කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ 2024 මේ මස 24 සිට 30 දක්වා එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වෙයි. වසර 10ක පටන් තනිවම කරන මේ කටයුත්තේ ප්‍රධානියා වන්නේ එම්. සෆීර් ය. ඉන්ටර් ඇක්ට් ආර්ට් කණ්ඩායමත් සමඟ එක්ව වසර ගණනක සිට ඔහු කරන මේ කාර්යය සැබෑවටම අගය කළ යුතු කාර්යයකි. රාජ්‍ය අනුග්‍රාහකත්වයක් ලැබිය යුතු එහෙත් එවන්නක් නොලැබෙන ‘කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ’ සුපුරුදු විදියට සියලු බාධක මැද මේ වසරේත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. මේ ලිපිය කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ පිළිබඳ එම්. සෆීර් සමඟ කළ සංවාදයකින් සැකසිණි.
‘දශකාභිෂේක කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ 2024’ මේ විදියටයි ඔබ මෙවර ජාත්‍යන්තර රංග කලා උලෙළ නම් කරලා තිබෙන්නේ. දස වසරක් කියන්නේ දිගු කාලයක්.
ඒකත් ලොකු කතාවක්. මගේ ජිවිතයෙන් ගත්තොත් පහෙන් එකකටත් වැඩි කාලයක් මා මේ ජාත්‍යන්තර රංග කලා උලෙළ කරලා තියෙනවා. මගේ නාට්‍ය කලා ගමන්මඟේ ගත්තොත් තිස්හතරවැනි වසර. ඒ කියන්නේ තුනෙන් එකක් මා ජාත්‍යන්තර රංග කලා උලෙළක් කරලා තියෙනවා. ඊට පෙර අපේ රටේ ජාත්‍යන්තර රංග කලා උලෙළක් තිබුණේ නැහැ කියලා අපි හැමෝම දන්නවා. හැබැයි මේක නවත්වනවා නම් නවත්වන්න ඕන තරම් හේතු තිබුණා. නොකර ඉන්නවා නම් අදටත් මේ උලෙළ නොකර ඉන්න පුළුවන්. ඒතරම් මේ කාර්යය අමාරුයි ; අපහසුයි; බැරූරුම්; වෙහෙසයි; අධික පීඩනයයි. හැබැයි මොන ප්‍රශ්න තිබුණත්, මොනවා කොහොම තිබිලා, කවුරු උදවු කළත්, නොකළත් මම ඇතුළු කණ්ඩායම අවුරුදු 13ක් මේ රංග කලා උලෙළ පවත්වාගෙන ඇවිත් තිබෙනවා. මේක පටන් ගත්ත සාමාජිකයන් අද මෙතන නැහැ. හැබැයි අපි ආවේ දිගු ගමනක්. ඒ ගමන ආයෙත් හැරිලා බැලුවාට පස්සේ ලොකු දුරක් ආව වගෙයි මට දැනෙන්නේ. ඒ නිසා කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ කියන්නේ ලෝකයට ආයෙත් හඳුන්වා දෙන්න ඕන නාට්‍ය උලෙළක් නොවෙයි.
කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ කියන්නේ ම අපේ රටට විදේශ විනිමය අරගෙන එන එක් අවස්ථාවක්. ඒක පහසු කාරණයක් නොවෙයි නේද?
