ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පුහුණු කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කරමින්, එම දෙපාර්තමේන්තුවේ කිරින්ද උසස් පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රාහකත්වයෙන් ස්ථාපිත කෙරුණු; යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ පුහුණුවීම් කටයුතු සඳහා භාවිතා කරනු ලබන Ship–in-a-Box පුහුණු සමාකෘතිය විවෘත කිරීම, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී, ජූලි චංග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් පූජිත විතානගේ ගේ සහභාගිත්වයෙන් ඊයේ (15) කිරින්ද උසස් පුහුණු ආයතන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.