ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන කුමාර වෙල්ගම සහ ඒ.එච්.එම්.ෆවුසි ජනාධිපති රනිල් වික්රමසිංහට සහාය පළ කර තිබෙනවා.
මේ අතර, රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගය හරහා පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්රීවරුන් තිදෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ මහතාට සහය පළ කිරීමට ඊයේ (15) තීරණය කර තිබුණා.
ඒ අනුව, අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම්, දිගාමඩුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නීතීඥ එස්.එම්.එම් මුෂාරෆ් මෙලෙස ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කරනු ලැබුවා.
The post තවත් ප්රභල මන්ත්රීවරු දෙදෙනෙකුගේ සහය රනිල් ට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.