කාන්තාවකට උපතින්ම අපූරු රුවක් හිමිවෙනවා නම් ඇය ඉතා භාග්‍යසම්පන්නයි.රුව ඇති දියණියක් පවුලකට ආභරණයක්. ඒ රුවැති දියණියට මිහිරි වූ හඬක් උරුම වීම තවත් වාසනාවක්. එවැනි සුන්දර රුවක් මිහිරි හඬක් උරුම කරගත් මේ සුන්දර ලලනාව අද සරසවිය සමඟින් කතාබහට එක්වීම සුවිශේෂී අවස්ථාවක්. පිය උරුමයෙන් කලාව උරුම කරගත් ඇය ජනප්‍රිය ගායිකාවක ලේඛිකාවක සහ ආයුර්වේද වෛද්‍යවරියක වන අභිෂේකා විමලවීරයි.
අභිෂේකාගේ හඬ අපේ දෙසවනට ගෙන දෙන්නේ අමුතුම මිහිරක්. ඒ රුව අපේ දෙනතට ගෙන එන්නේ සුන්දරත්වයක්. ඉතාම නිරහංකාර සරල දිවි පෙවෙතක් ගත කරන ඇය පිළිබඳ, ඇගේ ගායනය පිළිබඳ කතා කළ යුතුමයි. ඇගේ සුරතින් ලියූ ගී පදවැල් ගැන කතා කළ යුතුයි.
අභිෂේකා මේ දිනවල ඉතා කාර්යබහුලයි. ඒ ඇගේ “අභී live in concert” හි වැඩ කටයුතු නිසාය. තව දින කිහිපයකින් එනම් අගෝස්තු 31 දා සවස 6.00ට රත්නපුර ජාතික කෞතුකාගාරයේදී මෙම ප්‍රසංගය පැවැත්වේ. ඇයට ප්‍රිය කරන ඇගේ ගීතවලට ප්‍රිය කරන රසිකයින්ට මෙය අවස්ථාවක් වේවි. විශේෂයෙන් රත්නපුර ප්‍රදේශයේ අවට ජනතාවට.
මේ දිනවල විශේෂයෙන් බොහෝ දෙනා කතා කරන Take care ටෙලි නාට්‍යයේ තේමා ගීතය ඇයගේ පදවැලක්. එපමණක් නොව ආචාර්ය නන්දා මාලිනිය සමඟින් එය ගායනය කරන්නේ අභිෂේකායි. එය අපූරු සිද්ධියකි අභිෂේකාගේ සංගීත ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවයි ඇය සරසවියට පැවසුවේ.
“මට Take care තේමා ගීතය ගායනා කරන්න ලැබෙන්නේ සංගීතඥ ඉන්ද්‍රජිත් මිරිහාන අයිය නිසා. මම සංගීත ප්‍රසංගයක් සඳහා ඔස්ට්‍රේලියාවේ ගිය වෙලාවක තමයි ඉන්ද්‍රජිත් අයියා මුණගැසෙන්නේ. ඒ අවස්ථාවේ තමයි ඉන්ද්‍රජිත් අයියා මට ආරාධනා කරන්නේ නන්දා මාලිනී මහත්මිය සමඟින් මේ ගීතය ගායනා කරන්න. මම දෙපාරක් හිත හිතා හිටියේ නැහැ. ඒ ආරාධනාව භාරගත්තා. ඒක මට සැබෑ වූ හීනයක්.
“අපි පොඩි කාලේ හීන මවනවා ඉර අල්ලන්න, හඳ අල්ලන්න. අඩුම තරමේ තරුවක් හරි අල්ලගන්න. ඒත් ඒ හීන කිසිම දිනෙක සැබෑ කරගන්න බැරි හීන. ආචාර්ය නන්දා මාලනි මහත්මිය සමඟින් ගීතයක් ගායනා කරන්න ලැබෙනවා කියන්නේ ඒක මගේ සංගීත දිවියේ ලැබුණ ලොකුම ජයග්‍රහණය. මට සැබෑ කරගන්න බැරි කියලා හිතාගෙන හිටපු හීනයක් සැබෑ වුණා. ඉර ඇල්ලුවා වගේ මට දැනෙනවා. ඒ තරම්ම සතුටුයි.
