2024 ජනාධිපතිවරණයට අදාළ සියලු මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද(18) මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් වේ.
ඒ අනුව, අද (18) පවත්වනු ලබන මැතිවරණ ප්රචාරක රැස්වීම් වල දර්ශන/ඡායාරූප හා විස්තර අද රාත්‍රී ප්රවෘත්ති හා ඊට පසු දින රාත්‍රී ප්රවෘත්ති හා හෙට (19) දින උදෑසන ප්රවෘත්ති පත්‍රවල හා එදින දහවල් 12.00 ට ප්රවෘත්ති විකාශ වල පමණක් විකාශය කළ යුතු අතර ඉන් පසුව එම ප්රචාරක රැස්වීම් වල වාර්තා හෝ වෙනත් ප්රචාරක දැන්වීම් ආදී කිසිවක් විකාශය කිරීමෙන් හෝ පළ කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මීට අමතරව රුපවාහිනී නාලිකා හා පුවත්පත් ආයතනවල හා සෙසු සියලුම සමාජ මාධ්‍ය වේදිකා සඳහා ද මෙම නියමය අදාළ වේ.
Leave a comment