සචිත්ර රාහුබද්ධ කියන්නේ අනාගතයේ යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි තරුණ වේදිකා නාට්‍ය අධ්යක්ෂවරයෙක්. ඔහු පසුගිය කාලයේ නිර්මාණ කිහිපයක්ම වේදිකා නාට්‍ය කලාවට දායාද කළා. ‘හිතට වැටුණු මිසයිල’, ‘‘ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ ඒ අතුරින් කිහිපයක්. නැවතත් ඔහු කෙටි නාට්‍යය කිහිපයක් අරගෙන ඔබ හමුවට ඇවිත්. ‘චක්‍රායුධම් – මිසයිල Season 2’ නමින්. ඒ ගැන අහන්න අපි ඔහු හමුවුණා.
‘චක්‍රායුධම්’. ‘හිතට වැටුණු මිසයිල’ කෙටි නාට්‍ය එකතුවෙන් පස්සෙයි ඔබ මේ කෙටි නාට්‍ය උලෙළක් සංවිධානය කරන්නේ?
මා වාර හතරකදි 2019, 2020, 2021, 2022 කියන කාලවලදි කළ කෙටි නාට්‍ය හතරක් එකතු කරලා එක් උලෙළක් විදියටයි ‘හිතට වැටුණු මිසයිල’ කළේ. ඒ 2022 වසරේ. ඒ නාට්‍ය ටික අද වනවිටත් තවමත් වේදිකා ගත වෙනවා. ඒ නිර්මාණයත් එක්ක කෙටි නාට්‍ය ප්‍රේක්ෂකාගාරයක් හැදුණා. ඊට පස්සේ ‘ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ කළා. ඒ කරන අතරතුර මමත්, සමාධිත් අතර ඇතිවුණු සාකච්ඡාවක් තමයි. ‘හිතට වැටුණු මිසයිල’ වල දෙවැනි අදියරකට යන්න පුළුවන්ද කියන කාරණය. ඒ වෙන විදියකට කෙටි නාට්‍ය හතරක් කරන්න. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදියටයි ‘හිතට වැටුණු මිසයිල’වල දෙවැනි අදියරක් විදියට ‘චක්‍රායුධම්’ කියන මේ කෙටි නාට්‍ය උලෙළ සංවිධානය වෙන්නේ. මෙහිදී ප්‍රේක්ෂකයන්ගේ හමුවට පැමිණෙන්නේ අලුත් ම කෙටි නාට්‍ය හතරක්. මේ මාසයේ 09, 10 දින දෙකේදි සවස ‘චක්‍රායුධම්’ කියන කෙටි නාට්‍ය උලෙළ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගත වෙනවා.
‘හිතට වැටුණු මිසයිල’ කෙටි නාට්‍ය උලෙළට වඩා ‘චක්‍රායුධම්’ කියන කෙටි නාට්‍ය උලෙළ වෙනස් වෙන්නේ කොහොම ද?
මේ නාට්‍ය උලෙළ දෙක අතර සම්බන්ධයක් නැහැ. කලින් නාට්‍ය උලෙළත් එක්ක ගත්තට පස්සේ මේ කෙටි නාට්‍ය උලෙළේ තියෙන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් නාට්‍ය හතරක්. මේ කෙටි නාට්‍යවලදි සියුම්ව අපි කතා කරන්නේ ජෙන්ඩර් පොලිටික්ස් ගැනයි. ඒ කියන්නේ ලිංගිකත්වය ගැන දේශපාලනය. යම්කිසි නොපෙනෙන අදෘශමාන බැඳීමක් විදියට කෙටි නාට්‍ය හතරේම මේ ගැන අපි කතා කරනවා.
මේ කෙටි නාට්‍ය ටික විහිදිලා යන්නේ මොන විදියට ද?
