ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධාන කරන අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේදී වසර 33කට පසුව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කිරීමට ගාල්ල මහින්ද විදුහල සමත් විය.
මේ තරගයෙන් මහින්ද විදුහලට කඩුලු 4ක ජයක් අත්විය.
මහින්ද විදුහලේ ජයග්‍රහණය වෙනුවෙන් සෙනුක දංගමුව ඉනිම දෙකේදී කඩුලු 8ක් දවාලූ අතර, නායක කවීන් රුක්ෂාන් දෙවැනි ඉනිමේදී ලකුණු 29කට කඩුලු 5ක් දවාලීය. තවත් තරග කිහිපයකදී මීගමුව මාරිස්ටෙලා
විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල යන කණ්ඩායම් වත්තල සාන්ත අන්තෝනි විදුහලට සහ අම්බලන්ගොඩ පී.ද එස්. කුලරත්න විදුහලට එරෙහිව ජයග්‍රහණ වාර්තා කළහ.
හසිඳු පෙරේරා (මාරිස්ටෙලා), ශාන් නෝනිස් (ජා – ඇළ ක්‍රිස්තුරාජ), අවිශ්ක නිර්මාල් (ජා – ඇළ ක්‍රිස්තුරාජ), ළිදුල නුවංග (ගාල්ල විද්‍යාලෝක) සහ දසුන් චමෝද් (ගාල්ල විද්‍යාලෝක) යන ක්‍රීඩකයෝ මේ තරගවලදී පිත්තෙන් දස්කම් දක්වමින් ශතක රැස් කළහ.
ගාල්ල මහින්ද විදුහලට කඩුලු 4ක ජයක්
සා. තෝමස් පළමු ඉනිම – 131 (ඕවර 57.5) ඩැරීන් ඩීගෝ 35, ජේඩ්න් අමරවීර 31 (සෙනුක දංගමුව 41/4, අරෝෂ උදයංග 33/3, සදෙව් නෙත්මිණ 25/2 සහ දෙවැනි ඉනිම – 92 (ඕවර 33.4) මිථිල චාල්ස් 33, ජේඩ්න් අමරවීර 23 (කවීන් රුක්ෂාන් 29/5, සෙනුක දංගමුව 40/4)
මහින්ද විදුහල් පළමු ඉනිම – 123 (ඕවර 69.1) රන්දුල මාබරණ 40, සෙහස් ආශිංෂ 21 (අංශේන් ද සිල්වා 26/4, අභීත් පරණවිදාන 20/3, ඒරොන් ද සිල්වා 24/3) සහ දෙවැනි ඉනිම – 101/6 (ඕවර 32.5) සෙහස් ආශිංෂ 27, සෙනුක දංගමුව 23, රන්දුල මාබරණ 21 (අභීත් පරණවිදාන 33/3, ඒරොන් ද සිල්වා 29/2)
මීගමුව මාරිස්ටෙලා විදුහලට ඉනිමක සහ ලකුණු 43ක ජයක්
වත්තල සා. අන්තෝනි පළමු ඉනිම – 130 (ඕවර 71.1) කවිඳු සේනාධි 33, චමෝද් සංදීප 29 (ඕෂධ ගුණසිංහ 32/4, හසිඳු පෙරේරා 28/3) සහ දෙවැනි ඉනිම – 43 (ඕවර 23.4) (ඕෂධ ගුණසිංහ 22/4, නිලේෂ් පෙරේරා 4/3, සදෙව් හස්තික 13/3)
මීගමුව මාරිස්ටෙලා පළමු ඉනිම – 216 (ඕවර 51.2) හසිඳු පෙරේරා 102, කවිත් ද සිල්වා 39, යොහාන් ආලෝක 29, ලෙවින් ප්‍රනාන්දු 21 (කවිඳු සේනාධි 29/3, චමෝද් සංදීප 23/2, ආකාෂ් තේජක 87/2)
ගාල්ල විද්‍යාලෝක විදුහලට ඉනිමක සහ ලකුණු 118ක ජයක්
පී. ද එස්. කුලරත්න පළමු ඉනිම – 138 (ඕවර 38.4) මතීෂ දුලංජන 55, ජනිදු චාමික 23 (දසුන් චමෝද් 32/3, ළිදුල නුවංග 28/2, සෙනිරු නිදුවර 28/2) සහ දෙවැනි ඉනිම – 194 (ඕවර 60.2) ධමික අකලංක නොදැවී 35, ළකිඳු තිහංස 31, සසිඳු කෞෂාන් 24, ලුත්මින් ලෙසත් 22, මතීෂ දුලංජන 22, ජනිදු චාමික 20 (දසුන් චමෝද් 72/4, සෙනිඳු නිදුවර 61/3, ළිදුල නුවංග 38/2)
විද්‍යාලෝක පළමු ඉනිම – 450 (ඕවර 102.3) ළිදුල නුවංග 133, දසුන් චමෝද් 108, නිමේෂ් ආවින්ද 51, ප්‍රගීත් බිම්සර 44, තරුෂ ජයමිත් 30, පසන් මධුසංක 27, සචිත්ය ඉඳුවර 26 (ගිම්හාන් හිමසර 45/3, ජනිදු චාමික 49/3, ඉනුක හිරෝෂිම 111/2)
ජා-ඇළ ක්‍රිස්තුරාජ විදුහලට පළමු ඉනිමේ ජය
ක්‍රිස්තුරාජ පළමු ඉනිම – 304 (ඕවර 57.5) ශාන් නෝනිස් 124, ළහිරු ලක්මාල් 55, ප්‍රමෝද් චාමික 42, රයන් සචින්ත 31, විශ්මිත ආලෝක 20 (සත්සිළු ආබ්‍රෙව් 69/6, දුලින ජයසිංහ 35/2) සහ දෙවැනි ඉනිම – 253 (ඕවර 43.1) අවිෂ්ක නිර්මාල් 105, රයන් සචින්ත 47, ළහිරු ලක්මාල් 43, මෙළුක්ෂ හිරුෂාන් 28 (කවීෂ ලියනාරච්චි 43/5, ලුජිත් ඩේවිඩ් 82/3, ෂෙහාන් බණ්ඩාර 64/2)
මාතලේ සා. තෝමස් පළමු ඉනිම – 263 (ඕවර 77.5) කවිඳු තිසරංග 70, උත්පල රණසිංහ 56, හිමෙත් පණ්ඩිතරත්න 53 (ප්‍රමෝද් චාමික 53/3, ළහිරු ලක්මාල් 58/3, සයුරු ආකාශ් 70/3) සහ දෙවැනි ඉනිම – 50/5 (ඕවර 11) (ළහිරු ලක්මාල් 10/2, මෙළුක්ෂ හිරුෂාන් 17/2)
The post ගාල්ල මහින්ද වසර 33කට පසු ගල්කිස්ස සාන්ත තෝමස් පරදයි appeared first on දිනමිණ.