මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුගේ අමාත්‍යධුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, ජනාධිපතිවරයා යටතට ගෙන ඇත්තේ, සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූරයි.
මීට පෙර මෙම අමාත්‍ය ධුරවල කටයුතු කළ හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අයට ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමත් සමඟ අමාත්‍ය ධුරයන් හී පුරප්පාඩු ඇතිව තිබුණි.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෙම අමාත්‍ය ධුර තමා භාරයේ තබා ගනිමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
The post අමාත්‍යංශ දෙකක් ජනපති යටතට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.