‘ගමන් යනෙන සොඳ’ කියන කෙටි නාට්‍යයේ රඟපාන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රියංකර රත්නායක හා තුශී සමරසේකර කියන ශිල්පීන් දෙන්නා. දෙවැනි කෙටි නාට්‍යය ‘මටන්’. එහි රඟපාන්නේ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙන්නෙක්. චාන්දනී සෙනෙවිරත්න හා ධර්මප්‍රිය ඩයස්. තවත් පොඩි චරිතයක් තියෙනවා භාෂ්කර් ක්‍රිශාන්ත් රඟපාන. ‘තුන්තරා වරම්’ කියන්නේ තුන්වැනි කෙටි නාට්‍යය. එහි රඟපාන්නේ ජෙනට් ඇන්තනී, තිළිණි ජයමාලි, හසිත් වෙත්තසිංහ. හතරවැනි කෙටි නාට්‍යය වැටෙන්නේ මොනලොග් ගණයට. එහි රඟපාන්නේ එක් කෙනෙක්. සමාධි ලක්සිරි. එය ‘ලක්බයි චාන්ස්’. ඔය විදියටයි කෙටි නාට්‍ය උලෙළ සමන්විත වෙන්නේ. එක් නාට්‍යයක් විනාඩි 25ක් වගේ කාලයකදියි අවසන් වෙන්නේ. ඒ අනුව පැයකුත් විනාඩි පනහක් වැනි කාලයක් ඇතුළත කෙටි නාට්‍ය උලෙළ වේදිකා ගත වෙනවා. ඊට අමතරව ආලෝකකරණයෙන් රංග සමරකෝන්, සංගීතයෙන් හේෂාන් කුරුප්පු, වේශ නිරූපණයෙන් රන්දික විශාන්, ඇඳුම් නිර්මාණයෙන් සජිනි හෙට්ටිතන්ත්රී, පසුතලයෙන් රංග කාරියවසම්, වේදිකා පරිපාලනයෙන් භාෂ්කර් ක්‍රිශාන්ත්, හසිත් වෙත්තසිංහ, වරුශානි රාජතේව, නිෂ්පාදන කළමනාකරණයෙන් වරුශානි රාජතේව, ඡායාරූප ප්‍රෞඪ භ්රවනෙකත්, රංග වින්‍යාස සහය හසිත් වෙත්තසිංහත් පිටපත හා අධ්‍යක්ෂණය මගේත් කියන සියල්ලන්ගේ වෙහෙසෙනුයි මේ කෙටි නාට්‍ය උලෙළ කරළියට එන්නේ.
මේ කෙටි නාට්‍ය උලෙළට ‘චක්‍රායුධම්’ කියන නාමය යෙදීමට හේතු වුණු විශේෂ හේතුව මොකක් ද?
මේ නාමය මා තියෙන්නේ කෙටි නාට්‍ය උලෙළේ එන එක් නාට්‍යයක් පදනම් කරගෙන. එහි එන ‘ලක්බයි චාන්ස්’ කියන කෙටි නාට්‍යය පදනම් කරගෙනයි මෙවැනි දමිළ නාමයක් මේ උලෙළට එකතු වෙන්නේ. ඒ නාට්‍යයේ දමිළ සහ සිංහල ජාති පිළිබඳත්, විවිධ ලිංගික විෂමතා තියෙන පුද්ගල කණ්ඩායම් ගැන අපි කියන ට්‍රාන්ස් ජෙන්ඩස්ලා, ගැහැනු, පිරිමි කියන කණ්ඩායම් ගැන කතා කරන කෙටි නාට්‍යයක්. ඒ අනුව ‘චක්‍රායුධම්’ කියන නම මා මේ උලෙළට භාවිත කරන්න හේතු වුණේ චක්‍රායුධය කියන්නේ විශ්නු දෙවියන්ගේ අතේ තියෙන ආයුධයක්. මේ ආයුධයේ තියෙන විශේෂත්වය වෙන්නේ මේ ආයුධයෙන් පහර දුන්නට පස්සේ හරියට ඉලක්කයට වැදුණේ නැත්නම් ගැහුව මනුස්සයාවමයි කපාගෙන යන්නේ. මේ කෙටි නාට්‍ය උලෙළේදි අපි කතා කරන තේමාවල් හරියට ඒ වගේ. උදාහරණයක් විදියට ට්‍රාන්ස් ජෙන්ඩස්ලා වගේ මාතෘකාවක් ගත්තට පස්සේ ඒක කතා කරන මිනිහටම ඒක නැවතත් ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපේ රටේ කතා කළ යුතු දේශපාලන අධිකාරීන් පවා ඒවා ගැන කතා කරන්නේ නැහැ. ඒවා සංවාදයට ගේන්නේ නැහැ. ඔවුන් ඒවා කතා නොකර ඉන්න එක පවා හොඳයි කියලා හිතනවා. බැරිවෙලාවෙවත් ඔවුන් ඒ ගැන කතාවට ආවොත් ඡන්ද පදනම අඩු වෙනවා වගේ කතාවක් තියෙනවා. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ ඒ ගැන කතාවෙන් මඟ හරිනවා.