ඉතින් මම ලංකාවට ඇවිත් තමයි රෙකෝඩ් කරලා ඉන්ද්‍රජිත් අයියට යැව්වේ. එයා එහිදී සංගීත සංයෝජනය කළා. මම ලියපු ගීතයත් මම ඔහුට යැව්වා. මම කිව්වා ඒ ගීතයේ පද පේළි දෙකක් ඉවත් කරන්න කියලා. ඒත් ඔහු කිව්වෙ අවශ්‍ය නැහැ මේ ගීතය ඒ විදිහටම ගමු කියලා.
සාමාන්‍ය ව්‍යවහාරයේ ඉතා විරල වූ වචන කිහිපයක් Take care තේමා ගීතයේ අඩංගු වී ඇත. සපත්නී රෝෂයක්, දෙපත් රෑන, පිය සමර වගේ වචන. ඒ පිළිබඳ ඇගෙන් විමසීමක් කළ විට ඇය ඉතා හොඳීන් එය පැහැදිලි කළාය.
මම ලියපු ගීතය සරල වචන වලින් පිරුණු එකක් නෙවෙයි. කීපදෙනෙක්ට මම ඕඩියෝ එක අහන්න සැලැස්සුවාමත් ඒ අය කීවේ වචන පොඩ්ඩක් සරල කරන්න කියලා. ඒ අය එහෙම කියන්න හේතුවක් තිබුණා. වර්තමානයේ අපට ඇසෙන බොහෝ ගීතවල වචන හරි සරල නිසා. ඒ හේතුවෙන් එම ගීත ඉක්මනින් ජනප්‍රිය වන නිසා.
මම ඒ මතය බැහැර කළා. මම තීරණය කළා ඒ වචන ඒ විදිහටම තියන්න. මේ පද රචනයේ අඩංගු සපත්නී රෝෂය යනු සමාන භාර්යාවන් අතර ඇතිවන කේන්තියයි. ඒ නිසා හටගන්නා ඊර්ෂ්‍යාවයි. මට මේ වචන ජාතක කතා පොතකින් හමු වූ වචනයක්.
ජඒජද්දන්ත නම් ඇතා පදනම් කරගෙන ඇතින්නියන් දෙදෙනෙකු අතර ඇතිවෙන කතාවක් ගීතයේ බොහෝ තැන්වල ඇතුන් සම්බන්ධ කරගෙන ලියලා තියෙනවා. ඇතැම් ජාතීන් අතර භාර්යාවන් දෙදෙනෙක් තියාගන්න පුළුවන් වුණත් අපේ ජන සමාජයේ එහෙම සිදුවන්නේ නැහැ. සමාන භාර්යාවන් සිටියත් එක්කෙනෙක් දෙවනියා වෙනවාමයි. ඒ කාන්තාව අනියම් බිරිඳ ලෙස හඳුන්වන්නත් පුළුවන්. සම තැන් නැහැ.
සපත්නී රෝෂයක් නෑ
මගේ ලොවේ
පතිනියකගේ සුවඳ
ඔබේ සුවඳ නොවේ
දෙපත් රෑනක් කලේ
සාපයයි රුවේ
උදුරගත් හාදු සුව සිවිලිමේ මැවේ
මෙය ගීතයේ මුල් කොටස මේ ගීතයේ දෙපත් රෑනක් වචනය යෙදී තිබේ. එහෙත් අලි ඇතුන් පිළිබඳ කතා කරන විට අප අසා ඇත්තේ තුන්පත් රෑන ගැන පමණි දෙපත් රෑන යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි අභිෂේකා විස්තර කළ අයුරුයි මේ.
