බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීම සඳහා ක්රියාත්මක සියලුම බලපත්ර කවුළු ලබන 20 වන සිකුරාදා දිනයේ වසා තැබෙන බව පළාත් ප්රධාන ලේකම් කාර්යාලය පවසයි.
ලබන 21වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා නිලධාරීන් මුදා හැරීමට සිදුවන බැවින් මෙම පියවර ගන්නා බව එම කාර්යාලය පැවසීය.
යම් වාහනයකට දඩ අයකිරීමකින් තොරව වාහන ආදායම් බලපත්ර ලබා ගත හැකි අවසාන දිනය බලපත්ර කවුළු වසා තැබෙන 20 වනදා වන්නේ නම් ජනාධිපතිවරණයෙන් පසු එම කවුළු විවෘත කරන පළමු දිනයේ දීම දඩ මුදල් අය කිරීමෙන් තොරව බලපත්ර ගාස්තු ගෙවා වාහන ආදායම් බලපත්රය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බව සඳහන් ය.
එමෙන්ම මාර්ගගත ක්රමය ඔස්සේ ආදායම් බලපත්ර ලබා ගැනීමේ හැකියාව පවතින බව ද බස්නාහිර පළාත් ප්රධාන ලේකම් කාර්යාලය නිවේදනය කර තිබේ.
The post බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.