මාලදිවයිනේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය සංවිධාන කරන කාන්තා ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ පෙරේදා සමත් වූහ.
තරගාවලියේ තෙවැනි දිනය යටතේ පැවති තරගයේ ශ්‍රී ලංකා පිල හමුවේ මාලදිවයින් පොලිස් ක්‍රීඩා සමාජ පිල වට 3-0කින් පරාජය විය. එහි ලකුණු තත්ත්වය වූයේ 25-12, 25-15 සහ 25-19කි.
කෙසේ වෙතත් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේදී මාලදිවයිනේ වැම්කෝ පිල හමුවේ වට 3-1කින් (20-25, 25-23, 25-15 සහ 25-19) පරාජය වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල දෙවැනි තරගයේදී නේපාල පොලිස් ක්‍රීඩා සමාජය හමුවේ වට 3-0කින් (25-16, 25-20ක් සහ 25-21)ක් ලෙස පරාජය විය.
මේ තරගාවලියේ සිව්වැනි දිනය වූ ඊයේ විවේක දිනයක් වූ අතර, අද (19) පස්වැනි දිනය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පිල ඉන්දුනීසියාවේ වීසී ඩයමිඩ් කණ්ඩායම හමුවීමට නියමිතය. මේ තරගාවලියේ මෙතෙක් සහභාගිවූ සියලු තරග ජය ගනිමින් නේපාල පොලිස් ක්‍රීඩා සමාජය අපරාජිතව පෙරමුණ ගෙන සිටී.
The post ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ මාලදිවයින් පොලිසියට පහර දෙති appeared first on දිනමිණ.