කොරෝනා වසංගත සමයේ මෙරට පෞද්ගලික අංශයේ රැකියා ලක්ෂ 35ක් තර්ජනයට ලක්වූ අවස්ථාවේ, වෘත්තීය සමිති, හාම්පුතුන්, කම්කරු අමාත්‍යංශය එක්ව ත්‍රෛපාර්ශවික ගිවිසුමක් හරහා එම සියලු රැකියා සුරක්ෂිත කළ ඓතිහාසික ක්‍රියාදාමය ඇතුළත් ‘දෙසරැස’ ප්රකාශනයක් වන, “තිස්පන් ලක්ෂයක රැකියා සුරැකි ත්‍රෛපාර්ශවික එකඟතාවය” පර්යේෂණාත්මක කෘතිය, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මියට සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා වෙත, පොතේ කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයේදී අද (04) පිළිගන්වනු ලැබීය.