මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 857 දරණ සීග්‍රගාමි කාර්යාල දුම්රිය රාගම සහ හොරපෙ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී පීලී පැනීමකට ලක්වී තිබෙනවා.
ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම අනතුරෙන් දුම්රිය මාර්ගයටද හානි සිදු වී තිබෙන බවයි.
මෙහිදී දුම්රිය මැදිරි රාගම – මහබාගේ මාර්ගයට පතිත වීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙන බව පොලීසිය ප්‍රකාශ කළා.
The post රාගම – හොරපෙ අතර දුම්රිය පීළි පැනීමක් – දුම්රිය ධාවනයටත් බාධා appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.