” අපෙ අම්මා තමයි එච්.ආර්. ජෝතිපාල මහත්තයාට ගායන ලොවට එන්නට අත දුන්නේ…ඒ කාලෙ ගී තැටි සමාගම් පහකට ගීත ගායනයෙන් වාර්තාවක් තබන්නටත් අපෙ අම්මා සමත් වුණා…”
හෙළ ගීතාවලියේ මුල් අවධියේදී ගීත කෝකිලාව ලෙසින් නමක් තබන්නට සමත් වූ ඕ තොමෝ ගැයූ ගීත සංඛ්‍යාව ද අපමණ ය..ඈ ගැයූ ගීත බොහොමයක් අදටත් ප්රකටය…ඈ දිවියෙහි මුල් කලදී වේදිකා නාට්‍ය නිළියක හා ගායන ශිල්පිනියක වෙමින් පසුකලෙක ගුවන් විදුලියට සේම චිත්‍රපට පසුබිම් ගායනයටද නැතිවම බැරි ගායිකාවක ලෙසින් හරසර සම්මානයෙන් සම්මානිත වූවාය.
මෙවර සරසවිය මවුපිය වරුණ විශේෂාංගය වෙනුවෙන් අප පසුගියදාක ගොඩවැදුණේ ඇයගේ වැඩිමහල් පුතු වන සරත් සන්දනායක මහතාගේ බණ්ඩාරගම.. කිඳෙල්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසටය…මේ අපට හමුවූ රසවතාණෝද ගුවන් විදුලියේ සේම එකල චිත්‍රපට පසුබිම් ගායනයේද ප්‍රකට ගායන ශිල්පියෙකි. තවත් වරෙක හෙතෙම ගේය පද රචකයෙකි.. මේ වනවිට සිය ප්‍රේමනීය බිරිඳ සමඟින් 86 වන වියේහි පසුවන ගායන සිරිතෙන් ඔහු පිදුම් ලද සම්මාන සහතිකද බොහෝය…
තම ආදරණිය මවුතුමිය පිළිබඳව කතාබහ කරන්නට අප ගිය ගමනේදී සරසවියටත් එහි කර්තෘතුමාටත් මටත් මුව නොසෑහෙනසේ ස්තුතිය පිරිනැමූ ඔහුට තම මව්තුමිය සමඟින් ගෙවූ සුන්දරනීය යටගියාවේ මතකය මේ අද ඊයේ මෙනි..
“මට හැමදේම අදටත් හොඳීන් මතකයි…ඕන දෙයක් අහන්නකො”
අපේ ආදරණිය සරත් සන්දනායකයන් බරාඳයට කැඳවා මට පිරිනැමූ සුවපහසු අසුන සමීපයටම වී අසුනකට බර දුන්නේ “අපෙ අම්මා ගැන කතා කරන්නට ඔයා ආපු එක ගැන මට ලොකු සතුටක්.. මගෙ රත්තරන් අම්මා මට දෙවියන් බුදුන් හා සමානයි.”
ඔහුගේ ආදරණිය බිරිඳ කරුණා මහත්මියටද සිය නැන්දනිය පිළිබඳ තතු මැනවින් මතකය…ඇයගේ එමොහොතෙහිද අත තිබූ දිනපොතක අපේ සොඳුරු කතා නායිකා වසන්තා සන්දනායක මහත්මිය පිළිබඳ ලියා තබාගත් සටහන් මා කළ විමසුමකදී පැහැදිලිව කියන්නීය…
“ඔව්.. අපේ මෝනාට මගෙ අම්මා ගැන මතකයි. මොකද අම්මා එක්ක මගෙ මෝනා අතර තිබුනේ පුදුම බැඳීමක්.. දෙන්නාට දෙන්නා හරිම ආදරෙයි..”