Take care හි තේමා ගීතයේ මෙසේ කියවෙන්නේ මේ තරම් වරදක් කරලත් විශ්වාස
කරලා සහෝදරියක් වගේ හිතලා තමන්ගේ ගේ ඇතුළට ගත්තට පස්සේ මේනකාගේ රුවේ සාපය නැවත තමන්ගේ සැමියාව උදුරගන්න හදන බව අසේනිට හිතුන නිසා.
උඹ දරුවෙක් එක්ක තනිවුන ගැහැනියක්. එහෙම වුණේ, උඹේ වරද නිසා. රුවේ සාපය නිසා. රෑනේ උඹට සහායට කවුරුත් නැත. දෙපත් රෑනක ඉන්නෙත් මව සහ පැටවා පමණයි. ඇතැම් රටවල මතයට අනුව මේ තුන්පත් රෑනේ Elephant trio යන්නට මව මවගේ පළමුරේ ගැහැනු දරුවා සහ දෙවන මුරයේ ගැහැනු හෝ පිරිමි දරුවා ඇතුළත් වන බව. තවත් මතයක් පළ කරනවා. එනම් තනි ඇතින්නියකගේ එක් පැටවෙක් පමණක් සිටින අවස්ථාවල ඒ අම්මගේ දරුවෙක් නොවුන නමුත් ගැහැනු ඇතිනියක් දරුවා රැක බලා ගැනීමට රෑනට සම්බන්ධ වන බව, ඒ අර්ථයෙන් ගත්තත් මේනකාට මව වත් නැහැ. නැවත එය දෙපත් රෑනක්ම වෙනවා.
සපත්තිනී රෝෂයක් නෑ කියා ස්ථිර ද
ගඳ පාන් මලක් වුව සුවඳ බව දන්නවද
තුන්පනේ රෑනකට පිය සමර කුමකටද
හාදු උදුරන්න බෑ දෙන දෙයක් දන්නවද
මෙම පදවැල අමුණා ඇති අන්දම කෙතරම් අපූරු ද ? එහිත් විරලව භාවිතා වන වචනයක් ඇත. “පිය සමර” එය පැහැදිලි කිරීමට අභිෂේකා ඇයගේ හඬ යළිත් අවදි කළාය.
පිය සමර යනු පියා ස්මරණය කිරීමයි. පියා සිහි කිරීම තවත් විදිහකට අර්ථ දක්වනවා නම් ප්‍රිය වූ ස්මරණය Take care… කියලා කියන්නත් පුළුවන්.
මම මගේ මතය කොහොම ඉදිරිපත් කළත් වෙනත් කෙනෙක්ට පුළුවන් තුන්පත් රෑන දෙපත් රෑන ගැන එයාලට දැනෙන විදිහට විග්රහ කරන්න.
Take care තේමා ගීතය ගැන ගොඩක් අය කතා කරන්න පෙලඹිලා තියෙනවා. පාසැල් විශ්වවිද්‍යාලවල මගේ ගීතය උදාහරණයට අරගෙන ලියන්න පටන්ගෙන තියෙනවා.
ඇත්තටම සතුටුයි මට ඒ ගැන සමාජයේ මේ ගීතය ගැන කතාබහක් ඇතිවෙලා තියෙන එක ගැන.
මෙතෙක් වෙලා ඇයගේ සුරතින් ලියවුණු සපත්නී රෝෂයක් ගීතය ගැන කතා බහෙන් පසු ඇගේ වත්මන් කලා කටයුතු ගැන විමසීමේදී අභිෂේකා ඒ පිළිබඳ තොරතුරු පැවසීමට එක්වූවාය.
මේ දිනවල තවත් ගීත කීපයක් ලියලා තියෙන්නේ. විෂුවල් කරන්න සූදානම් වෙන්න ඕනේ.
අභිෂේකා විමලවීර ගායිකාවක්, ගී පද රචිකාවක්, පමණක් නොව ඇය ලේඛිකාවක් ලෙස ප්‍රචලිතය ‘කර්මජ’ නමැති නවකතාව ද ‘වෙල්වට් ප්‍රේමය’ නමින් කවි පොතක්ද ඇය විසින් රචනා කොට එළි දක්වා ඇත.
