ස්විස්ටර්ලන්තයේ සිට නිවාඩුවකට පැමිණි දෙමළ වැසියෙකු වවුනියාව සීන්නඅඩම්පන් ප්රදේශයේ නිවසක් තුළ මරා දමා සිටියදී පොලීසිය මළ සිරුර ඊයේ (26) සවස සොයාගෙන තිබේ.
සෙල්වතුරෙයි විමලනාදන් නැමති 65 හැවිරිදි මෙම පුද්ගලයා නිවාඩුවකට පැමිණ සිටියදී සවස් කාලයේ සාදයක් සදහා ඔහුගේ මිතුරෙකුගේ නිවසකට ආරාධනයක් ලැබී ඇත.
ඔහු එහි ගොස් තවත් කිප දෙනෙකු සමග මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ යම් සිද්ධියක් මත යකඩ පොල්ලකින් ඔහුගේ හිසට පහර දී ඝාතනය කොට ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.
සාදයට ගිය පුද්ගලයා නිවසට නොපැමිණීම නිසා ඒ සම්බන්ධයෙන් කනගරායන්කුලම පොලීසියට ඥාතීන් විසින් කරණ ලද පැමිණිල්ලක් අනුව පොලීසිය සිදු කළ විමර්ශනයකදී මළ සිරුර හමු වී තිබේ.
කනගරායන්කුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
The post ස්විස්ටර්ලන්තයේ සිට නිවාඩුවකට පැමිණි පුද්ගලයෙක් නිවස තුළ මරා දාලා appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.