අපේ සොඳුරු කතා නායිකාවගේ උප්පැන්නයේ සඳහන් නාමය වන්නේ මුදුන්කොටුව මුණසිංහ ආරච්චිගේ ලීලාවතී පෙරේරාය..බලපිටියේ එම්. එම්. අර්මෝලිස් පෙරේරා සහ එන්. නැනී මෝනා මවුපිය දෙපළගේ දූ පුතුන් සය දෙනකු අතර සිව්වැන්නිය ලෙසින් උපන් අපේ ආදරණිය කතා නායිකාවගේ ලොකු අයියා ධර්මදාස පෙරේරාය..දෙවැන්නිය සීලවතීය..කමලාවතී තෙවැන්නිය වූ අතර ඊළඟට අපේ කතා නායිකාවට පසු සොහොයුරිය චන්ද්‍රාවතීය. පවුලේ බාලයා ධර්මසේනය…
“අපෙ සීයා…ඒ කීවෙ අපෙ අම්මාගෙ තාත්තා ඒ කාලෙ පොලිස් නිලධාරියෙක්..ඒ වගේම රටතොට දන්න දක්ෂ නූර්ති ගායන ශිල්පියෙක්..අනික…සීයාගෙ පරපුරේ ළඟම ඥාතීන් තමයි උතුවන්කන්දේ සරදියෙල් ..එතකොට අමල්..අම්මාගෙ ලොකු අයියාගෙ දුවක් තමයි අපේ සුජාතා පෙරේරා (අත්තනායක ..). මහත්මිය .”
අපේ ආදරණිය සරත් එසේ කියන්නේය..
“අපෙ අම්මා ඉපදිලා තියෙන්නෙ 1917 දි…අවිස්සාවේල්ල යටියන්තොට පැත්තෙ..මුලින්ම ගමේ පාසලට ගිහින් පස්සෙ බොරැල්ල පාසලකට ගිහින් තියෙන්නෙ..අපෙ අම්මා හරිම නීති ගරුකයි. කිවයුත්ත මුහුණටම කියනවා. සැරපරුෂයි. ඒත් ඒ වගේම කරුණාවන්තයි. කතාවත් කෙලින් තමයි..හැබැයි වයසට යද්දි ඒ සැර අහලකවත් තිබුණෙම නැහැ…”
අපේ සරත් සන්දනායකයන් සිය කතාවේදී බිරිඳ දෙසද බලන්නේය.. ඇය තම හිස සලා සිනාමුසු මුහුණින් යුතුව එය අනුමත කරන්නීය.
හදිසියේ මා තුළ පැන නැඟි කාරණයක් මම ඔහුගෙන් විමසූ විට එයට ඔහු කීවේ මේ ටිකය.
“ඔව්..අම්මාගෙ උප්පැන්නයේ ලීලාවතී ගායන ලොව වසන්තා නම ලැබුණෙ මෙහෙමයි..අපෙ අම්මා ටික ටික ජනප්‍රිය වෙද්දී අම්මාගෙ නම තියෙන තවත් ගායිකාවක් වී.පී ලීලාවතී කියල එකල ඉඳල තියෙනවනෙ. ඉතින් ..එකල පරසිදු මාස්ටර් යූ.ඩී. පෙරේරා මහත්තයා අපෙ අම්මාට දාපු නම තමයි වසන්තා කියන නම..ඒ නමින් අම්මා ඉහළටම ආවා..”
පහසුවෙන් සිනා නොවන අපේ සරත් සන්දනායකයන්ගේ දෙතොලෙහි ප්‍රසන්න සිනාවක් මතුව ආයේය.
අපේ වසන්තා සන්දනායක මහත්මියගේ ලොකු අයියා දන්නා අයවලුන් නිවසට පැමිණි කළ වසන්තාගේ ගායන සිරිත ගැන කියමින් පසසන්නේය. ඒ ඔහුගේ හැටිය. ඔහුගේ බිරිඳ ද ගැයුමෙහි රැඟුමෙහි ප්‍රකට ශිල්පිනියක වූ විමලා කාන්තාය.
“ඉතින් අමල් ..ඒ අපෙ ලොකු මාමාගෙ බිරිඳ අපේ ලොකු නැන්දා විමලා කාන්තා අපෙ අම්මාව යූ.ඩී පෙරේරා මාස්ටර්ට හඳුන්වා දී තියෙනවා..එතැන මාස්ටර් මොහොමඩ් ගවුස් මහත්තයාත් ඉඳල තියෙනවා. එතුමා අම්මාගෙ ගායනය ගැන බොහොම පැහැදිලා තියෙනවා. එහෙම තමයි අපෙ අම්මාගෙ ගායන ජිවිතයේ ආරම්භය වුණේ..එදා එච්.එම්.වී තැටි වලට තමා ගීත ගැයුවේ.
ඇයගේ ගී ගායනයට අතිශයින් සිත් පහදවාගත් ගවුස් මාස්ටර් “වසන්තා..ඔයාට හොඳ අනාගතයක් තියෙනවා..ඉදිරියට ම යන්න..”යි කියා ආශීර්වාද කළේය.
