අසංක සායක්කාර නමැති වේදිකා නාට්‍ය අධ්යක්ෂවරයාගේ නවතම වේදිකා නාට්‍යය වන “කොටු” අද (26) එල්ෆින්ස්ටන්හිදී වේදිකාගත වීමට නියමිතය. “කොටු” වේදිකාගතවීම සහ සායක්කාරගේ නාට්‍ය කලා දිවිය අලළා ඔහු මෙසේ සරසවිය හා සම්මුඛ විය.
ඔබේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන “කොටු”පිළිබඳ පැහැදිලි කළොත්…..? “කොටු” කියන්නේ මම අවසානයට කළ වේදිකා නාට්‍යය. මෙය අවසානයට කළේ 2023දී. 2023 මාර්තුවල කළා “සායාගේ සතිය’ නමින් මගේ නාට්‍ය එකතු කළ උළෙලක්. එය ආරම්භ කළේ “කොටු”වලින්. දින02ක් වේදිකාගත කළා.ඉන්පසු තිබූ අවිවේකය සමඟ “කොටු” පෙන්වන්න බැරිවුණා. මේ නාට්‍ය ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළක් සමඟයි නැවත “කොටු” වේදිකාගත කරන්න තීරණය කළේ. අද (26) “කොටු” පුනරාගමනය අපි අරඹනවා
“කොටු”තුළින් ඔබ කතා කරන තේමාව වත්මන් සමාජයට කොතෙක්දුරට ගෝචරවන්නේ දැයි කීවොත්….?
මේ නම ඇතුළේම ගම්‍යාර්ථ රැසක්ම තිබෙනවා. “කොටු” කිව්වම අපට එක් පැත්තකින් කොටුවීම ගන්න පුළුවන්. කොටු පැනීම වැනි විවිධ අර්ථ තිබෙනවා. මෙහි ගෙනඑන අර්ථය මේ සෑම එකකම එකතුවක් වෙන්න පුළුවන්. මෙහි කියවෙන්නේ මිනිසුන්ගේ මානවීය හැසිරීම් ඇතුළේ ඇති සංකීර්ණතාව සහ පවුල තුළ ඇති සමහර ව්‍යාජයන්, ප්‍රේමය තුළ ඇති ව්‍යාජයන් සහ ලිංගිකත්වය යන කරුණු කෙසේද මානවීය බලපෑම් ඇතිකරන්නේ යන සියලු කරුණු සමඟ කෙරෙන ප්‍රහසනාත්මක කාර්යයන් ලෙසත් “කොටු” හඳුන්වන්න පුළුවන්. බ්ලැක් කොමඩියක් ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්. මගේ මේ ශානරය වෙන්ව තිබෙන්නේ බ්ලැක් කොමඩියට. මෙය නැරඹීමෙන්මයි මේ ගැන සාකච්ඡා කළයුත්තේ. මෙය නරඹන්න, “කොටු” ඇතුළේ ඔබ කොටුවෙන්න පුළුවන්, කොටු පනින්න පුළුවන්. ඔබ මේක ඇතුළේ නියෝජනය වීම යන කරුණු මෙහි අන්තර්ගත වී තිබෙනවා
ඔබේ අනෙකුත් වේදිකා නාට්‍ය සමඟ සැසැඳීමේදී “කොටු” කවර තැනක ස්ථානගත කළ හැකිද ….?
