අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයක් අද (14) තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්යාල ක්රීඩාංගණයේදී පැවැත්වේ. එහිදී කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහල සමඟින් කොළඹ සාන්ත ජෝසප් විදුහල තරග වැදීමට නියමිතය.
සාන්ත අන්තෝනි විදුහල තෙවැනි වටයේදී කොටහේන සාන්ත බෙනඩික්ට් විදුහල පරාජය කරමින් මේ තරගයට එක් වූ අතර, මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල පරදවමින් සාන්ත ජෝසප් විදුහල තරගයට එක් විය.
සාන්ත ජෝසප් පිල ලෙසිත විජේතුංග විසින් මෙහෙයවනු ලබන අතර, සාන්ත අන්තෝනි පිල සනිතු ගුණතිලක විසින් මෙහෙයවනු ලබයි.
ඉෂානි යද්දෙහි
The post 15න් පහළ පළමු කොටසේ ක්රිකට් කටුගස්තොට සාන්ත අන්තෝනි කොළඹ සාන්ත ජෝසප් අර්ධ අවසන් තරගය අද appeared first on දිනමිණ.