“පූජේමි බුද්ධං කුසුමේන නේන…” “මුදු ගතියේනි ප්‍රාණේ නසන්නේ…” එකල ඈ ගැයූ ගීත මහත්සේ ප්‍රකට වූයේය.
“කල්‍යාණි ගංගා රාජිනී..” “දොල ළඟ ගුරු පාර දිගේ ” “නොකියාම එදා” “බලන්න බුදු සාමිනේ” ආදී තවත් ගීත රැසකින් ඕ ඉමහත් ජනාදරයට පාත්‍ර වූවාය.
එච්.එම්.වී .. කොලොම්බියා.. සරස්වතී… ජෙම්ටෝන්.. ආදී තැටි සමාගම් පහකට අනුබද්ධ ගායිකාවක වූ ඇය ඒ තුළින් වාර්තාවක් තබන්නටද සමත් වූවාය.
අපේ ආදරණිය කතා නායිකාව වසන්තා සන්දනායක මහත්මිය කෙතරම් ප්‍රකට වූයේද යත් ඕ තොමෝ එකල ගීත කෝකිලාවිය ලෙසින් ප්‍රකට වූවාය..
දැන් අපේ ගීත කෝකිලාවිය ගුවන් විදුලියේ ගායනයෙන් තවත් පියවරක් ඉදිරියට තබමින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසුණාය.
ඇයගේ ගැයුම් සිරිත චිත්‍රපටයෙන් ඉස්මතු වූයේ “බණ්ඩා නගරයට පැමිණීම” නමැති සිනමා සිත්තමෙනි. එය ඇයගේ පළමුවන චිත්රපටයය. ආර්. මුත්තුසාමි සංගීත මාස්ටර් එහි සහය සංගීත අධ්‍යක්ෂවරයාය. ඇයව ගීත ගායනය සඳහා කැඳවා යන්නට එන්නේ ආර්.මුත්තුසාමි ශූරීන්ය.
“ආලෙන් පැරදී පාරේ දුවලා..” ” අයිසේ මැරිම් හෝඩියරි මාගලියෝ..”” ඕ ඩාලිං ශ්රියාවි මාලනී..නම් යුග ගීතය ප්‍රකට නළු පියදාස ගුණසේකරයන්ගේ සොහොයුරු ජිනදාස ගුණසේකර සමඟින් ගැයූ අතර මේ ගීත මෙතරම් රහට ලියන්නට සමත් වූයේ අපේ හියුගෝ ප්‍රනාන්දු මාස්ටර් අතිනි.
පසුව විමලවීර මාස්ටර් ගේ සරදියෙල් චිත්‍රපටයේ “ප්‍රේමේ සිහිනේ කැඩී ගියා..” ගීතයද ” හැමුවා පෙම් සුළඟ ගංගාවෙන්…” සුනිලා චිත්‍රපටයේ තේමා ගීතය වූ “දෙවියෝ ලෝකේ කෝ..” ගීතයද අපේ කතා නායිකාවගේය.
අප කතාබහේදී තවත් අලුත් තොරතුරක් කීවේ අපේ ආදරණිය සරත් සන්දනායකයන්ය.
“මමත් ගායන ලොවට පිවිසියේ “සුනිලා” චිත්‍රපටයෙන්.. ”
එදා අංක එකේ ගීත කෝකිලාවිය වසන්තා සන්දනායක තුරුණු වියේදී විවාහයට පිවිසුණාය. ඇයගේ ජීවන සහකරු වූයේ කළුතර..කජුගහවත්ත.. විලේගොඩ…දොන් ධර්මපාල සන්දනායක මහතාය..ඒ 1938 දී තරමේය…
අපේ සොඳුරු වසන්තා මහත්මිය දූ දරුවන් සය දෙනකුගේ ප්‍රේමනීය මාතාවක විය. බුදුදහම..ඉතිහාසය ..හා සාහිත්‍යය පිළිබඳව තමන් සතු විසල් දැනුම ලද හැම මොහොතකදී ම තම දරු දැරියනට බෙදා දුන්නාය..
ඇයගේ දූ දරුවන් අතර වැඩිමහල් දරුවා වූ සරත් සන්දනායකයන් දැන් මා හා සුහද සංලාපයේය ..
