පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දෙකක් පුරප්පාඩුවී ඇති බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබේ.
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (1) සහ 64 (5) යන වගන්තිය ප්‍රකාරව මෙම දැනුම් දීම සිදුකර ඇත.
සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීම හේතුවෙන් පසුගිය 09 වැනිදා සිට එම මන්ත්‍රීවරුන් දෙදෙනාගේ මන්ත්‍රීධුර මෙලෙස පුරප්පාඩු වී තිබේ.
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මනුෂ නානායකාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී තිබේ.
The post පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර දෙකක් පුරප්පාඩුවී ඇති බව මැතිවරණ කොමිසමට දන්වයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.