මොනරාගල කලාප අධ්‍යාපන කාර්යාලය සංවිධාන කළ අන්තර් කොට්ඨාස පාසල් ක්‍රීඩා තරගාවලියේදී ලකුණු 181 හිමි කර ගත් බඩල්කුඹුර නිශ්ශංක ජාතික පාසලට ශූරතාව හිමි විය.
ලකුණු 115 ලබාගත් මොනරාගල රාජකීය ජාතික පාසලට අනුශූරතාව හා මොනරාගල මහානාම ජාතික පාසලට (ලකුණු 110) තෙවැනි ස්ථානය හිමි විය.
මොනරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවති මේ තරගාවලියට සියඹලාණ්ඩුව, මොනරාගල සහ බඩල්කුඹුර අධ්‍යාපන කොට්ඨාසය තුළ පිහිටි පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වූහ.
මොනරාගල අධ්‍යාපන කලාපයේ වැඩ බලන සහකාර ක්‍රීඩා අධ්යක්ෂ එම්.ඩී. සුරංගසිරි අබේපාල මහතා විසින් මේ ක්‍රීඩා උලෙළ සංවිධාන කර තිබිණි.
මොනරාගල කලාප අධ්‍යාපන අධ්යක්ෂ එම්.කේ. සමීරා හර්ෂණී මහත්මිය සහ බඩල්කුඹුර නිශ්ශංක ජාතික පාසලේ විදුහල්පති ජේ.එම්.එස්.බී. ජයසුන්දර මහතා මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක
The post මොනරාගල අධ්‍යාපන කලාප ක්‍රීඩා ශූරතාව බඩල්කුඹුර නිශ්ශංක ජාතික පාසලට appeared first on දිනමිණ.