ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිකුත් කළ නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ රැසක් සිය ස්ථානවලින් ඉහළට ඒමට සමත්ව සිටිති.
වසර 27කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූ අතර, එම තරගාවලියේ දැක්වූ දස්කම් මත මෙලෙස යළිත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යෑමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
ඒ අනුව ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක එක් ස්ථානයක් ඉහළට යමින් 8 වැනි ස්ථානයට පත්ව ඇති අතර, කුසල් මෙන්ඩිස් ස්ථාන 5කින් (39) ඉහළ යද්දී අවිශ්ක ප්‍රනාන්දු 68 වැනි තැනට පැමිණ ඇත්තේ ස්ථාන 20ක් ඉදිරියට එමිනි. ඉන්දියාවට එරෙහි තරගාවලිය නිමාවත් සමඟ අවිශ්ක ප්‍රනාන්දු 88 වැනි තැනට පත්ව තිබිණි. නායක චරිත් අසලංක 17 වැනි තැන සිටී. ඉන්දීය නායක රෝහිත් ශර්මා එක් ස්ථානයක් ඉදිරියට ගොස් දෙවැනි තැන සිටින අතර, පාකිස්තානයේ බාබර් අසාම් පළමු ස්ථානයේ රැඳී සිටී.
ඉන්දීය තරගාවලිය නිමාවත් සමඟ දුනිත් වෙල්ලාලගේ පන්දු යවන්න් අතර 76 තැනට සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර 67 වැනි තැනට පත් විය. ඊයේ නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඔහු පන්දු යවන්නන් අතර ස්ථාන 17ක් ඉදිරියට ගොස් 59 වැනි තැනට සහ තුන් ඉරියව්වෙන් ස්ථාන 15ක් ඉදිරියට ගොස් 52 වැනි තැනට සමව හිමිකම් කියයි. නේපාලයේ සොම්පාල් කාමි සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් ද 52 වැනි තැන සිටිති.
වනිඳු හසරංග පන්දු යැවීමෙන් ස්ථාන 3ක් (30) සහ තුන් ඉරියව්වෙන් ස්ථානයක් (18) පහත වැටී තිබේ.
The post ශ්‍රී ලංකා එක්දින පිලේ ක්‍රීඩකයෝ රැසක් ශ්‍රේණිගත කිරීමෙන් ඉහළට appeared first on දිනමිණ.