මේ නාට්‍ය උලෙළ ගැන හිතාගෙන යනවිට මා කල්පනා කළේ, පසුගිය වසර දොළහ තිස්සේ මම නිසා අපේ රටට විදේශ විනිමය ඇවිල්ලා තියෙනවා නේද කියලා. ඒ කියන්නේ වෘත්තීය නාට්‍ය කලාවක් නැති රටේ ජාත්‍යන්තර නාට්‍ය උලෙළක් නිසා විදේශ විනිමය ඇවිත් තියෙනවා. මා නිකම් ගණන් හදලා බැලුවා. ඒ ශ්‍රී ලංකාවට එන එක නාට්‍යකරුවකු අඩුම වශයෙන් ගත්තොත් ඩොලර් 1000ක් වියදම් කරනවා. හැත්තෑ දෙනෙකු ආවොත් ඩොලර් හැත්තෑදාහක්. ඩොලර් හැත්තෑදහස තුනෙන් වැඩි කළොත් කෝටි දෙකක්. ඩොලර් පනස්දහස ගණනේ තිබ්බොත් අවුරුද්දකට අවුරුදු දහයට ඩොලර් ලක්ෂ පහක්. ඒතරම් මුදලක් මම මේ රටේ ඉඳගෙන, මේ රටේ පුරවැසියකු විදියට මේ රටට ගෙනැත් දීලා තියෙනවා. කාට ද ඒක කරන්න පුළුවන් වුණේ. මට මතක විදියට 2001 වසරේදියි රීටා ගංගුලිගේ ‘අභිඥාන ශාකුන්තලය’ ලංකාවට ආවේ. එහෙම බලන විට අද වනවිට දශක දෙකහමාරක්. මේ වනතුරු කිසිම නාට්‍යයක් ලංකාවට ඇවිත් නැහැ.
ඒ කියන්නේ කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ රටට වැඩක් වන වැඩක් විදියටයි පෙළ ගැසෙන්නේ?
අපි කරන කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ මේ රටට වැඩක් වන වැඩක්. මේ වනවිට අනෙක් අයට චෝදනා කරන්න තරම් මට අයිතියකුත් තියෙනවා. මොකද මේ නාට්‍ය උලෙළ වසර දහතුනක් මා කරගෙන ඇවිල්ලා තියෙන නිසා. එතනදි මම පුරවැසියාගේ කාර්යභාරය කරලා තියෙනවා. රටවැසියන්ට යුතුකමක් තියෙනවා මේ රටට කවුරු හරි කෙනෙකු විදේශ විනිමය ගේනවා නම්, ඒ මනුෂ්‍යයාව රැක ගන්න හා උදවු කරන්න. මොක ද මේක මගේ වැඩක් නොවෙයි. දැන්වත් රටක් හැටියට මේ ගැන අපි හිතන්න ඕන. ලංකාවේ තවත් ජාත්‍යන්තර නාට්‍ය උලෙළ 05ක් ඇවිත්, චිත්‍රපට උලෙළ 05ක් ඇවිත්, ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන 05ක් ආවත් ඉන් සිදු වන්නේ රටට විදේශ විනිමය පැමිණීමයි. නාට්‍ය කලාව කියන දේ නිකම් නාට්‍ය නරඹලා තෘප්තිමත් වෙන්න කරන කලාවක් නොවෙයි. ඒක සංවර්ධනය කළොත්, ජාත්‍යන්තර නාට්‍ය උලෙළට එන නාට්‍යකරුවන් හැට හැත්තෑව වෙනුවට හත්සියයක්, දාහක් මේ රටට ආවොත් මොක ද වෙන්නේ. ඒ වගේමයි මට ඕන තරම් නාට්‍යකරුවන් මේ රටට ගේන්න හැකියාවත් තියෙනවා.
ඒත් ඒ සඳහා ඒ එන නාට්‍යකරුවන්ට පහසුකම් සැපයිය යුතුයි නේද?
