පිට පිට දෙවැනි වරටත් විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් සිය කණ්ඩායම ජයග්රහණය කරා ගෙන යෑමට හරාරේ බෝල්ට්ස් නායක දසුන් ශානක සමත් විය.
සිම්බාබ්වේහිදී පැවැත්වෙන Zim Afro T10 තරගාවලියේ 11 වැන්න මේ තරගයේදී බුලවායෝ බ්රේව් ජගුවර්ස් පිල දුන් 97ක ඉලක්කය හඹා ගිය හරාරේ පිලට කඩුලු 7ක් ජයක් අත්කර දීමට දසුන් ශානකට හැකි විය.
හරාරේ ඉනිමේදී ළහිරු මිලන්ත (20) සමඟ එක්ව ලකුණු 32ක් එක් කළ දසුන් නොදැවී ලකුණු 47ක් රැස් කළේ පන්දු 18කිනි. ඊට හතරේ පහරක් සහ හයේ පහර 6ක් ඇතුළත් වූ අතර, එහිදී කාලෝර්ස් බ්රැත්වෙයිට් යැවූ 8 වැනි ඕවරයේදී පිට පිට හයේ පහර 4ක් එල්ල කරමින් ජය තහවුරු කිරීමට දසුන්ට හැකි විය. අකිල ධනංජය බුලවායෝ පිලට ක්රීඩා කළ අතර ඔහු කඩුල්ලක් දවා ගත්තේය.
නික් හොබ්සන් ලකුණු 35ක් රැස් කරමින් බුලවායෝ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, පන්දු යැවීමේදී ෂෙහාන් ජයසූරිය කඩුලු 2ක් දසුන් ශානක කඩුල්ලක් දවා ගත්හ.
මේ අතර තරගාවලියේ 12 වැනි තරගයේදී චරිත් අසලංක (12) සහ කුසල් ජනිත් පෙරේරා (0) ක්රීඩා කරන ජෝබර්ග් බංග්ලා ටයිගර්ස් පිල ජය ගත්තේය. 10 වැනි තරගයෙන් තිසර පෙරේරා නායකත්වය දෙන එන්වයිඑස් ලාගොස් පිල ලකුණු 10ක ජයක් හිමි කර ගැනීමට සමත් වූයේ ඩර්බන් වුල්ස් පිලට එරෙහිවය. ලාගෝස් පිල වෙනුවෙන් අවිශ්ක ප්රනාන්දු පන්දු 16කින් ලකුණු 36ක් රැස් කළේය.
The post දසුන්ගෙන් තවත් සුපිරි ප්රහාරයක් appeared first on දිනමිණ.