බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.
ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාර මහතාට සිය පාර්ලිමේන්තු අසුන අහිමිවීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව පුරවමින්.
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 09 වනදා තීන්දු කළේය.
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබාදුනි.
The post බන්දුල ලාල් බණ්ඩාරිගොඩ දිවුරුම් දෙයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.