එම පවුලේ දෙවැන්නී ශ්‍රීමතී ය..ඇයද ගායිකාවකි. තෙවැන්නිය දයා හේමන්තා වන අතර ඇයද ප්‍රකට ගායිකාවකි. ඊළඟට සිසිර ය. සුජාතා සන්දනායක සිව්වැන්නිය වන අතර ගාමිණී පස්වැන්නාය.
“අපෙ අම්මා මටත් ඉස්සෙල්ලා ගැයුවෙ ශ්‍රීමතී නංගි එක්කලයි. පොසොන් දිනේ අපි වඳීමූ “තමයි ඒ ගායනය..”
අපේ ආදරණිය සරත් කියන්නේය.
“අපෙ අම්මා චිත්‍රපටවලට ගැයුවා විතරයි. රඟපෑවෙ නම් නැහැ.. ඒත් අම්මා මුල් කාලෙ නම් ටවර් එකේ නාට්‍යවල රඟපෑවාලු..”
“මහවැලි නදියේ නම් ප්‍රකට ගීතය එදා පටිගත කිරීමේදී එහි එන “තොටියෝ” කොටස පමණක් ගායනයට පැවරුණේ එම වාදය වෘන්දයේ බටනලා වාදකයා වූ අපේ ධර්මදාස වල්පොලයන්ටය…එයට ඔහුගේ කැමැත්තක් නොවූයෙන් ඒ සඳහා කෙනකු අවශ්‍ය විය.
මේ අතරේදී සංගීතඥයකු වන එම්. ආරියදාස මහතාට මඟතොටදී හමුවූ හිතවත් එච්.ආර්. ජෝතිපාලයන් ඔහුගෙන් කළ ඉල්ලීම වූයේ තමන්ටද ගයන්නට අවස්ථාවක් සලසා දෙන ලෙසටය. ආරියදාසයන් අපේ වසන්තා මුණගැසුණේය.
“අක්කෙ..ජෝති කියල හොඳට ගයන්න පුළුවන් කොල්ලෙක් ඉන්නවා. එයාට චාන්ස් එකක් දෙමුද..”
“එහෙම තමයි ජෝතිට අම්මා අවස්ථාව අරන් දුන්නෙ…ජෝතිව අම්මා සරල ගී වැඩසටහන්වලටත් ගත්තානෙ. පස්සෙ සිරිල් පී. අබේරත්නයන් “සුරතලී” චිත්‍රපටයෙ ගයන්නත් ජෝතිව ගත්තා.
මොකද…සඳ පායන නිල්අඹරේ යුග ගීතය ජෝති අම්මා එක්ක ගයද්දී සිරිල් අහගෙන ඉඳල තමයි සුරතලී අවස්ථාව ලැබුණෙ..හැබැයි මට හිතෙන්නෙ ජෝති දක්ෂ ගායකයකු වුණාට එයාට අපෙ අම්මා ව අමතක වුණා කියලයි…”
අපේ වසන්තා මහත්මිය ද මාලිගාවත්තේය. ජෝතිද මාලිගාවත්තේය. දිනක් අපේ කතා නායිකාව එහි මඟක යද්දී ජෝති පිරිසක් සමඟ මධුවිතෙන් සප්පායම් වෙමින් සිටියදී ඇය දුටුවනම දිව අවුත් හිස නමා දෑත එකතුකර ආචාර කොට අවට සිටියවුනට ජෝති කිවේ ” මේ මගේ අම්මා වගේ. මෙතුමිය තමයි මට මුලදී අත දුන්නේ කියාය…
ඔව් අමල් ..ජෝති එදා අපෙ අම්මාව දැකල එහෙම කරල කියල තියෙනවා.. මට මතක හැටියට ජෝති අපෙ අම්මාගෙන් හොඳටම බැනුම් අහල තියෙනවා…”
ආදරණිය සරත් කියන්නේය.
