රජයේ සේවකයන් වැඩවර්ජනයක යෙදුණු පසුගිය ජූලි 08 සහ 09 දෙදින සේවයට පැමිණි, විධායක සේවයට අයත් නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා මේ මස වැටුපට ගෙවීමට නියමිතව තිබූ රුපියල් දස දහසක ඇගැයීම් දීමනාව නොගෙවන ලෙස මැතිවරණ කොමිසම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර ඇති මෙම කාලසීමාවේදී මෙවැනි අමතර ඇගැයීම් දීමනාවක් ලබා දීම දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමක් විය හැකි බැවින් ඡන්ද විමසීමෙන් පසු එම ඇගැයීම් දීමනාව සහ ප්‍රශංසා සහතික ලබා දීමට කටයුතු කරන මෙන් කොමිසම ලිපියයක් මඟින් අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා යවා තිබේ.
වැඩවර්ජනයට එක් නොවූ විධායක සේවයට අයත් නොවන රාජ්‍ය නිලධාරීන්ට මෙම මස වැටුපට රුපියල් දස දහසක මුදලක් සහ ප්‍රශංසා සහතිකයක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබිණි.
The post වර්ජනය නොකළ අයට ගෙවීමට සිටි 10,000 ඇගයීම් දීමනාව මැකො නවතයි appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.