චිත්‍රපට කිහිපයකටත් ගීත ලියන්න ආරාධනා ලැබිලා තියෙනවා. පසුගිය කාලේ තිරගත වුණ කන්දක් සේමා චිත්‍රපටයේ අවසන් ගීතය මගේ අතින් ලියවුණු ගීතයක්. ඒ ගීතය සංගීතවත් කළේ ගයාත්‍රී කේමදාස මහත්මිය.
අභිෂේකා විමලවීර ගායන ශිල්පිනියගේ ගායන හැකියාව සහ ඒ පිළිබඳ ඇති දැනුමත් නිසා ඇය රියලිටි ගායනා තරගවල නිශ්චය සඳහාද සහභාගී වන්නීය.
රියලිටි වැඩසටහන් වලට එන අලුත් පිරිසගේ ගායන හැකියාව ගැන ඔබ දරණ මතය කුමක්ද?
ඒ වැඩසටහන් වලට එන්නේ විවිධ ශෛලීන්ට ගායනා කළ හැකි දක්ෂතා ඇති තරුණ තරුණියන්. මා වෙත යොමු කරන පිරිස අතරේ ඉන්නවා දක්ෂතා පෙන්නුම් කරන ඉදිරි ගමනක් යන්න පුළුවන් පිරිසක්.
ඔබේ ගායන හැකියාව ගැන වගේම ඔබගේ සුන්දර රුව ගැනත් බොහෝ අය කතා වෙනවා. සමහර අය කියන්නේ අභිෂේකා හැමදාම එක වගේ ලස්සනයි කියලා. කුමක්ද එසේ කියන්නට හේතුව?
හැමදාම එක වගේ ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. කාන්තාවන්ට අවදි තුනක් තියෙනවා. පුංචි කාලේ රූපය නෙමෙයි තරුණ කාලේ. තරුණ කාලයේ රූපය නෙමෙයි අපි වැඩිහිටි වුණාම තියෙන්නේ. මම පාසල් යන කාලේ කෙට්ටු කළු කෙල්ලක්. කෙමෙන් කෙමෙන් තරුණ වියට ආවම පොඩ්ඩක් පාට වැටුණා. ඒ අවුරුදු විස්ස විසි එකේ කාලේ. අවුරුදු 23 දී මම විවාහ වෙනවා. අවුරුදු විසි හතරේදී මට දුව ලැබෙනවා. ඊට පස්සේ හැඩරුව තවත් වෙනස් වෙනවා. ඒක තමයි ස්වභාවය.
රූපවාහිනී තිරයෙන් නිතර මාව පේන කොට ප්‍රේක්ෂකයින්ට දැනෙන්නේ අභිෂේකා හැමදාම එක වගේ කියලා.
ඇය එසේ කීවේ සුපුරුදු සුන්දර සිනහවක් පාමිණි. අභිෂේකා ආයුර්වේද වෛද්‍යවරියක් චර්ම රෝග පිළිබඳව. ඇය තම දැනුමෙන් රූපය පිළිබඳ විස්තර කළ අයුරු කදිමයි.
කොච්චර රූපලාවණ්‍ය ආයතනවලට ගියත් සුදු වෙන ක්‍රීම් ගෑවත් වැඩක් නැහැ අපේ හදවත ලස්සන නැත්නම්. ආයුර්වේදයේ පෙන්වා දෙන පළමු දේ තමයි “වේගදාරණය”.