ඒත් සංංක්රාන්තිකයන් ගැන ලෝකයේ තියෙන්නේ වෙනස් අදහසක්?
සංකාන්ත්රිකයන්ගේ සංවාදය ගැන ලෝකයේ පැවැත්වෙන සංවාදය තියෙන විදියයි, අපේ රටේ පැවැත්වෙන විදියයි දෙකක්. අපි ඒ විවෘත සංවාදයට යන්නේ නැහැ. අපි ඒ අයව මේ සමාජය ඇතුළේ නිශ්චිත තැනක පිහිටවලා නැහැ. ඒ නිසා ඒ අය අපට බයයි. අපි ඒගොල්ලන්ට බයයි. ඒ ගොල්ලෝ අපෙන් ආරක්ෂා වෙන්න හදනවා. අපි ඒ ගොල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න හදනවා. ඒ නිසා යම්කිසි ආකාරයෙන් කවුරුහරි මේකට කේන්ද්‍රීයව මැදිහත් වෙන්න ඕන. ඒ වගේ ම ඒවා කතා කළාට පස්සේ කොහෝ හරි තැනකින් ඒ සංවාදය එන කොට ජාතික, ආගමික බලවේග විසින් මේ සංවාදය නවත්වනවා. ඒ නිසයි මා සිතුවේ අප මේ කතා කරන්න යන මාතෘකා චක්‍රායුධය වගේ එකක් කියලා. ඒවා හරියට කතා වුණේ නැත්නම් අපටම හානිවන භයානක තියුණු මාතෘකා කියලයි මට සිතුණේ. ඒ නිසයි ‘චක්‍රායුධම්’ යන නම මා මේ කෙටි නාට්‍ය උලෙළට භාවිත කළේ. ඒ වගේ ම ‘චක්‍රායුධම්’ කියන්නේ අපේ වචනයක් නොවෙයි. ‘චක්‍රායුධම්’ කියන ආයුධය අපට එන්නේ දෙමළ භාෂාවත් එක්ක. දෙමළ සංස්කෘතියත් එක්ක. ඒකයි ඒ නම ඒ විදියටම පාවිච්චි කළේ. මේ නාට්‍යය ඇතුළේ ඒ ලයින් එක පවා කියන්නේ දමිළ චරිතයක්. ඒ වගේ ම අනෙක් කෙටි නාට්‍යවලත් යම් ආකාරයක ප්‍රබල සංස්කෘතියත් එක්ක සම්බන්ධ වීමක් තියෙනවා. ඒ නිසයි මා ‘චක්‍රායුධම්’ කියන නම මේ කෙටි නාට්‍ය උලෙළට තියන්න තීරණය කළේ. ඒ කියන්නේ හරියට නාට්‍ය කලාවත් ඒ වගේ. හරියට වැදුණොත් හරි. නැත්නම් පවතින සමාජයට ඒ කියන දේවල් තේරුම් ගන්න තරම් දියුණු බුද්ධිමය අවකාශයක් නැත්නම් ආපසු බැක්ෆයර් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
ඔබ ඔය කතා කරන මාතෘකාව වේදිකාවේදි කතා කරන්නේ බොහොම අඩුවෙන් නේද?
