බංග්ලාදේශ දඟ පන්දු යැවීමේ උපදේශක මුෂ්ටාක් අහමඩ් බංග්ලාදේශ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා පළවෙමින් තිබේ. වත්මන් බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එළැඹෙන ඉන්දීය සංචාරයේදී කටයුතු කළද, අනතුරුව ඔහු එම තනතුරෙන් ඉවත්කොට මුෂ්ටාක් අහමඩ් බඳවා ගැනීමේ සූදානමක් හෙළිවෙමින් පවතී.
බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් මහතා විසින් තම ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා නොබෝ දිනකින්ම තනතුරෙන් ඉවත්කරන බව පසුගියදා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් හතුරුසිංහගේ පුහුණුකරු භූමිකාව දැඩි ලෙස විවේචනය කළේය.
නව සභාපතිවරයා සිය පළමු මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ චන්දික හතුරුසිංහ තවදුරටත් බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකළ යුතු බවයි. චන්දික හතුරුසිංහ හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර ඇති ගිවිසුම අනුව ඔහු 2025 චැම්පියන් කුසලාන තරගාවලිය දක්වා කටයුතු කළ යුතු වුවද, සභාපතිවරයාගේ අදහස අනුව ඔහු ඉදිරි දින කිහිපයේදී තනතුරෙන් ඉවත් විය යුතු බවය.
වසර 2017දී හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් පිල අමාරුවේ දමා හදිසියේම පිටත්ව ගොස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වූ බව ක්‍රිකට් සභාපතිවරයා සිහිපත් කළේය.
මුෂ්ටාක් අහමඩ් මෑතකදී සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ, තම දුවගේ විවාහ මංගල්‍ය හේතුවෙන් මාස තුනක නිවාඩුවක් ලබා යළි බංග්ලාදේශ පිලට එක්වන බවය. “මාස තුනට පසු, බංග්ලාදේශ ක්‍රිකට් සමඟ දිගුකාලීන ගිවිසුමක් ඇති කර ගත හැකි යැයි බලාපොරොත්තු වෙනවා. බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු වීමට යෝජනාවක් ලැබුණහොත් ඒ ගැන සලකා බලනවා“ මුෂ්ටාක් අහමඩ් පැවැසීය.
පකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ දී බංග්ලාදේශය ලැබූ ජයග්රහණයෙන් පසු හතුරුසිංහට ඉන්දීය සංචාරයේදී වගකීම පැවරුණත් ඉන් පසුව වෙනසක් විය හැකි බව එරට ක්‍රිකට් ආරංචි මාර්ග පවසා සිටී.
The post හතුරු කපලා මුෂ්ටාක් ගන්න මාන බලලා appeared first on දිනමිණ.