ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනා මේ මස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.
පසුගිය ජූලි මස 8 වනදා අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයකදී ක්ල්බ් වසන්ත වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි වෙඩික්කරුවෙකු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ රියදුරා පානදුර කොට්ඨාස අපරාධ ඒකකය මඟින් පසුගිය 28 වනදා අත්අඩංගුවට ගත්තේය.
ඔවුන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු වලට අනුව අදාල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 29 වනදා උදෑසන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබුණි.
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ ය.
The post ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට අධිකරණය දුන් නියෝගය appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.