අපි බොහොම වෙලාවට සංක්රාන්ත්රිකයන්ව වේදිකාවට ගෙනෙන්නේ විහිළුවක් විදියට. ඒ වුණත් ඒ අයත් මානවීය ජීවිතයක්. අපි ගිය ඔස්ට්‍රේලියා සංචාරයේදි දැක්කා විශේෂ දෙයක් තිබුණා. එහේ වොෂ්රූම් එකකට ගියාම මෙල්, ඊමේල්, ඕල් ජෙන්ඩර් වැසිකිළි කියලා වර්ග තුනක් තිබුණා. ඕල් ජෙන්ඩර් වැසිකිළිවලට ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඒවාට සංක්රාන්තිකයන්ටත් යන්න පුළුවන්. අනෙක් ඒවාට පිරිමි අයට පමණක් යන්න ඕන ඒවාට ඒ අයටත්, ගැහැනු අයට පමණක් යන්න ඕන ඒවාට ඒ අයටත් යන්න පුළුවන්. මම දන්නේ නැහැ මේ ප්‍රශ්නයට ඒ විසඳුම හරි ම විසඳුම ද කියලා. එහෙත් ඒ අධිකාරී විසින් හා ඒ සමාජය යම් කිසි උත්සාහයක් දරන්නේ මේ තත්ත්වය යම්තැනක ස්ථානගත කරන්නයි. ඒ රටවල් ඒ විදියට එහෙම කරන විට කලාකරුවන් විදියට අපට කළ හැක්කේ මේ සංවාදය පටන් ගැනීමට තැනක් හැදීමයි. අපි මේ ගැටලුව ගැන පූර්ණ සත්‍යයක් ගේනවද කියන කාරණය දන්නේ නැහැ. එහෙත් අපි මේ ගැටලුව ගැන ගේනවා යම් සංවාදයක්. ඒ සංවාදය යම්කිසි ආකාරයක ක්‍රියාවක් බවට පත් වනතුරු අරගෙන යන්නයි අපි මේ කෙටි නාට්‍ය නිර්මාණ කිරීම මඟින් අපේක්ෂා කරන්නේ. ඒ විදියට සංක්රාන්තියක්ගේ ප්රශ්නය එක කෙටි නාට්‍යයක එන එක් ප්‍රශ්නයක්.
ඒ විදියට ඔබ සංක්රාන්තිකයන් ගැන කතා කරද්දි අනෙක් නිර්මාණ මඟින් කතා කරන කරුණු කාරණා විහිදිලා තියෙන්නේ කොහොම ද?
තවත් කෙටි නාට්‍යයකදි අපි කතා කරන්නේ ප්‍රේමය හා ලිංගිකත්වය ගැන. ප්‍රේමයේ තිබෙන සම්මත හා අසම්මතය ගැන. එහෙම එකක් තියෙන්න පුළුවන් ද? එහෙම එකක් තියෙනවාද? අසම්මතය කියන්නේ කොයි වගේ කාරණාවක් ද? කියන දේවල් ගැන අපි එහිදි කතා කරනවා. ඒ විදියට මෙහි එන තවත් කෙටි නාට්‍යයකදි අපි කතා කරන්නේ ප්‍රේමය හා ලිංගිකත්වය හැර මිනිසුන් අතර සම්බන්ධතා තිබෙන්න බැරි ද? කියන කාරණය. උදාහරණයක් විදියට ගැහැනු කෙනෙකු හා පිරිමි කෙනෙකු අතර තියෙන්න පුළුවන් ලිංගිකත්වය සමඟ තියෙන සම්බන්ධයක් විතර ද? හිතන්න, කාන්තා, පිරිමි දෙන්නෙකුට ගිහින් එකට නාට්‍ය නරඹන්න පුළුවන්. එතනදි සමහර වෙලාවට තමන් සමඟ නාට්‍ය නරඹන්න යන හොඳම කෙනා ජීවත් වෙන්න හොඳම කෙනා නොවෙන්නත් පුළුවන්. තමන් එක්ක ජීවත් වෙන්න හොඳම කෙනා නාට්‍ය නරඹන්න ඔබට හොඳම කෙනා නොවෙන්නත් පුළුවන්. සමහර විට තමන්ගේ බිරියත් එක්ක නාට්‍ය බැලුවට ඒ සාකච්ඡාව එයත් එක්ක කරන්න බැහැ. ඒත් ඒ නාට්‍ය, චිත්‍රපටය, පොතක් කියවන කෙනෙකු ඉන්නවා. ඒවා ගැන ඒ කෙනත් සමඟ සාකච්ඡාවකට යන්න පුළුවන්. මෙහෙම බලනවිට ඒ කිව්ව කාරණයත් එක්තරා මානවීය සම්බන්ධයක්. සමහර විට කෝපි එකක් බොන්න, එහෙමත් නැත්නම් මම කෑමක් හදලා දුන්නම ඒක ඔබට රසට කන්න පුළුවන් නම් ඒකත් එක්තරා සම්බන්ධයක්. මේ විදියට මිනිසුන්ගේ සම්බන්ධතා එකගොඩකට දමලා මේ දෙන්න අතරේ තියෙන්නේ ලිංගික සම්බන්ධයක් ම තමයි තියෙන්නේ කියලා අපි වර්ග කිරීමකට ලක් කරනවා. මේක අපේ රටේ තියෙන ප්‍රශ්නයක්. පටු මානසිකත්වයකයි අප ඉන්නේ.