ඔවුන්ට ඉඩ පහසුකම් ලබා දිය යුතුයි. තේරුම් ගන්න ඕන දෙයක් වෙන්නේ මා මේ කරන්නේ රටේ වැඩක්. මේ හින්දා රටට වැඩක් වෙනවා කියන කාරණය. ඉලක්කම් වශයෙන් ගත්තොත් අපි අරන් තියෙන ණයවලට අනුව කෝටි දෙකක්, තුනක් කියන්නේ පොඩි ගණනක් තමයි. එහෙත් මේ වසර කිහිපය ඇතුළේ කෝටි තිහක්, හතළිහක් මේ රටට ගෙනැල්ල දීලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය දියුණු කරගන්න සෑම කෙනෙකුම සහය වෙන්න වෙනවා. ඒ වගේ ම මේ උලෙළ හැමෝගෙම වගකීම, යුතුකම ඉටු කරන උලෙළක් බවට පත් කරගන්නට නම් දැන් මේ වැඩේ රටේ වැඩක් කියන කාරණය හැමෝටම හිතන්න වෙනවා. පවතින්නා වූ ඕනෑම රජයක්, නාට්‍යකරුවන්, පුරවැසියන් කියන සියලු අය ම මේ සඳහා උදවු කළ යුතුයි. මොකද මේ එන හැම දේකින්මයි රටට අදායමක් ලැබෙන්නේ. මෙහිදී සංචාරක අමාත්‍යාංශය මීට වඩා අපිත් එක්ක ළඟින් වැඩ කළ යුතුයි. අපිත් සමඟ කතාබහ කර මේක දියුණු කරන මාර්ග සෙවිය යුතුයි. මම ජාත්‍යන්තර නාට්‍ය උලෙළක් කරලා මේ රටට ආදායම උපයනවා. ඒ ආදායම වැඩි කරගන්න මහන්සි වෙනවා මිසක් මාව පරාද කරලා වැඩක් නැහැ. මොකද මාව පරාද කරන්න බැහැ. පරාද කරන්න පුළුවන් නම් මම මේක වසර දහයක් ඇදගෙන යන්නේ නැහැ. මාව පරාජය කරන්න හරි, මාව අඩපණ කරන්න හරි කවුරු හරි මේ කාර්යය සඳහා උදවු කරන්නේ නැතිව ඉන්නවා නම් ඒක මෝඩ වැඩක්. එහෙම ඉන්නවා නම් ඒකේ පාඩුව රටටමයි. මට නොවෙයි.
ඔබ මේ දක්වා මෙවැනි උළෙලක් කරගෙන යෑම මඟින් අපේ නිර්මාණකරුවන්ට ලබා දී තිබෙන්නේ මොනවද?
ලංකාවේ වැඩිම අවස්ථා ගණනාවකදි ජාත්‍යන්තර නාට්‍ය උළෙවලට ගිහින් තියෙන්නේ මම. ඒ නාට්‍ය සමඟ සහ නාට්‍ය නැතිව. ඒ නිසා ලෝක නාට්‍යකරුවන් මාව දන්නවා. ඒ නිසයි ඔවුන් මගේ නාට්‍ය උලෙළට එන්නේ. කාටහරි පුළුවන්ද ග්‍රීසියේ ඇතෑන්ස්වල දියෝනීසියස් රඟහල භාරව ඉන්න සංස්කෘතික අධ්යක්ෂවරියව මේ රටට ගෙනැවිත් සතියක් සත්කාර කරන්න. මෙවර අපේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වෙන්නේ ඇයයි. ඒ ඈ ආචාර්ය සිසි පපතානාසියු මහත්මියයි. ඒ වගේ ම ඈ ඒ රටේ මානව ඉතිහාස දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ හා නාට්‍ය අධ්යක්ෂ හා පරිවර්තකයි. ඒ වගේ බොහොම වැදගත් නාට්‍යකරුවන් රැසක් පසුගිය කාලයේ මේ නාට්‍ය උලෙළ හා අත්වැල් බැඳ ගත්තා. ඒ අතර ජාත්‍යන්තර ළමා හා යොවුන් නාට්‍ය ආයතනයේ ප්‍රධානියා වන මහාචාර්ය වුල්ෆ් ගාන් ස්නයිඩර්, ලෝකේ පුරා ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථාන එකසිය අසූවේ නාට්‍ය කලාව භාර ප්‍රධානී තෝමස් ෂ්තුම්ෆ්, ජපන් නාට්‍ය කලාව ඇතුළේ ලොකු බලපෑමක් කළ කෙන්ජිරෝ ඔටානි, මේ වනවිට දකුණු ආසියාවට ලැබුණු එකම අවස්ථාව වුණු ජාත්‍යන්තර නාට්‍ය ආයතනයේ විධායක කමිටු සාමාජික මහාචාර්ය ප්‍රසාද් වනරාසී කියන