ශ්රී ලංකා නාවික හමුදාව ඩෙල්ෆ් දූපතේ උරිමුනේ වෙරළ තීරයේ සහ කල්පිටිය කුඩාව කලපු තීරයේ පසුගිය දා (28) වන දින සහ ඊයේ (29) සිදු කල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්රෑම් එක්දහස් හැත්තෑ හයකට (1,076) අධික තොගයක් (තෙත බර සහිත) සමඟ ඩිංගි යාත්රා දෙකක් (02) සහ තෙප්පමක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.