ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පළමු වරට දකුණු අප්‍රිකාව පරාජය කරමින් ඉතිහාසගත ජයක් හිමිකර ගැනීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම පෙරේදා සමත් විය.
සාජාහිදී පැවැත්වෙන දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේදී ඇෆ්ගනිස්තානය මේ ඉතිහාසගත ජය වාර්තා කළේ කඩුලු 6කිනි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල ඕවර 33.3කදී ලකුණු 106කට සීමා කළ ඇෆ්ගනිස්තානය ඕවර 26කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් පමණක් අහිමිකර ගනිමිනි.
ගුල්බඩීන් නයිඩ් නොදැවී ලකුණු 34ක් සහ අස්මතුල්ලාහ් ඔමර්සායි නොදැවී ලකුණු 25ක් රැස් කරමින් ඇෆ්ගන් ජය තහවුරු කළ අතර, පන්දු යැවීමේදී බජොන් ෆොර්ටුන් කඩුලු 2ක් දවාගත්තේය.
වියාන් මුල්ඩර් ලකුණු 52ක් රැස් කරමින් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාවට පිවිසීමට ඇෆ්ගන් පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබිණි. පන්දු යැවීමේදී ෆසල්හක් ෆාරුකි කඩුලු 4ක්, මොහොමඩ් ගසන්ෆර් කඩුලු 3ක් සහ රෂීඩ් ඛාන් කඩුලු 2ක් දවා ගත්හ.
දෙපිල අතර දෙවැනි එක්දින තරගය අද (20) පැවැත්වේ.
The post ඇෆ්ගන්වරු දකුණු අප්‍රිකාව පරදවති appeared first on දිනමිණ.