අනවශ්‍ය වේග තිබුණාම අපිට දරාගන්න අමාරුයි. උදාහරණයක් විදිහට ගත්තොත් කියමනක් තියෙනවා නේ ආදරයයි කැස්සයි හංගන්න බෑ කියලා. කැස්සක් එනකොට හංගගෙන තද කරගෙන ඉන්න බෑ. එහෙම හිටියොත් මරණය පවා සිදුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි දුකක් දැනුණාම. අඬල හරි හිත හදාගන්න ඕන. අපේ මනස සැහැල්ලු වෙන තරමට රූපය ලස්සන වෙනවා. ඊරිසියාව, කුහකකම හිතේ තියාගෙන අනුන්ට අපහාස කරමින්, වෛර කරමින් ජීවත් වුණොත් සුන්දරත්වය අපෙන් පලා යනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම හිතන්න ඕන අනවශ්‍ය වේග වලින් මිදෙන්න. එතකොට ඉබේම අපේ රුවේ සුන්දරත්වය වැඩි වෙනවා.
මෙතෙක් වෙලා කතාබහ ගලා ගියේ අභිෂේකා විමලවීර නම් චරිතය ගැනයි. ඇය හා බද්ධ වූ ඇගේ දියණිය ගැනද වචනයක් හෝ ලිවිය යුතුයි.
මට ඉන්නෙ අවුරුදු දහයක් වයසැති පුංචි දියණියක්. ඇයටත් පුළුවන් මට වගේ සිංදු කියන්න රඟපාන්න. එයා චිත්‍ර විෂයටත් දක්ෂතාවය දක්වනවා. දුවට හොඳට පියානෝවා වාදනය කරන්නත් පුළුවන්. හැබැයි එයා මම වගේම තමයි. ටිකක් ලැජ්ජාශීලී. රෝහණ වීරසිංහ මහත්මයා එතුමාගේ නිර්මාණ නැවතත් අලුත් මුහුණුවරකින් කරන්න සූදානමක් තියෙනව ඒ හා සම්බන්ධ වීඩියෝ එකකටත් මගේ දුවව අරගෙන තියෙනවා.
මෙපමණක් වෙලා ඇය ගැනත් ඇගේ නිර්මාණ කටයුතු ගැනත් රසබර කතා අප හා බෙදා ගත්තාය. අභිෂේකා ඇගේ පියා ගැන කතා කිරීමට පටන් ගත්තෙ පිය සෙනෙහස හදවතෙහි පුරවාගෙනයි.
මගේ ජීවිතයේ ශක්තිය වුණේ මගේ තාත්තා. ඔහුගෙන් උරුම වූ කළ හැකියාව තමයි මට උරුම වුණේ. ඒ ගැන තියෙන්නේ ලොකු ආඩම්බරයක්.
මුලින්ම සඳහන් කළා වගේ මගේ ප්‍රසංගය ගැනත් නැවතත් මතක් කරන්න ඕන. “අභී” ප්‍රසංගය ගැන. මම එතනදි මගේ ආදරණීය පියාවත් සිහිපත් කරනවා. එතුමාට උපහාරයක් විදිහට.
තාත්තා වෙනුවෙන් එතුමා සිහිකරන්නට ප්‍රසංගය පැවැත්වෙනවා. රත්නපුරේ ජාතික කෞතුකාගාරයේදී අගෝස්තු 31 වැනිදා.
ඒ නිසා පොඩි කාර්යබහුල ගතියකුත් තියෙනවා මේ දිනවල.
මගේ තාත්තා හරිම සුන්දර පුද්ගලයෙක් ඒ වගේම නිහතමානී කලාකරුවෙක්.
අභිෂේකා තම පියා සුනිල් විමලවීරයන්ගේ කලා උරුමය දෝතින් තුරුලු කරගත් අපූරු දියණියකි.
“අද මා යම් ස්ථානයක සිටින්නේද ඒ ඔබගේ උත්සාහය ප්‍රතිඵලය මත සිදු වූවකි මා ජීවිතයේ ලැබූ සෑම ජයග්‍රහණයකම පසුපස තිබුණේ ඔබගේ යෝධ සෙවණැල්ලය. සුවිසල් වෘක්ෂයක් මෙන් ඒ සෙවනැලි මාව දිවි ගමනේ ජය කණුව කරා මෙහෙය වූ බව මා පිළිබඳ දන්නා කිසිවකුටත් රහසක් නොවේ.”