මගේ අනෙක් වේදිකා නාට්‍ය එක්ක සසඳද්දි “කොටු” කියන්නේ තරමක දැවැන්ත වැඩක්. මීට කලින් කළ දිගු නාට්‍ය ගත්තොත් “සංඝදාසගේ චූටිකලිසම” හි ප්‍රධාන චරිත 02යි. අතුරු චරිත 03යි. “කෙළින් මිනිහෙක්” ගත්තොත් එහි චරිත 02යි. එහෙම නළුනිළි පිරිසක් එක්කයි මගේ මෙතෙක් නාට්‍ය වේදිකාගත වුණේ. ඒවගේ “කොටු” ගත්තොත් මෙහි මූලික චරිත 08යි. මගේ නාට්‍යවල තිබූ විශාලම පසුතල නිර්මාණය තිබෙන්නේ මෙහියි. හැමෝටම මෙහි විශාල කාර්යභාරයක් තිබෙනවා. වේදිකා නාට්‍යවල ශබ්ද පරිපාලකට විශාල අවධානයක් යන්නේ නැහැ. රාජ්‍ය නාට්‍ය උළෙලක ශබ්ද පරිපාලකට සම්මානිත ඇගයීමක්වත් නැහැ. “කොටු”නාට්‍යයේ එකී භූමිකාවට විශාල කාර්යභාරයක් තිබෙනවා. තල දෙකක මේ නාට්‍යය Play වෙන්නේ මෙහි මුල සිට අගට ශබ්ද පරිපාලකට වගකීම තිබෙනවා. මෙහි ආරම්භයේ සිට අවසානය තෙක් පසුබිම් සංගීතය තිබෙනවා. එය අඩු වැඩි වෙන තැන්, ඒ උඩ නැවත නැවත Music Play වීම් තිබෙනවා. ආලෝකකරණයේදීත් එහෙමයි…මෙහි Digital ප්‍රොජෙක්ටර් යොදාගන්නවා… නළුනිළියන් පවා කාලය සම්බන්ධ අත්හදාබැලීමක් කර තිබෙනවා . මේක ඉතා දුෂ්කර, වෙහෙසකර කාර්යයක්. ඒවගේම මම කළ නාට්‍ය අතරින් මෙය වෙනස් හැඬයක් තිබෙන වෙහෙසකර අභ්‍යාසයක් ලෙස හඳුන්වන්න පුළුවන්
“කොටු” වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් නේද වේදිකාගත වෙන්නේ…..?
මේ ලේබලය දුන්නේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය. ඒ ලේබලය මොන හේතුවකට දුන්නද මම දන්නේ නැහැ. ඒකේ වැඩිහිටියන්ට පමණක් සීමාවූ දේවල් නැහැ කියලා අපි විශ්වාස කරනවා. මම රැඟුම් පාලක මණ්ඩල තීරණයට එරෙහිවීමට ගියේ නැහැ. අපි විශ්වාස කරනවා අපේ නාට්‍යය බලන්න පොඩිළමයි එන්නේ නැහැ කියලා. තරමක වැඩිහිටියන් තමයි කොහොමත් එන්නේ…ඒ ලේබලය ඇතුළේ මෙහි වැඩිහිටි තේමාව තරමක ගැඹුරකින් කතා කරන්නත් අපට අවස්ථා ලැබුණා කියා සිතනවා..මම සිතනවා මේක සියලු දෙනාට නැරඹිය හැකි නාට්‍යයක් කියා
“කොටු” සඳහා රංගන දායකත්වය ලබාදෙන පිරිස සහ මෙහි පුහුණුවීම් කාලයේ සොඳුරු මතක ගැන කතා කළොත්…..?
සිදුවීම් රැසක්ම තිබෙනවා. කොරෝනා සමයක් තමයි මෙහි පුහුණුවීම් පටන්ගත්තේ. එහෙත් නැවත රට වැසූ නිසා 2023 ජනවාරිවල මෙහි පුහුණුවීම් ආරම්භ කළා. එහිදී කලින් සිටින නළුනිළියන්ගෙන් බොහොමයකට දින ප්‍රශ්න හා විවිධ ප්‍රශ්න නිසා පුහුණුවීම්වලට එන්න බැරිවුණා. ඒ වෙනුවට අලුතින් පස්දෙනෙක් එක්ක වැඩකරගෙන ගියා. මෙහි රංගනයෙන් දමින්ද නන්දරත්න, දිලිප් කුමාර, ජයනාත් බණ්ඩාර, අමා විජේසේකර, කල්හාරි, තිළිණි ජයමාලි, මධුෂාන් නානායක්කාර , චමින්ද බටුකොටුව වැනි පිරිස එක්වෙනවා.
