මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින මුහම්මද් ඉල්යාස් මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
පුත්තලම රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වූ ඒ මහතා මියයන විට 78 වැනි වියේ පසු විය.
චන්ද්රිකා බණ්ඩාරණායක රජයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර තිබේ.
මීට දින දෙකකට පෙර හදිසියේ රෝහල්ගත කර ඇති හිටපු මන්ත්රීවරයා ඊයේ (22) රාත්රියේ හෘදයාබාධයකින් මියගිය බවයි පුත්තලම රෝහල් පොලිසිය සඳහන් කළේ.
The post ජනාධිපතිවරණ අපේක්ෂකයකු අභාවප්රාප්ත වෙයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.