අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතු ව ඇති ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වනු ලබන බවයි.
එම පරීක්ෂණ අවසන් වූ වහා ම මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවට චෝදනා එල්ල වුණි.
ඒ අනුව ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මඩුල්ලේ ද එකඟත්වය ඇතිව අදාළ ප්‍රශ්න 03 ඉවත් කර අවසන් ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව පසුගිය 17 තීරණය කළේය.
එවන් පසුබිමක මව්පියන් පිරිසක් ඊයේ (18) පෙරවරුවේ විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරතවූ අතර එහිදී උද්ගත වූ නොසන්සුන් තත්ත්වය පාලනයට කැරලි මර්දන ඒකකය කැඳවීමටත් බලධාරීන් පියවර ගෙන තිබුණි.
අනතුරුව මව්පියන් හයදෙනෙකුට විභාග කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමිවිය.
පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ නැවතත් 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අවශ්‍යවුවහොත් එය පැවැත්වීමට කටයුතු කරන බවයි.
The post ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විශේෂ තීරණයක් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.