ඔබ කලාවට යොමුවූ ආකාරය පැහැදිලි කළොත් …..?
පාසල් සමයේ තමයි මම කලාවට යොමුවෙන්නේ.නාට්‍ය කරන්න ගත්තේත් පාසලේදී. මම ද්වීතීයික අධ්‍යාපනය ලබන්නේ කොළඹ ආනන්දයෙන්. එහි අපි නාට්‍ය කළා…කෙටිකතා, නවකතා, නාට්‍ය, කවි ලිව්වා. ඒ වැඩ දිගටම Continue වෙනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළ කලා වැඩත් එක්ක…ඒවගේම 2002 ඉඳන් 2011තෙක් පුවත්පත් කලාවේදියෙක් ලෙස මම වැඩකරනවා…ඒ ලංකා ඉරිදා සංග්‍රහයේ.. 2005, 2006 වගේ ටෙලිනාට්‍ය තිර රචනයට යොමුවෙනවා.
ඔබේ නිර්මාණ දිවියේ ඔබ වේදිකාවට විශේෂ නැඹුරුවක් දක්වන බව පේනවා. එයට් විශේෂ හේතුවක් වේද….?
ඒකට හේතුව වේදිකාව තමයි මට මගේ ප්රකාශනය අවංකව කළ හැකි මාධ්‍යය. වේදිකාව තුළ මම කාගෙවත් ප්‍රාග්ධනයකට යටත් නැහැ. ටෙලිනාට්‍යවලදී තවත් ර්ථපධඤභජඥප කෙනෙක් යටතේ වැඩකරන්න වෙන්නේ. නවකතාවක් ලියද්දි ප්‍රකාශකයා ගැන සිතමින් ලියන්න වෙනවා. වේදිකාවේදී ඒ ප්රශ්නය නැහැ. මට ඕන දේ මට ඕන විදිහට කතා කරන්න පුළුවන් නිදහස මම හදාගෙන තියෙනවා. වේදිකාවේදී මුදල කියන දේ ද්විතියික කරගෙන අපේ ප්රකාශනය එළියට දාන්නයි අපි වේදිකාව පාවිච්චි කරන්නේ
කලාවේදී ඔබ ගුරුතත්හිලා සලකන නිර්මාණවේදීන් සහ නිර්මාණ සිහිකළොත්….?
වේදිකාවේ එහෙම ගුරුන්නාන්සේලා කියලා ජාතියක් නැහැ. මම ගුරු-ගෝල සම්බන්ධකම් පිළිගන්න කෙනෙකුත් නෙවේ. මම විධිමත් ලෙස නාට්‍ය හා රංගකලාව කොහේවත් හදාරා නැහැ. ගුරුකුලවලට ගියානම් ඔවුන්ට ඕන විදිහේ නාට්‍ය කලාවක් නිර්මාණය වෙන්න තිබ්බා. ගුරුකුල මත මම යැපෙන්නේ නැති නිසා මට ඕන දෙයක් කිරීමේ නිදහස හා හැකියාව තිබෙනවා.ගුරුකුල නැතිවුණාට අපි ආසක්ත කළ නාට්‍යකරුවන් ඉන්නවා. ඔවුන්ගේ නාට්‍ය බලලා අපට නාට්‍ය කරන්න ආසාව ඇතිවුණා. රාජිත දිසානායක එහෙම කෙනෙක්.ඔහුගේ “වීරයා මැරිලා” ඒවගේ නාට්‍යයක්. ධනංජය කරුණාරත්නත් කිසිසේත් අමතක කරන්න බැහැ. ඔහුගේ නාට්‍ය කලාව (‘ඔබට සාපේක්ෂයි, වැලන්ටයින් ඇවිත්”) බැලුවම දේශපාලනය කියන වචනය කතා නොකර දේශපාලනය කතා කළ විදිහ හා ඒවා සෘජුව කතා කරන ආකාරය ගැන අපට ආසාව ඇතිවුණා. බුද්ධික දමයන්ත වගේ කෙනෙක්ගේ “දවස තාම ගෙවුණේ නැහැ “නාට්‍යය පරිවර්තිත නාට්‍ය ඇතුළේ අදටත් මම ප්‍රිය කරන නාට්‍යයක්. ආචාර්ය මනෝරත්න වගේ අයගේ නාට්‍යවලට ආසවුණත් මගේ ශානරයේ නාට්‍යකරණයට ඒවායින් ලොකු බලපෑමක් වුණේ නැහැ.