“මම හොඳට ඉගෙන ගත්තා..අම්මා එක්කම තමයි මමත් ඉතින් ..ඒ කාලෙ ගුවන් විදුලියේ වාද්‍ය වෘන්දයක් නැති නිසා පිටින් අරන් යන්නෙ. ඉතින් වියදම අපෙ අම්මා අතින්..පුහුණු වෙන්නෙ ගෙදර..ඒ කාලෙ අපෙ අම්මා ට බජව් සංගීත ආවාම මමත් යනවා. දවසක් අම්මා එක්ක යුග ගී ගයන්න ජෝති ආවෙ නැහැ. ඒ වෙනුවට මාව ගත්තෙ. මමත් ගැයුවා. ජෝති ට හැදූ “අද..අද..එයි මාරයා..” ගීතයත් මට ලැබුණා. “කෝ..එන්න පුතේ…දුවේ” ගීතයත් මම අපෙ අම්මා එක්ක ගැයුවේ. ඇත්තමයි අමල් ..මට ගායනයට අඩිතාලම වැටුනෙත් අපෙ අම්මා නිසයි. ඔයා මේ අපේ ගෙදර ආවෙත් අපෙ අම්මා නිසයි. මම නිසයි. ”
අපේ ආදරණිය වසන්තා කිඳෙල්පිටිය ග්‍රාමයේ පදිංචියට එතරම් කැමැත්ත නැතිවද ඈ වඩාත් ප්‍රිය කළේ මාලිගාවත්තේ ඉන්නටය. එහෙත්..තම ලොකු පුතු සරත්ගේ ආදරණිය බිරිඳ කරුණා සන්දනායක මහත්මිය ගේ ආදරයට වඩාත් ආශක්ත වූ ඕ තොමෝ ඉඩ ලැබෙන හැමවිටකදීම ආවේ කිඳෙල්පිටිය පුතුගේ නිවසටය..
“අම්මාට පිත්තාශයේ ගල් හැදුණානෙ..සැත්කම් කළා. ප්‍රේමදාස මහත්තයා තමයි ඒවාට මැදිහත් වුණේ.. ඒත් ඉන්පස්සේ අම්මා රෝගී තත්ත්වයටම ඇද වැටුණා..”
ඒ ටික කීවේ ආදරණිය සරත්ගේ බිරිඳ කරුණා මහත්මිය ය..
“අපෙ අම්මා ට බැරිකාලෙ මේ මගෙ මෝනා තමයි හැම උපස්ථානයක්ම එයාගෙ අත් දෙකින්ම කළේ. මං කලිනුත් කිව්වෙ අමල්..අපෙ අම්මා මගෙ මෝනා එක්ක තිබුණු ලොකු බැඳීම…”
සරත් සිනාසී කියන්නේය.
මාලිගාවත්තේ නිවසේ තම බාල පුතු සමඟ ඈ හිඳීන්නීය…ඇය දැන් දැන් බලවත්සේ රෝගාතුරවය. ඕ තමන් සතු බැංකු පොත් කිහිපයක්ද අතැතිව අපහසුවෙන් පැමිණ තම ආදරණිය ලේළිය කරුණාගේ දෑත අල්වා ඒවා ඈ අත තැබුවාය. ඒ බැංකු පොත්වල දැන් මුදල් නැති. ලොකු පුතාට මාලිගාවත්ත නිවස දෙන්නට යෝජනා කළද නිහඬ පරිසරය වඩාත් ප්‍රියකල නිසාදෝ අපේ සරත් මාලිගාවත්තේ නිවස ප්‍රතික්ෂේප කළේය. එය තම මල්ලීටම දෙන්නැයි සරත් මවගෙන් ඉල්ලා සිටියේය.
“මගෙ අම්මා මට කුඩාකල සිටම නැති නිසා වෙන්නැති මගෙ මහත්තයාගෙ අම්මා එක්ක එහෙම ලොකු බැඳීමක් තිබුණෙ…මම ආදරයෙන් අම්මාව බලාගත්තා..”
කලාශූරී…කලා භූෂණ ආදී තවත් බොහෝ සම්මාන ආදියෙන් සම්මානිත වූ ඕ තොමෝ පිනට දහමටද වඩාත් ලැදි තැනැත්තියකද වූවාය…
ලාංකේය ගීත කලාවේ එක් යුගයක් ජනප්‍රියත්වයේ ඉහළම තැනෙක පසුවෙමින් කාගේත් ගෞරව ආදරයට බඳුන් වූ අපේ ආදරණිය සොඳුරු කතා නායිකාව වසන්තා සන්දනායක ගීත කෝකිලාව රෝගාතුරවම පසුවෙමින් සිටියදී 2000 වසරේ නොවැම්බර් 24 වනදා කිසිවකුට හෝ නොකියා නොදන්වා…කොහේදෝ රහසේම නික්ම ගියාය..
ඒ වනවිට ඕ තොමෝ වයසින් අවුරුදු 83 වන වියේහි පසුවෙමින් සිටියාය.
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල