සරසවි සිසුන්ගේ විරෝධතා සහ එරට ප්රචණ්ඩ ක්‍රියා මැද අගමැතිනිය ෂෙයික් හසීනා රටින් පිටවීමෙන් පසු බංග්ලාදේශයේ ක්‍රිකට් සභාපති නස්මුල් හසන් ද අතුරුදන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
හසීනාගේ අවාමි ලීග් රජයේ ක්‍රීඩා ඇමැතිවරයා ලෙසත් කටයුතු කළ නස්මුල් හසන්ට අමතරව එම පක්ෂය සමඟ ඍජු සම්බන්ධතා තිබූ සහ නොතිබූ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්යක්ෂවරුන් ද අතුරුදන් වී සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
කෙසේ වුවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) සාමාජිකත්වය ලැබූ ක්‍රීඩා සංගමයක් වන බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවත්වාගෙන යෑම සඳහා අන්තර්වාර කමිටුවක් පත් කිරීමේ අවධානය යොමු වී ඇතැයි බංග්ලාදේශ අන්තර්වාර රජයේ යෞවන හා ක්‍රීඩා කටයුතු උපදේශක අසීෆ් මහ්මූද් ප්‍රකාශ කර තිබේ. අන්තර්වාර ක්‍රිකට් කමිටුවක් පත් කිරීමෙන් බංග්ලාදේශය අයිසීසීයේ තහනමට ලක් වීමේ අවදානමක් ඇති බැවින් මේ සම්බන්ධව අයිසීසී නීතිරාමුව ඇතුළත ඉදිරි පියවර ගැනීමට අන්තර්වාර රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
The post හසීනාගේ රජය බිඳ වැටීමෙන් පසු බංග්ලාදේශ ක්‍රිකට් ලොක්කා ආගිය අතක් නෑ appeared first on දිනමිණ.