අද වේදිකාවේ ක්‍රියාකාරීත්වය ගැන තෘප්තිමත් ද…..?
මගේ ආරම්භයේ සිට අද දක්වා වේදිකාවේ හැඩය මම දැක තිබෙනවා. 1999දී මම පළමු නාට්‍යය කරන්නේ. 2000 සිට බැලුවත් අද තෙක් වේදිකාව දියුණුවීමක් මම දකින්නේ නැහැ. එක රංග ශාලාවක්වත් දියුණු මට්ටමේ නැහැ. ලුම්බිණි වගේ රංග ශාලාවක් වසර 24කට පසුත් එහෙමම තමයි. එල්ෆින්ස්ටන්, ටවර් වගේ ඒවත් එහෙමම තමයි. නාට්‍ය ප්‍රකාශනයන්හි වෙනස්කමක් වෙලා තිබෙනවා. තරුණයෝ නොයෙක් තේමාවල නාට්‍ය කරන්න උත්සාහ ගන්නවා. වෙනත් තැන් ස්පර්ශ කරන්න අරගෙන තිබෙනවා. ඒක හොඳ දෙයක්.කලාවක් ලෙස ඉදිරියට ගියත් කර්මාන්තයක් ලෙස මේක ඉදිරියට යෑමක් දක්නට නැහැ. ප්‍රේක්ෂකාගාරයේ අඩුවැඩිවීම් වෙනවා
වේදිකා රංග ශාලාවල ගුණාත්මක බව ඔබ දකින්නේ කෙසේද …..? ඒවා සංවර්ධනයට යෝජනා එහෙමත් ඔබට ඇති……..?
ගුණාත්මක කිවහැකි යම් රංග ශාලා කොළඹ විතරයි තිබෙන්නේ. “කොටු” නාට්‍යය ගත්තත් එහි පසුතලය පෙන්වන්න පුළුවන් රංග ශාලා ඇත්තේ කිහිපයයි. මේක මගේ වසර 24ක නාට්‍ය දිවිය තුළ කතා කළ ප්‍රශ්නයක්. වගකිවයුතු නිලධාරීන්ට මේ ගැන වුවමනාවක් නැහැ
වේදිකාවට ගොඩවෙන තරුණ පරපුර ගැන ඔබේ දෘෂ්ටිය මොනවගේද …..?
තරුණ පරපුර ඉතා හොඳයි. එයාලා වේදිකාවට එන්න ඕන. ඔවුන්ගේ ආගමනය සමඟයි මේක වෙනස් වෙන්නේ, පවතින්නේ. තරුණයන් විශාල නාට්‍ය ප්‍රමාණයක් කරනවා. ප්රකාශනවල නැවුම් බව රැකෙන්නේ තරුණ ආගමනයත් එක්කයි. ඒ නැවුම් බව සමඟ පෙර පරම්පරාවට පවා නැවුම් වෙන්න සිදුවෙනවා. තරුණ ආගමනය සියලුම කලාවන්ට එන්න ඕන. වේදිකාවේ තරුණ ආගමනය මම ධනාත්මකව දකින්නේ
අසංක සායක්කාර නම් තිර රචකයාගේ භූමිකාවේ ආරම්භය සහ අද එකී භුමිකාව තුළ ඔබ සිටින ස්ථානය ගැන කීවොත් …….?