ඔබගේ අනෙක් නිර්මාණවලිනුත් ඔබ කතාබහට ලක් කරන්නේ ඉහත වැනි තවත් කාරණා කිහිපයක් ද?
එහි එන අනෙක් කෙටි නාට්‍යයෙන් කතා කරන්නේ ගැහැනු, පිරිමි දෙගොල්ලන්ගේ තේරීම් පිළිබඳයි. ඒවා විවිධයි. වෙනස්. අපට බැරි වෙලා හරි මෙතනට ඇවිත් කවුරු හරි වරමක් දුන්නොත් බෙදාගන්න, අපි දෙන්නට පුළුවන් වේවිද එකම වරමකට එකඟ වෙන්න. ඔබ ගැහැනු කෙනෙකු විදියට ජීවිතය සම්බන්ධ වෙනම අදහසක් තියෙනවා. ඒක නරකයි කියලා මා කියන්නේ නැහැ. එතනදි දෙගොල්ලකුගේ තේරීම්වල තියෙන වෙනස්කම්. මේ වෙනස්කම් උඩයි ලෝකය ඉදිරියට යන්නේ. එහෙම නැතුව අපි හැමෝම එක දෙයකට කැමැති වුණොත් මේ ලෝකයේ පැවැත්මක් නැති වෙනවා. ඒක සමාජ, දේශපාලනයට පවා බලපානවා. කුටුම්භය ඇතුළේ ගන්න මේ තේරීම සම්බන්ධ තීරණය මොකක්ද කියන කාරණය රටේ පාලනය දක්වාම බලපානවා. මෙන්න මේ දෙන්නකුගේ තීරණවලට සමාජය, දේශපාලනය, ලිංගිකත්වය කොහොමද බලපාන්නේ කියන කාරණායි මේ කෙටි නාට්‍යයෙන් අපි කතා කරන්නේ. මේ සෑම කෙටි නාට්‍යයකම ගැහැනු, පිරිමි සම්බන්ධතාව සහ ලිංගිකත්වය පදනම් කරගත් දේශපාලනය කොයි විදියටද මිනිසුන්ගේ ජීවිතවලට බලපාන්නේ හා මිනිස්සු කොයිවිදියට ද ඒකත් එක්ක වැඩ කරන්නේ කියන කාරණා ගැන අපි මෙහිදි කතා කරනවා. ශ්‍රී ලංකාව වගේ රටක පුරුෂ මූලික සමාජයක ඒ වගේ දෙයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. කාන්තාවන්ගේ වටිනාකම, අයිතිවාසිකම්, එයාලගේ අදහස්වලට ලැබෙන ඉඩ ප්‍රමාණය වැනි සම්බන්ධ කාරණා ගැනයි මේ කෙටි නාට්‍යයෙන් වගේම කෙටි නාට්‍ය උලෙළේදි කතාබහට ලක් කරන්නේ.
කෙටි නාට්‍යවල පසුතලය සැකසීම ආදි කාරණා මොන විදියටද සිදු වෙන්නේ?
