ලොව වැඩිම ජනප්‍රියත්වයක් ඇති පෘතුගාල පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සියලු සමාජ මාධ්‍ය වේදිකාවල අනුගාමිකයින් බිලියන 1ක් ඉක්මවා ගිය පළමු පුද්ගලයා ලෙස ඉතිහාසගත වෙයි.
සෞවුදි අරාබියේ අල් නසාර් පාපන්දු සමාජයේ වෘත්තීය පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝට ඉන්ස්ටග්‍රෑම්හි අනුගාමිකයන් මිලියන 639ක්, ෆේස්බුක්හි මිලියන 170.5ක් පමණ අනුගාමිකයන් කලින් ට්විටර් වර්තමානයේ ‘එක්ස්‘ හි මිලියන 113ක් හා ඔහු මෑතකදී ආරම්භ කළ යූටියුබ් නාළිකාවේ සතියක් ඇතුළත ග්රාහකයෝ මිලියන 50ක් සිටිති.
“මා කෙරෙහි විශ්වාසය තබා ඔබ ලබා දෙන සහයෝගයට සහ ඔබ මගේ ජීවිතයේ කොටසක් වීම ගැන ඔබට ස්තුතියි. හොඳම දේ තවම පැමිණියේ නැත. අපි ඉදිරියට බොහො අලුත් දේ කරමු. ඒ වගේම ජයග්‍රහණය කරමු. අපි සියලු දෙනා එක්ව ඉතිහාසය ගොඩනඟමු” රොනාල්ඩෝ සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඊයේ පැවැසීය.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ වන විට ආර්ජන්ටිනා පාපන්දු නායක ලයනල් මෙසී සහ බ්‍රසීලයේ නේමාර්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටී.
The post රොනාල්ඩෝ සමාජ මාධ්‍යයේ ඉතිහාසගත වෙයි appeared first on දිනමිණ.