2005, 2006 කාලයේ මා තුළ සිටින තිර රචකයාගේ ආරම්භය සිදුවන්නේ. “ජීවිතය ලස්සනයි” , ටෙලිනාට්‍යයෙන් එය සිදුවන්නේ. සුසිල නිෂ්පාදනයක් වූ මෙහි අධ්‍යක්ෂණය රවින්ද්‍ර විජේරත්න. එහි තිර රචකයන් පස්දෙනෙක් ඉන්නවා. ඉන් එක් අයෙක් තමයි මම. එදා සිට අද තෙක් තිර රචකයෙක් ලෙස අඛණ්ඩව වැඩකරනවා. එය මගේ ජීවන වෘත්තිය බවට පත්වෙනවා. ඒ තුළත් අපි යම් වෙනසක් කරන්න උත්සාහ කළා…මේ වෙද්දි ටෙලිනාට්‍ය 40ක් 50ක් ලියා තිබෙනවා
ඔබ රංගන වැඩමුළුද පවත්වනවා. එකී කාර්යයේ වපසරිය පැහැදිලි කරනවා නම් …..?
එම වැඩමුළු පවත්වන්න තීරණය ඉතා මෑතකදී. මම ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයෙක් ලෙස වැඩ කරගෙන යද්දිත් ඊටපෙර රචකයෙක් ලෙස වැඩකරද්දිත් දැක්ක දෙයක් තමයි අතිරේක නළුනිළිවරණයේදී අපට බොහෝවිට හම්බවෙන්නේ මූලික නළුවරණයට ගන්න බැරිවුණු පොඩි චරිතවලට ගත්ත එක් එක් වැඩමුළුවලින් එන පිරිසක්. ඔවුන්ගෙන් දැක්ක දෙයක් තමයි රංගනයේ දුර්වලකම වගේම තාක්ෂණික අංශය ගැන දැනුමක් නැතිකම. ඒකෙදී මම හිතුවා ඔවුන්ව හරියට මෙහෙයවගන්න රංගන පාසල් කොතෙක් තිබුණත් ප්‍රායෝගික පුහුණුව එක්ක ලැබෙන රංගන පාසල්වල අඩුවක් තිබෙනවා කියලා. කැමරාවක් ඉදිරියේ සිටගන්න හැටි හරියට පුහුණුවෙලාවත් නැහැ ගොඩක් අය. පුහුණු නළුනිළියන් හදාගැනීම අපට වැදගත්. ඒනිසයි මම තීරණය කළේ දවස් 02-03 වැඩමුළු ලෙස මේක කරමු කියලා. මගේ නිර්මාණවලටත් හොඳ පිරිසක් හදාගැනීමේ අරමුණ මේ තුළ තිබුණා. ප්‍රධාන නළුනිළියන් පවා මේ වැඩමුළුවලට සහභාගි වුණා….ඉතා සාර්ථක වැඩමුළු අපි කළා…මෙහි දෙවැනි අදියර මේ මස අග පටන්ගන්නවා. මේක දිස්ත්‍රික් මට්ටමින් කරන්න කියලත් යෝජනා ආවා.මාතරදී ඔක්තෝබර් මාසයේදීත් නොවැම්බර්වලදී නුවර, කුරුණෑගල වැඩමුළුවක් තියන්න බලාපොරොත්තු වෙනවා
තිර රචනයක් ලියද්දි ඔබ රංගන ශිල්පීන් සිතේ මවාගෙනද ලියන්නේ……?
ඔබේ තිර රචනයෙන් කෙරෙන නිර්මාණයක නළුනිළිවරණයට ඔබේ දායකත්වය මොන වගේද …?
