පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට තිබේ.
ඒ, ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදමින් සිටින අවස්ථාවේදී, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මතයි.
දෙමළ ජාතික ජනතා සන්ධානය විසින් ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට පසුගිය දිනවල උතුරු – නැගෙනහිර පළාත්හි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිහිපයක් සංවිධාන කර තිබුණි.
ඊට පොලිසියෙන් දැඩි බලපෑම් එල්ල වූ බව, පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
The post පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් අත්අඩංගුවට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.