ප්‍රවීණයන් ඒ අතර හිටියා. මේ විතරක් නොවෙයි කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළට පස්සේ මම නිසා ඇසෑම්වල නාට්‍ය උලෙළක් පටන් ගන්නවා. මම නිසා ඉන්දියාවේ ගෝවාවල බැල්ක්බොක්ස් තියටර් පටන් ගන්නවා. මේ වනවිට මට ජාත්‍යන්තර නිෂ්පාදන හතක් කරන්න ලැබුණා. මහා නාට්‍යකරුවන් කියලා හිතාගෙන ඉන්න තරුණ නාට්‍යකරුවන්ට මුලින්ම රටකට යන්න අවස්ථාව දුන්නේ මම. සමහරු ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල ගිහින් ශිෂ්‍යත්ව අරගෙන ඉන්නේ අපේ කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ නිසා. මාතර ඉන්න නාට්‍ය කරන බොහොම අහිංසක ළමයින්ව ජාත්‍යන්තරයට එක්ක යන්න පුළුවන් වුණා. මේ අවුරුදු දහය ඇතුළේ ජාත්‍යන්තර නාට්‍යකරුවෝ අපේ රටේ වැඩමුළු සිය ගණනක් කළා. එහි ප්රතිඵලයි අපි මේ නූතන නාට්‍ය කලාවේ වෙනස්කම් විදියට දකින්න ලැබෙන්නේ. දැන් දෙබස් සහිත නාට්‍ය කරන්නේ නැහැ. ටික ටික දෙබස් රහිත නාට්‍ය කරන්න පටන් ගෙන තියෙනවා. ඒ සියල්ල සිදු වෙන්නේ මේ කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ නිසා. ඒ නිසා තවත් අමුතුවෙන් අත්පත් කරගන්න දෙයක් මට නැහැ. ඒත් ඒ මේ කාර්යය ඇතුළේ හොඳ දේ නොගැනීම කියන එකයි අවාසනාව.
මෙවැනි වටිනාකමක් කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළට තිබුණත් ඒ උලෙළට එන්න අද බොහෝ අය මැළි වෙනවා?
මේ රටේ ජාත්‍යන්තර රංග කලා උලෙළක් තියෙන විට පුරවැසියන් මේ නාට්‍ය උලෙළ නරඹන්න එන්න ඕන. ඒ වගේ ම ශිෂ්‍යයෝ, නාට්‍ය හා රංග කලා උලෙළ කරන ගුරුවරු, විශ්වවිද්‍යාලවල නාට්‍ය හා රංග කලාව හදාරන විද්‍යාර්ථීන් මේ ජාත්‍යන්තර රංග කලා උලෙළ නරඹන්න එන්න ඕන. තමන්ගේ නාට්‍ය විතරක් හදලා ඒක විතරක් ලෝකයේ මාරයි කියලා හිතන්නේ නැතිව නාට්‍යකරුවන් මේ ජාත්‍යන්තර රංග කලා උලෙළට පැමිණිය යුතුයි. ඒත් එහි එන්නේ නැති පාඩුව සිදු වන්නේ ඔවුන්ටමයි. මේ වනතුරු මට පාඩුවක් සිදු වෙලා නැහැ.
ඒත් කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළක් කරලා ලෝකේ පුරා යනවා කියන චෝදනාව ඔබට, යම් පිරිසක් නැඟිය හැකියි?
ඒ විදියට මම ජාත්‍යන්තර නාට්‍ය උලෙළක් කළා කියලා මට ලෝකයට යන්න බැහැ. වටිනාකමක් සහිත නාට්‍යකරුවකු වීම නිසයි මට ගිය මාසේ කොරියාවට ආරාධනා කරන්නේ. ඒ වගේම ඒ සඳහා අපට වටිනාකමක් තියෙන නිසයි. මේක මේ විදියට දිගටම මට අල්ලගෙන ඉන්න ඕන කමකුත් නැහැ. මම හැමවෙලාවෙම කියන්නේ මේ රටේ තවත් ජාත්‍යන්තර නාට්‍ය උලෙළ කරන්න ඕන. ඒ කරන අයට උදවු කරන්න ඕන. අපේ රටේ තියෙන්නේ පුද්ගල කේන්ද්රවයි වැඩ මනින්නේ. කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ මනින්නේ සෆීර්ගේ නමින්. ඒක බොහොම නරකයි. මේ වගේ කාර්යයන් කවුරුත් කේන්ද්‍රව නොබැලිය යුතුයි.
කවුරු හරි කියනවා නම්, චක්‍ර ලේඛන ඇතුළේ තියෙන කාරණා නිසා මේක කරන්න බැහැ; අපි කැමැතියි සෆීර්ට උදවු කරන්න; ඒත් අපට මේ මූල්‍ය රෙගුලාසි නිසා මේක කරන්න බැහැ කියලා. ඒත් හැබැයි හොරකම් කරන්න ප්‍රශ්නයක් නැහැ නේද? මෙහෙමයි අපට වාර්ෂික අයවැයක් තියෙන්නේ. ඒ වගේ ම “අපට සම්මාන උලෙළ මෙච්චරක් තියෙනවා; ඒවා කරගන්නවත් අපට මුදල් මදි;” කියලා ඔවුන්ට එහෙම කියන්න බැහැ. එක අවුරුද්දක් ඔවුන්ට එහෙම කියන්න පුළුවන් කියමු. ඒත් ඔවුන් දෙවැනි අවුරුද්දෙත් එහෙම කියන්නේ කොහොම ද? ඒ කියන්නේ දෙවැනි අවුරුද්දෙත් ඔවුන් ඒක දාලා නැහැ. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ගිය වසරේ දුන්න සහයෝගයවත් මේ වසරේ දෙන්නේ නැහැ. අන්න ඒ වගේ තැනකයි රජයේ විවිධ අංශවලින් ලැබෙන සහයෝගය තිබෙන්නේ.
මේ ආකාරයෙන් ලෝකයේ ලැබෙන දැනුම හුවමාරු කර ගත හැකි අපූර්ව අවස්ථාවක් විදියටයි කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ නම් කළ හැක්කේ?
මේ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ මා වසර දහයක් කළා. ඒ වගේ ම ඉදිරියටත් මේ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ මට පුළුවන් කාලයක් කරයි. හැබැයි මේ වගේ දේවල් නැතිවුණාට පස්සේ ඩොලර් එකක් හරි නැතිවෙන්නේ රටට. දැනුම නැති වෙන්නේ ඊළඟ පරම්පරාවට. අනාගතයේ නාට්‍ය කරන්න ඉන්න පරම්පරාවට ඉදිරියට එන්න, ලෝක නාට්‍යකරුවන් හඳුන්වා දෙන්න ඕන. අවුල ඒක වෙන්නේ නැති එකයි. මේක රටකට වැදගත් වැඩක්. ඒ වගේ ම අපි ලෝකයත් එක්ක විවෘත විය යුතුයි. ලෝකයේ නිර්මාණකරුවන් මුණ ගැසිය යුතුයි. අපට නාට්‍යකරුවන් හැටියට මහාචාර්ය සරච්චන්ද්‍රයන්, කේ.බී. හේරත් වැනි ප්‍රවීණයන් ලෝකයට ගෙනියන්න බැරි වුණා. මේ රටේ ඔවුන් සාර්ථක වුණාට රටක් විදියට ඔවුන්ව අපි ලෝකයට අරගෙන ගියේ නැහැ. ඒත් අද ලෝකයේ නාට්‍ය උලෙළවලට අපට නාට්‍යකරුවකු ඉදිරිපත් කරන්න අපට බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මොකද පෙත්සම් ගහනවා.
ඇත්තටම මේ වගේ බාලබොළඳ වැඩ කරන්නේ කවුද?
