ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කරන මත විමසුම් සමීක්ෂණ නතර කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අවධානය යොමුකර තිබේ.
ඒ අනුව, මේ සම්බන්ධව මේ සතියේ පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභාවේදී සාකච්ඡා කිරීමට කටයුතු යොදා ඇතැයි එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.
මෙම සමීක්ෂණ හේතුවෙන් ඇතැම් අපේක්ෂකයන්ට අගතියක් සිදුවන බවද සභාපතිවරයා කීවේය.
මෙම මත විමසුම් සිදුකරන්නන් කවුදැයි හඳුනා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ දිනවල අධ්‍යයනයක්ද සිදු කරන බව ඔහු කීවේය.
එම අධ්‍යයනයේ තොරතුරුද ලබාගෙන මෙම මත විමසුම් නතර කළ යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් කොමිෂන් සභාවේදී සාකච්ඡා කරන බවද සභාපතිවරයා පැවසීය.
විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මෙවැනි මත විමසුම් සිදු කරන්නේ නම් ඒවා නතර කිරීම පහසු වූවද, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකරන මත විමසුම් නතර කිරීම පහසු කටයුත්තක් නොවූවත්, ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්රමවේදයක අවශ්‍යතාව පවතින බවද ඔහු පැවසීය.
The post මුහුණු පොතේ ජනාධිපතිවරණ මත විමසුම් නතර කිරීමට අවධානය appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.