය – 200 (ඕවර 38.5) කුෂාන් හේමචන්ද්‍ර 53, ශෂික මධුසංක 53, දිනුක මධුෂාන් 33 (තරිඳු මධුවන්ත 21/2, චින්තක සුමින්ද 24/2, සුදේෂ් ඉඳුනිල් 31/2)
The post රාජ්‍ය සේවා එෆ් කොටසේ ක්‍රිකට් ශූරතාව අධ්‍යාපන අමාත්‍යාංශයට appeared first on දිනමිණ.