බෙලිඅත්ත කුඩාහීල්ල ජය මාවතේ විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට අයත් මෝටර් රථයක් අද අළුයම් කාලයේදී ගිනිගෙන විනාශව තිබූ බව බෙලිඅත්ත පොලීසිය පවසයි.
නිවසේ ගරාජය තුළ නවතා තිබූ මෝටර් රථය අද අලුයම දෙකට පමණ ගිනි ගෙන ඇති බවටයි පොලීසියට තොරතුරු ලැබී තිබෙන්නේ.
ගින්නෙන් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබේ.
බොහෝ විට මෝටර් රථයට කිසියම් අයකු ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය විමර්ශන ආරම්භ කොට ඇත.
The post විශ්‍රාමික PHI ගේ මෝටර් රථයට ගිනි තියලා appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.