මේ සටහන කලකට ඉහතදී අභිෂේකා තම පියා වෙනුවෙන් සරසවිය පුවත්පතේ පළ කර තිබූ ලිපියකින් උපුටා ගන්නා ලද්දකි.
එවන් අගනා ආදරණීය පියෙකු වෙනුවෙන් දියණිය සංවිධානය කරන ප්‍රසංගය සඳහා සරසවිය පාඨකයින් වන ඔබටද ඇය ආරාධනා කර සිටින්නීය.
අභිෂේකා විමලවීර ගායන ශිල්පිනිය සමඟ කෙරුණු කතාබහේ අග භාගයට ආ මොහොතේ සරසවිය පුවත්පත ගැනද වචනයක් කතා කිරීමට මැලි නොවූවාය.
සරසවිය සමග මගේ ජීවිතය පුදුමාකාර විදිහට බැඳීලා තියෙන්නේ. ඉස්සර තාත්තා ඉන්නකොට අපේ ගෙදර සරසවිය පත්තර ගොඩ ගහලා තිබුණා. හැබැයි ඒ හැම එකක්ම පිළිවෙලකට තියලා තිබුණා තිබුණා. තොරතුරක් ඕන වුණොත් කාට හරි සිනමාව ගැන ඒ අවශ්‍ය පත්තරේ හරියටම දෙන්න පුළුවන්කම තාත්තට තිබුණා. මම වුණත් මගේ අධ්‍යාපන කටයුතුවලදී කලාවට සම්බන්ධ තොරතුරු සොයාගන්න ලං කර ගත්තේ සරසවිය. ඒ තරමට සමීපයි මට සරසවිය.
තව විශේෂම දෙයක් තියෙනවා කියන්න තාත්තා සහභාගි වුණ සම්මාන උළෙලවලින් අන්තිමට ගියේ සරසවිය සිනමා සම්මාන උළෙලට. එදා තාත්තා ගියේ මාත් එක්ක. එදා එතුමා සම්මානයට පාත්‍ර වුණා. “සමනල් හැඟුමන්” කියන ගීත රචනාව සඳහා.
තාත්තා නැති වුණේ 2016 දෙසැම්බර් 29 වැනිදා. නැති වෙන්න සතියකට කලින් තමයි සරසවිය සම්මාන උළෙල තිබුණේ. තාත්තා අන්තිමට මා එක්ක ඉඳලා ගත්ත ෆොටෝ එකත් ගත්තේ එදාමයි. ඒක මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ.
එතුමාගේ හිතේ බලාපොරොත්තුවක් තිබුණා මම ගැන. ඒත් ඒක මට ප්‍රසිද්ධ කරන්න බෑ. ඒක රහසක්. පුංචි ඉඟියක් දෙන්න පුළුවන්. ඒක සරසවිය හා සම්බන්ධයි.
අපූරු සිදුවීම් වලින් සමන්විත අභිෂේකාගේ ජීවන ගීතය ද ඇය විසින් පදවැල් ගෙතු ගීයක් වැනිය.
අභිෂේකා සරසවියට සමුදෙන්නට මත්තෙන් නැවතත් ඇයගේ ප්‍රසංගය ගැන මතකය අලුත් කළ යුතුයි. මෙම අගෝස්තු මස 31 දා සවස 6ට “අභී Live in concert” රත්නපුර ජාතික කෞතුකාගාරයේ දී පැවැත්වේ.
මිණි කැටයක් බඳු අභිෂේකා හමුවෙන්න මිණිකැට දිලෙන රත්නපුරේට ඔබත් එන්න.
ඉතාමත් කාර්යබහුල මොහොතක ඉන් බිඳකට මිදී ඇය සරසවිය හා එක්වීම අගය කළ යුතුයි. ඔබේ ප්‍රසංගයේ සියලු කටයුතු සාර්ථක වේවා! සරසවියේ සුභාශිංසන ඔබට !
ආදරණීය අභී… Take care
…