ජාත්‍යන්තර නාට්‍ය ආයතනය වාර්ෂිකව ලෝක නාට්‍ය පණිවිඩය සඳහා නාට්‍යකරුවකු නම් කිරීමට ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ සඳහා අපේ රටෙනුත් කෙනෙකු නම් කිරීමට ඉල්ලීමේ හැකියාව තියෙනවා. ඒත් ඒ මේ වනතුරු එහෙම කරලා නැහැ. මේච්චර ඉතිහාසයකදි ඒක එහෙම වෙලා නැහැ. සමහර ජාත්‍යන්තර වැඩමුළු තියෙනවා ජීවිතේට යන්න පුළුවන් එක්වරයි. ඒ කෙනා ගිහින් ආවට පස්සේ වෙන කෙනෙකු ලංකාවෙන් ඒකට දාන්නේ නැහැ. ඒ තොරතුරු හංගනවා. ඕක ජානමය කුහකකමක්. වරක් මා ජාත්‍යන්තර නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සම්මේලනයට ගියාට පස්සේ ඊළඟ අවුරුද්දට කෙනෙකු නම් කරන්න කිව්වා. මම කෙනෙකු නම් කළා. ඊළඟ අවුරුද්දටත් කෙනෙකු නම් කළා. ඒත් ඒ කිසිම කෙනෙකු පෙරළා ලංකාවට ඇවිත් මට මේ වගේ අවස්ථාවක් ලැබුණා කියලා පත්තරේකටවත් කිව්වේ නැහැ. දැන් ඒ අවස්ථාව තවත් කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් ඇතුළේ අපට ගොඩක් දේවල් නැතිවෙනවා. නැතිනම් ජාත්‍යන්තරට සම්බන්ධ විය හැකි අවස්ථා බොහොමයක් තියෙනවා. ඒත් එහි යන අය ඒක තවත් කෙනෙකුට දෙන්නේ නැහැ. ඒ ගොල්ලෝ හිතන්නේ ඒක ඒ අයගේ බූදලයක් කියලා. මම එහෙම කළේ නැහැ. ඒ නිසයි මට මේ වනවිට බොහෝ නාට්‍යකරුවන් පිරිසක් ජාත්‍යන්තරට යවන්නට හැකි වුණේ.
මේ වගේ කාරණා රැසක් ගැනක කතාබහ කරද්දි කාලය දන්නේ නැතිවම ගෙවිලා ගියා. මොන දේ වුණත් කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ කියන්නේ රටේම අවශ්‍යතාවක්. ඒ අවශ්‍යතාවට මූලික පදනම වැටිලා බොහෝ දුර ඇවිත්. ඒක ඉදිරියේදී තව තවත් සංවර්ධනයට ලක්විය යුතු වැඩක්. ඒ සඳහා වගකිව යුත්තන්ගේ ඇස් ඇරෙනවා නම් එයයි මේ ජාත්‍යන්තර රංග කලා උලෙළක් කිරීමේ එකම අරමුණ වන්නේ. එන්න, ඒ සඳහා ඔබටත් යුතුකමක් තියෙනවා. ඇවිත් ඒ දින කිහිපයේ මේ කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළේ අත්දැකීම් අරගන්න. අපි ඔබට ආරාධනා කරනවා.