අනිවාර්යයෙන් මගේ ඔළුවට නළුනිළියන් මැවෙනවා. ඕනෑම රචකයකුට ඒ දේ වෙන්න පුළුවන්. එහිදී අපට අධ්යක්ෂවරයාට යෝජනාවක් කරන්න පුළුවන් අහවලාව ඔළුවේ තියාගෙන ලිව්වේ එයාව ගන්න පුළුවන් ද කියලා. එහිදී ප්‍රයෝගික ප්‍රශ්න සමඟ ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න බැරිවෙන අවස්ථාත් තිබෙනවා. එහිදී අපි එකඟ නොවෙන නළුනිළියන් තෝරාගත් අවස්ථාත් තිබෙනවා. අපට ඒකට විශාල බලපෑමක් කරන්න හැකියාවක් නැහැ. මොකද ඒක අපේ පාලනයේ නෙවෙයිනේ තිබෙන්නේ නිෂ්පාදක, අධ්යක්ෂ යටතේනේ තිබෙන්නේ. එහෙත් අපට යෝජනාවක් කරන්න පුළුවන්
නවකතාවක් ආශ්රයෙන් ලියන තිර රචනයකදී තිර රචක ලෙස ඔබේ පරිකල්පනයට ලබාදෙන ඉඩප්‍රමාණය ගැන පැහැදිලි කළොත් ….?
නවකතාවකින් ටෙලිනාට්‍ය තිර රචනා මම ලියා තියෙන්නේ දෙකයි. ඒ දෙකම තවම විකාශය වුණේ නැහැ. මම ලියූ නවකතාවකින් මමම තිර රචනයක් කළා “ජේලර්” නමින්.එතැනදී නවකතාකරු හා තිර රචක මමම නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. “වීනස්ගේ උපත” නාට්‍යය අපි කළේ එම නමින්ම වූ නවකතාවෙන්. නවකතාවක් සහ ටෙලිනාට්‍ය, චිත්‍රපට කියන්නේ මාධ්‍ය දෙකක්. එහිදී නවකතාව ගෙඩිය පිටින්ම අපට ගේන්න බැරිවේවි. නවකතාවේ සාරය සහ එහි චරිත, සිදුවීම් එම නවකතාවේ තිබෙන ප්‍රමාණයට වඩා දිගහැරෙන්න සිදුවෙනවා. සමහර අලුත් සිදුවීම් නිර්මාණය කරන්නත් වෙනවා.. “නිධානය” වගේ චිත්‍රපටයක් ගත්තොත් ජී.බී. සේනානායකගේ කෙටිකතාවකින් එය නිර්මාණය වෙන්නේ. එම කෙටිකතාවෙන් ඔහු විදාරණය කරගත් දේවල් තිබෙනවා. පරිකල්පනය කියන දේ හුදෙක් වෙනස්. “ගම්පෙරළිය” ගත්තොත් එහි ජිනදාස චරිතයට ආචාර්ය ලෙස්ටර් යොදාගන්නේ ගාමිණී ෆොන්සේකාව..මාර්ටින් වික්‍රමසිංහ මුලින්ම ඒකට එරෙහි වුණා. චිත්‍රපටය නැරඹූ පසු මාර්ටින් වික්‍රමසිංහයන් තමන්ගේ ආස්ථානය වෙනස් කරගන්නවා..නවකතාව එක් අර්ථකථනයක්. එයින් චිත්‍රපටයක්, ටෙලිනාට්‍යයක් නිර්මාණය කරද්දී එය වෙනත් අර්ථකථනයක්. අපට පරිකල්පනය කරමින් දේවල් ගොඩනඟන්න පුළුවන් නවකතාවේ සාරයට, චරිතවලට හානියක් නොවෙන්න .
ටෙලිනාට්‍ය තිර රචනා කාර්යයේදී අධ්යක්ෂවරයා සමඟ ඔබේ ගනුදෙනුව කවරාකාරද …..?
අධ්යක්ෂවරයා එක්ක යහපත් ගනුදෙනුවක් තිබිය යුතුයි. එහෙම නැත්නම් ලියන දේ නිසියාකාරව වෙන්නේ නැහැ. අපි කියන්න හදන දේ ගැන අධ්යක්ෂවරයා සමඟ සංවාදයක් අවශ්‍යයි. දැන් සිද්ධවෙන්නේ නැත්තේත් ඒකයි. පිටපතත් අධ්යක්ෂවරයා කියවා තිබිය යුතුයි. අධ්යක්ෂ ගොඩනඟන රූපරාමු සහ සංස්කරණයෙන් පසු එන රූප පිළිබඳ අපට අධ්යක්ෂවරයාත් එක්ක සංවාදයක් තිබිය යුතුයි. අවාසනාවකට ටෙලිනාට්‍ය තුළනම් අධ්යක්ෂ සහ තිර රචක අතර පෑහීමක් දක්නට ලැබෙනවා අඩුයි
සිනමා තිර රචනයට යොමුවූයේ නැද්ද…..?
සිනමා තිර රචනා කිහිපයක් සිදුකළා…ඒවා තවම නිෂ්පාදනය වී නැහැ
අසංක සායක්කාර නමැති ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයාගේ භූමිකාව හඳුන්වා දුන්නොත් …..?
“සික්ස් පැක්” තමයි මගේ පළමු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය. අධ්යක්ෂවරයෙක් වෙන්න ලොකු වුවමනාවක් තිබුණේ නැහැ. 2020දී වගේ තමයි අධ්යක්ෂණයට එන්න ඕන කියා සිතුවේ. ඒකට හේතුවක් වුණේ දිගින්දිගටම අපි ලියන දේවල් හරියට කෙරෙන්නේ නැති එකයි. අපි කියන දේ නෙවෙයි එළියට එන්නේ. පිටපතට ලබාදෙන වටිනාකම අධ්යක්ෂවරුන් අතින් නොකෙරෙන නිසා මට සිතුණා අධ්යක්ෂණ කාර්යය අපට කරන්න බැරිද කියලා. “පුෂ්පරාග”නමින් පිටපතක් සකසා සියලුම දේට සූදානම් වුණා. කොරෝනා නිසා එය කරගත නොහැකි වුණා. ඒක නොකිරීම නිසයි “සික්ස් පැක්” අධ්‍යක්ෂණය කෙරෙන්නේ. එහි සීසන් 02ක් අවසන් වුණා. සීසන් 03හි රූගතකිරීමුත් කළා. “උඩ තට්ටුව” නමින් කොටස් 20ක විතර ටෙලිනාට්‍යයක් කළා. “සින්ටෝ” නමින් ටෙලිනාට්‍යයකුත් කළා. ඒකත් හෙට අනිද්දා විකාශය වේවි.තව වැඩක් සැලසුම් කරමින් සිටිනවා
මෙරට සිනමා-ටෙලිනාට්‍ය-වේදිකා සම්මාන උළෙලයන් ගැන ඔබේ තක්සේරුව දැනගන්න කැමැතියි…..?
සම්මාන උළෙලයන් ගැන මට තියෙන්නේ වෙනස් අදහසක්. වේදිකා නාට්‍ය සම්මාන උළෙල ගැන මට පැහැදීමක් නැහැ. රාජ්‍ය නාට්‍ය උළෙලේ මටනම් තිබෙන්නේ වටිනාකම් 03යි. එකක් අවසන් වටයට තේරෙන නාට්‍යයක් බලන්න ප්‍රේක්ෂකාගාරයක් හැදෙනවා. ඒක හොඳයි. දෙවැන්න මේ නාට්‍යවලට සම්මානයක් ලැබීමේදී ඒ සම්මානය සමඟ අදාළ ශිල්පීන්ට යම් මුදලක් ලැබීම. ඒක හොඳයි. තුන්වැන්න මේ නාට්‍යවලට සම්මාන ලැබුණොත් එය එකී නාට්‍යයේ ප්‍රචාරණය සඳහා එය වැදගත් වෙනවා. ඒ හැර රාජ්‍ය නාට්‍ය උළෙලකින් හෝ වෙනත් නාට්‍ය උළෙලකින් හෝ වැදගත්කමක් නැහැ නාට්‍යකරුවන්ටත් නාට්‍ය කලාවටත්. සිනමා සම්මාන උළෙලටත් ඒ කතාව අදාළයි. ලොකු වෙනසක් නැහැ. ටෙලි සම්මාන උළෙලවලදී ලැබෙන මුදල තරමක් වැඩියි…එච්චරයි. සම්මාන උළෙලවල ප්රමිතීන් ගැන වධවෙන්න අවශ්‍ය නැහැ. ඒවා තීරණය කරන්නේ නැවත මිනිස්සුමයි…..සම්මාන උළෙලවලට යනවානම් එහි ප්‍රතිඵල විඳගන්න බලාගෙන යන්න ඕනේ. සම්මාන උළෙලයන් ගැන මට මහා ප්‍රසාදයක් නැහැ. පතෝල වගේ හැඟීමක් තිබෙන්නේ
වර්තමානයේ මෙරට සිනමාව ගැන ඔබේ දෘෂ්ටිය කොයිවගේද …..?
මේ මොහොතේ සිනමාව හොඳයි. කර්මාන්තයක් ලෙස සිනමාව අද වෙනත් ප්රවේශයකින් තිබෙන්නේ. 1960-70 දශකයේ හොඳ සිනමාවක් තිබුණා කියනවානේ. ඒත් පසුකාලීනවත් සිනමාව වැටුණා කිව්වත් තවමත් සිනමාව පවතිනවානේ. ඒක හොඳයි. මාර පාඩු ලබනවා නම් සිනමා නිර්මාණ මෙහෙම හැදෙන්නේත් නැහැනේ. සිනමාව තුළ තිබෙනවා ලාභ ඉපයීමේ යම් විධික්රම. සිනමාකරුවන් පවා අද වෙනස් වෙනස් මානයන් කරා යනවා. තරුණයන්ගේ ආගමනය එක්ක බිහිවූ චිත්‍රපට රැසක් තිබෙනවා තවම තිරගත නොවූ. ඒවාත් තිරගත වුණාම සිනමාවේ ප්‍රකාශන විධි, රූප භාවිත කරන ආකාරය, රංගනයන් ගැන වෙනවෙන මානයන් අපට බලන්න පුළුවන්. හොලිවුඩ්, බොලිවුඩ් සිනමාවක් අපේ රටේ බිහිවෙන එකක් නැහැ. ඒත් දැන් මේ යන දහරාවේ සිනමාව ඉදිරියට යෑම නරක නැහැ
ලාංකේය වේදිකාව අන්තර්ජාතික තලයේ ඇගයීම සම්බන්ධව සතුටු විය හැකිද…….?
වසරකට නාට්‍යයක් දෙකක් විදෙස්ගත වෙනවා හැර අන්තර්ජාතික තලයක් ගැන වේදිකාවේ අපට කතා කරන්න බැහැ. ඊට අමතරව විදෙස් නාට්‍ය උළෙලවලට නාට්‍ය රැගෙන යනවා. ඒවා ඉතා අතළොස්සක් සම්මාන දිනනවා. මෙතැන අපට ඇරිලා නැති දොරටුවක් වගේ තමයි තිබෙන්නේ
මෙතෙක් ස්පර්ශ කළ කලාව කැටිකර ගනිමින් ග්රන්ථයක් සම්පාදනයට අදහසක් නැද්ද …..?
මම ග්රන්ථ කිහිපයක් ලිව්වා. ඒවා නාට්‍යකරණයට සම්බන්ධ ඒවා නෙවෙයි. “වසරේ හොඳම කෙටිකතාව ” නමින් කෙටිකතා පොතක් ලිව්වා. ඒවගේම මම ආසක්ත වූ විෂයයක් තමයි චරිතාපදාන. චරිතාපදාන ත්‍රිත්වයක් ලියා තිබෙනවා. ලෙස්ටර්, කේමදස සහ ප්‍රින්ස් ගුණසේකර යන චරිතාපදාන තුන ලියා තිබෙනවා ඊට අමතරව “ඇඩ්මින්ගේ කතා හෙවත් නූතන ජාතක කතා” නමින් කෘතියක් කළා. ඒවගේම මගේ නිර්මාණයක් වූ “සංඝදාසගේ චූටි කලිසම” වේදිකා නාට්‍ය පිටපත මුද්‍රණය වී තිබෙනවා. තවත් කෘති කිහිපයක් ලිවීමට ඔළුවේ අදහසක් තිබෙනවා.