ඒවා ප්‍රේක්ෂකයන්ට පොඩි පුදුම කිරීමක් විදියට තියමු කියලා මා යෝජනා කරනවා. මේ නාට්‍ය උලෙළේ අනුශාංගික අංග සම්බන්ධයෙන් තිබෙන සියලු දේ විශේෂ දේවල් ටිකක් මතයි සිදු වෙන්නේ. ඒක ප්‍රේක්ෂකයන්ට බලාගන්න වෙන්නේ මේ කෙටි නාට්‍ය උලෙළ නරඹලාමයි.
මේ වනවිට ඔබගේ ‘ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ වේදිකා ගත කිරීම නවත්වලා ද?
‘‘ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ අපි ආරම්භ කළේ යම්කිසි සීමිත දර්ශන ප්‍රමාණයකින් නවත්වනවා කියන අදහසත් එක්කයි. මොකද ඒ වේදිකා නාට්‍යයේ තියෙන විශාලත්වයත් එක්ක ඒ නාට්‍යය දිගටම කරගෙන යෑම ප්‍රශ්නයක්. අපි කොළඹදි දර්ශන දහඅටක් කළා. සමහර විට අපේ කණ්ඩායමේ සාකච්ඡාව මත ඉස්සරහට මේ වේදිකා නාට්‍යයේ දර්ශන වේදිකා ගත වේවි ද දන්නේ නැහැ. දැනට අපි නවත්වලා තියෙන්නේ. ඒ වගේ තත්ත්වයකුයි මේ වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් තියෙන්නේ.
මේ තරම් ඉක්මනට ‘ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ නවත්වන්නේ ඔබට මෙහි සිටින නළු නිළියන් සම්බන්ධ කරගැනීමේ ගැටලුවක් තිබෙනවාද? නැත්නම් ඒ සඳහා යන වියදම සම්බන්ධ ගැටලුව නිසා ද?
එහි රඟපෑ රංගන ශිල්පීනියන් කොහොමත් වැඩ අධික පිරිසක්. මුල ඉඳලාම මේ වේදිකා නාට්‍යයට ඔවුන් මට බොහොම සහයෝගයක් ලබාදුන්නේ. අපි මාස හයක එකදිගට පුහුණුවීම් කාලයක් හමාර කළා. විදේශ සංචාරයකුත් කළා. මම හිතන්නේ මේ වේදිකා නාට්‍යය නවත්වන්න ගත්ත තීරණයට නාට්‍යයේ තිබෙන විශාලත්වයත් යම් බලපෑමක් කළා. උදාහරණයක් විදියට අපේ රටේ නාට්‍යය ලක්ෂ දෙකහමාරක් හෝ ඊට අඩු ගණනකටයි යන්නේ. ‘ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ වේදිකා නාට්‍යයට යන මුදල ලක්ෂ තුනහමාරක්. ප්‍රවාහනය, කෑමබීම ආදිය දේවලුත් ආවට පස්සේ එහි වියදම ලක්ෂ පහක් වගේ ගණනක් සංවිධායකට එනවා. ඒ නිසා අපි මුලින්ම හිතුවේ අපේ රටේ ඒ වගේ නිර්මාණයක දර්ශන මාර ප්‍රමාණයක් යන එකක් නැහැ කියන කාරණයයි. අපි සැලසුම් කළේ දර්ශන වාර විසිපහකට වගේ. අපේ රටක එවැනි මිලක් සංවිධායකයකුට දරාගන්න තිබෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා අපියි දර්ශන වාර සංවිධානය කරන්න ඕන. මේ වනවිට අපි දර්ශන වාර ගොඩක්ම වේදිකා ගත කරලා තියෙනවා. ඒ වගේ ම මම හිතන දෙයක් තමයි ඕනම නාට්‍යයක් හොඳ ගුණාත්මක භාවයේ තියෙන අවස්ථාවකදි ම අවසන් කරන එක හොඳ බව. ඒ නිසා අපි දැනට තීරණය කරලා තියෙන්නේ ‘ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ නතර කරන්නයි. ඒ නිර්මාණය සම්බන්ධයෙන් ඉස්සරහට වෙනස් විදියේ තීරණයක් ගන්නත් ඉඩකඩක් තියෙනවා.