දශකාභිෂේක කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල 2024
ප්‍රධාන ආරාධිත
ගී්රසියේ – ඇතැන්ස්හි කලා හා මානව ඉතිහාස දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක, නාට්‍ය අධ්‍යක්ෂක හා පරිවර්තක ආචාර්ය සිසි පපතානාසියු මහත්මිය
ගෞරව අභිනන්දනය –
ජයලත් එස්. ගෝමස් මහතා
*24 වැනිදා – ලව් ඇන්ඩ් ලොක්ඩවුන් – අධ්‍යක්ෂණය. එම්. සෆීර් (සමාරම්භක උළෙල) ජාත්‍යන්තර ඒකපාත්ර නාට්‍ය තරගාවලිය
25 වැනිදා – ‘නිජෙන්ස්කි’ – අධ්‍යක්ෂණය, මලීනා අන්ද්රයෙි – රුමේනියා, ‘අ ස්ටෝරි ෆෝ ඉයුරිඩයිස්’ – අධ්‍යක්ෂණය ලූයිසා ගුවාරෝ – ඉතාලිය
27 වැනිදා – ‘අලා’ – අධ්‍යක්ෂණය, මොහොමඩ් කසෙම්තබාර් – ඉරානය, ‘ගිගොලෝ’ – අධ්‍යක්ෂණය දේවාංග් තේවාරි – ඉන්දියාව
27 වැනිදා – ‘කතබසා’ – අධ්‍යක්ෂණය, ඩොමිනික් සෙල්තක් – පෝලන්තය, ‘මයි මද්ර්ස් ඩයරි’ – අධ්‍යක්ෂණය, අමිතායි කේදාර් – ඊශ්‍රයාලය
28 වැනිදා – ‘සල්මා දීවානි’ – අධ්‍යක්ෂණය, භාගයශී්ර තාර්කේ – ඉන්දියාව, ‘පවුලින්කෝස් වයිෆ්’ – අධයක්ෂණය, ඉවා පීටර් ඩ්‍රැගන් – ක්‍රොඒෂියාව
29 වැනිදා – ‘ආමර් ආමි’ – අධ්‍යක්ෂණය, අෂිම් දාස් – බංගලාදේශය, ‘එම් ටී රශ්මෝ’ – අධක්ෂණය, නෙහෙමියා ලුකට්/තෙරේසා බුෂිස්ටර් – ඇමෙරිකාව
30 වැනිදා – සම්මාන රාත්‍රිය
දකුණු ආසියානු ඒක පත්‍ර නාට්‍යය – Flatform Performance
25 වැනිදා ‘මෙරා මුනියා’ – අධ්‍යක්ෂණය, විදූ කාරේ දාස් – ඉන්දියාව
26 වැනිදා – ‘ඇය නිරුවතින්’ – අධ්‍යක්ෂණය, පීටර් හේමප්රිය බොතේජු – ශී‍්‍ර ලංකාව
27 වැනිදා – ‘අයි වෝන්ට් ෆලයි අ කයිට්’ – අධ්යක්ෂණ,ය නෙහාල් බට්ටාර්ජී – ඉන්දියාව
28 වැනිදා – ‘වවුලා’ – අධ්‍යක්ෂණය, අනුරුද්ධ හීනටිගල – ශී‍්‍ර ලංකාව
29 වැනිදා – ‘ෆොගොටන් ස්ටෝරි’ – අධ්‍යක්ෂණය, සතිශ් කුමාර් – ඉන්දියාව, ‘රිවස් ටේල්’ – අධ්‍යක්ෂණය, ආචාර්ය මිනාල් ජෝති ගෝස්වාමි
සමගාමී නාට්‍ය උළෙල –
ඇසෑම් – ඉන්දියාව
සැප්තැම්බර් 03 – 07
‘ස්වින්ග් ඔෆ් ලව්’ – අධ්‍යක්ෂණය – එම් සෆීර් – ඉන්දියාව – ශී‍්‍ර ලංකාව, ‘ඔෆෙලියා’ – අධ්‍යක්ෂණය, මසූද් තයේබි – ඉරානය, ‘ෆ්ලවර්ස්’ – අධ්‍යක්ෂණය, අන්ක්සුල් තුශ්වින්, ‘ඉන්වික්ශන්’ – අධ්‍යක්ෂණය, සමන්ත සුධීශ්වර – ශී‍්‍ර ලංකාව, ‘ඊක්වල් ෆිලින්’ – අධ්‍යක්ෂණය – නිර්මාණි ප්‍රනාන්දු/ විදුර අබේධීර – ශී‍්‍ර ලංකාව, ‘ඇය නිරුවතින්’ – පීටර් හේමපි‍්‍රය බොතේජු – ශී‍්‍ර ලංකාව, ‘ආමර් ආමි’ – අශීම් දාස් – බංගලාදේශය
රංග කලා වැඩමුළු
අගෝස්තු 25 සිට 29 දක්වා
ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය
කොළඹ නාට්‍ය කතිකාව –
ජාත්‍යන්තර අධ්‍යක්ෂවරුන්ගේ සම්මේලනය
අගෝස්තු 26 සිට 29 දක්වා
ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය