ශ්රී ලංකා ගොල්ෆ් තරග බිමට නව පරිච්ඡේදයක් එක් කරමින් ශ්රී ලංකා ඊගල්ස් ගොල්ෆ් ලින්ක් ගුවන් හමුදා ගොල්ෆ් සමාජය පළමුවරට සංවිධාන කළ කැටලිනා ගොල්ෆ් ශූරතාවලියේ හොඳම ක්රීඩකයා ලෙස එයාර් කොමදෝරු එරන්දික ගුණවර්ධන සහ හොඳම ක්රීඩිකාව ලෙස මනෝරි ජයකොඩි කැටලිනා පදක්කමට හිමිකම් කීමට සමත් වූහ.
මාසිකව පදක්කම් පිරිනැමෙන මේ ශූරතාවලිය පසුගියදා කොග්ගල ඊගල්ස් කැටලිනා ගොල්ෆ් පිටියේදී පැවැති අතර, එහිදී හොඳම ක්රීඩකයාගේ අනුශූරතාව එයාර් වයිස් මාෂල් (විශ්රාමික) උදුල විජේසිංහට සහ ප්රවීනා දුනුවිලට හිමි විය.
මීට අමතරව දළ ලකුණු ලැබීම අනුව පිරිමි තරග අංශයෙන් වින්ග් කමාන්ඩර් ප්රභාත් විජේකෝන් සහ කාන්තා තරග අංශයෙන් ප්රවීනා දුනුවිල ජයග්රාහක ජයග්රාහිකවෝ බවට පත්වූහ. එම කාණ්ඩයේ අනුශූරතාව දිනා ගනු ලැබුවේ එයාර් වයිස් මාෂල් (විශ්රාමික) උදුල විජේසිංහ සහ මනෝරි ජයකොඩි විසිනි. ක්රීඩක ක්රීඩිකාවෝ 40කට අධික පිරිසක් සහභාගි වූ මේ ශූරතාවලියේ දිගම පහර එල්ල කිරීමෙන් එයාර් වයිස් මාෂල් සුරේෂ් ප්රනාන්දු සහ ප්රවීනා දුනුවිල සම්මානයට පාත්ර වූහ.
ප්රධාන ආරාධිතයා ලෙස ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා සහභාගි වූ අතර, එම අවස්ථාවට ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීහුද එක් වූහ. කැටලිනා පදක්කම සඳහා වන මීළඟ මාසික තරගාවලිය ලබන සැප්තැම්බරයේදී පැවැත්වීමට නියමිතය.
The post කැටලිනා ගොල්ෆ් ශූරතාවලියේදී එරන්දික-මනෝරි පදක්කම් දිනති appeared first on දිනමිණ.