13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය සමාරම්භය සනිටුහන් කිරීම පෙරේදා පනාගොඩ ශ්‍රී ලංකා යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂජ හා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ සහභාගිත්වයෙන් සිදුවිය.
මෙම ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය 2025 ඔක්තෝබර් මස වන තෙක් පැවැත්වෙන අතර මෙවර තරගාවලිය සඳහා යුද, ගුවන් සහ නාවික හමුදා ක්‍රීඩා ඉසව් 39 ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩාකාවන් 4000 කට අධික පිරිසක් සහභාගිවීමට නියමිතය.
යුද හමුදාපතිවරයා ක්‍රීඩා උලෙළ නිල වශයෙන් ආරම්භ කිරීමේ නිවේදනය නිකුත් කළ අතර, ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනෙක් විසින් ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ ගිනිසිළුව දැල්වීම සිදු කළහ. මෙහිදි සමාරම්භ උලෙළේ සුවිශේෂිම අංගයක් වන ආරක්ෂක සේවා ක්‍රීඩා උලෙළේ නිල සුරතලා වන ‘කේශර’ හඳුන්වාදීම සිදුවිය. ආරක්ෂක සේවා තරගාවලියේ දක්ෂතා දක්වමින් ජාත්‍යන්තර තරග නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතිහාසය පුරාවට තම දේශය වෙනුවෙන් පදක්කම් විශාල ප්‍රමාණයක් දිනා දී ඇත.
The post ආරක්ෂක සේවා ක්‍රීඩා ඇරැඹෙයි appeared first on දිනමිණ.