ජාතියේ ටෙලි නාට්‍ය සන්නාමය ප්‍රමිතිගත නිර්මාණකරණයෙන් නිරන්තරයෙන් සමාජගත කිරීමේ ගෞරවය දිනා සිටි ජාතික රූපවාහිනිය. එම ගෞරවාන්විත විශිෂ්ටත්වයෙන් මෑත භාගයේ සමුගෙනගොස් පේ්රක්ෂකයන්ගේ ගුණාත්මක ටෙලි නාට්‍ය නිර්මාණයන්ගෙන් ඈත්ව ගියේ ගුණාත්මක ටෙලි නාට්‍ය කලාවක් රසවිඳි පේ්රක්ෂකයන් අතරමන් කරමිනි. ආයතනගත විවිධ හේතු සාධකයන් සේම රට තුළ ඇති වු මුල්‍ය අර්බුදය හමුවේ ගුණාත්මක ටෙලිනාට්‍ය නිර්මාණයෙන් ඈත් වූ රූපවාහිනිය යළිත් ගුණාත්මක ටෙලි නාට්‍ය රසාස්වාදය පේ්රක්ෂකයාට තිළිණ කරමින් යළිත් සුපුරුදු ගුණාත්මක ටෙලි නාට්‍ය කලාව පේ්රක්ෂකයා වෙත සමීප කරන්නට යළිත් ගමනක් අරභා ඇත. එහි මංගල පියවර වශයෙන් ඉතා දිගු නිහඩ තාවයකින් පසු යළිත් සෑම සඳුදා දිනක සිට බ්‍රහස්පතින්දා දින දක්වා රාත්‍රී 8.30ට පේ්රක්ෂක නෙතට නවමු ටෙලි නිර්මාණයකින් පෙර රසාස්වාදය රැගෙන පැමිණ ඇත.
වෛ වර්ණ හීන ඇහිදින කළු සුදු මිනිසුන්ගේ කතාවක් තේමාකොට හා පුරා රැගෙන එන්නේ ෆ්ලැට් නොවන ෆ්ලැට් ටෙලි නිර්මාණයයි. මේ දිනවල පේ්රක්ෂක ප්‍රතිචාර ලබමින් ජාතික රූපවාහිනියේ දිග හැරෙන මෙම ටෙලි නාට්‍යයේ නිර්මාණකරුවා වනුයේ මාවෝ ලක්ෂිත කරුණාරත්නය. රූපවාහිනි සංස්ථාවේ වැඩ සටහන් නිෂ්පාදකයකු ලෙස කටයුතු කරන මාවෝ ලක්ෂිත දිගුකලකට පසු රැගෙන එන තම නවතම ටෙලි නිර්මාණය ගැන එහි අධ්යක්ෂවරයා ලෙසින් සරසවිය හා කතාබහට එක්වෙමින්.
ඔබගේ අධ්‍යක්ෂණයෙන් මේ දිනවල පුංචි තිරයේ විකාශය වන ෆ්ලැට් නොවන ෆ්ලැට් ටෙලි නිර්මාණය සඳහා ලැබෙන ප්‍රතිචාර කොයි වගේද?
ධනාත්මක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒක සුබ ලකුණක්. අපේ ජාතික රූපවාහිනිය දැනට වසර පහක පමණ කාලයක ඉඳලා ටෙලි නාට්‍ය නිිෂ්පාදනයෙන් ඈත්වෙලා හිටියා. මේ අකර්මණ්‍ය වූ ටෙලි නාට්‍ය නිර්මාණකරණය අපේ ආයතනයට සෘජු බලපෑමක් එල්ල කළා. ආයතනයේ යම් යම් ගැටලු කාරීතත්ත්ව තුළ විකාශය වූ ටෙලි නාට්‍ය නැවත විකාශය කරන්න පටන් ගත්තා. ඒ ඛේදනීය තත්ත්වය තුළ අපේ පේ්රක්ෂකයෝ ජාතික රූපවාහිනියෙන් ඈත් වුණා. කොටින්ම කිව්ිවොත් ඔවුන් ජාතික රූපවාහිනියේ සුයිච් එක දැම්මේ නෑ.
මාවෝ කියන්නේ ප්‍රේක්ෂකයා ජාතික රූපවාහිනියෙන් ගිලිහිලා ගියා කියලා ද? මම කිව්වොත් ජාතික රූපවාහිනිය පේ්රක්ෂකයාව ඔවුන්ගෙන් ගිලිහිලා යන තැනට වැඩ සිද්ධ කළා කියලා?
ඒකට මටත් කියන්න තියෙන්නේ ඔව් කියලා. මිසක් නෑ කියන්න නොවෙයි. අපේ ආයතනයේ පාලකයන් ගත්ත වැරැදි තීන්දු තීරණ නිසා ඔවුන්ම තමයි අපේ ප්‍රේක්ෂකයෝ අපෙන් ගිලිහිලා යන තැනට වැඩ කළේ.
ප්‍රේක්ෂකයෝ තුළින්ම චෝදනා ඔබලටත් එන්නඇති?
ආවා….. දැනටමත් අපිට ඒවා එනවා. මම මේ ටෙලි නාට්‍ය රූපගත කිරීම් කරන ඇන්ඩර්සන් ෆැලැට්වල ඉන්න මිනිස්සුම කියනවා අපිට හොඳ ටෙලි නාට්‍යයක් බලන්න තිබුණ එකම චැනල් එකත් අපිට නැති කළා. අපේ දරුවකුට වුණත් හොඳ ටෙලි නාට්‍යයක් රසවිඳින්න තිබුණෙ රූපවාහිනිය අන්තිමට ඒ තැනත් නැති කළා කියල ඔය කතාව තමයි රටේ කොහේ ගියත් කියන්නේ අමුතුවෙන් රිසච් ඕිනෙ නෑ ඔය කතාව රටේ හැම තැනටම පොදුයි.
දිගු නිහඬතාවයකින් පස්සේ නැවත පේ්රක්ෂකයෝ ඔබේ නාළිකාවට අද්දවාගැනීම පහසුවෙයි කියල හිතනවාද?
මිනිස්සුන්ට සුවිච් කරල අපිව බලන්න කියල බල කරල කිව්වටම බෑ. ඔවුන්ටත් හිතෙන්න ඕනේ දිගු කාලයක් අපෙන් දෙයක් ඔවුන්ට නොලැබීම තුළ අද වෙනකොටත් ඔවුන් අපිව අතහැරගොසින් ඒගිය අය නැවත අපි ළඟට ගේන එකත් අභියෝගයක් මේ ෆ්ලැට් නොවන ෆ්ලැට් ඒ අභියෝගයට හොඳ උත්තේජනයක්. මම කියන්නෑ මේ ටෙලි නාට්‍ය විකාශය වුණා කියල එකපාරටම අපේ මුල් පේ්රක්ෂක සංඛ්‍යාවම මෙයට ලෙන්ගතු වෙයි කියල. නමුත් අපේ ලොකු විශ්වාසක් තියනවා මේ කෙටි කාලයක් තුළ මේ ටෙලි නාට්‍යයට ලැබුණු ප්‍රතිචාරත් එක්ක අපේ උත්සාහය සුබයි කියලා.
ජාතික රූපවාහනියෙන් පේ්රක්ෂකයා ඈත් වුණා. නොවෙයි ඈත් කළා කිව්වොත්?
කවුරු මොනවා ඇස් පියාගෙන කිව්වත් යථාර්ථය අයත් වුණා නොවෙයි ඈත් කළා. බේකරියක් නැතුව පාන් පුච්චන්න බෑනේ. පාලකයෝ දුරදර්ශීව නොබලපු එකේ ඛේදවාචකය තමයි ආයතනයත් කඩා වැටිල අපේ පේ්රක්ෂකාගරයත් අපිව අතහැරල ගියේ ප්‍රෝග්‍රෑම් නවත්වල රිපීඩ් ගහල චැනල් එකක් ගෙනියන්න බෑ. ලාභ පාඩු ගැන තීරණය තියෙන්නේ මාකටින් පැත්තේ.
ෆ්ලැට් නොවන ෆ්ලැට් ඔබ තෝරාගත්තේ?
අපි ඔය නිහඬ කාලය තුළ මැනේජ්මන්ට් එකත් එක්ක නිහඬ උත්සාහයක් ගත්තා. යම් කලාත්මක වැඩක් කරන්න එක එක කන්සෙප්ට් අපි ගෙනාවා. මම විතරක් නොවෙයි අපේ ආයතනයේ නිෂ්පාදකයෝ ඔවුන්ගේ අත්දැකීම් මත නොයෙක් යෝජනා ඉදිරිපත් කළා. යමක් කරන්න අනුර පේ‍්‍රමරත්න, නලින් මාපිටිය, රංග බණ්ඩාරනායක, විජිත මංජුල වගේ කට්ටියක් වරින් වර උත්සාහයක් ගත්තා. වැටුණු තැනින් නැගිටින්න දෙයක් කරන්න. ඒත් කාටවත් ඒ ගත්ත උත්සාහය ජය ගන්න බැරි වුණා. යන වියදම නැවත හොයා ගැනීමේ ගැටලුව තුළ සමහර අවස්ථාවල රිපීඩ් ගහන අතරේ එළියෙන් ටෙලි නාට්‍ය අරන් විකාශය කළා. නමුත් රේටින් හැදුණේ නෑ. ඔය අතරේ අපේ හිිටපු සභාපතිවරයකු වූ ප්‍රසාද් සමරසිංහ මහතා පසුකාලීනවන තේරුම් ගත්තා අපි දෙයක් නොකර චැනල් එක ගොඩ ගන්න බෑ කියන දේ. ඒ වෙලාවේ අපෙන් විමසිමක් කළා. හොඳ ටෙලි නාට්‍යයක් කරන්න පිටපතක් ගැන. අපිත් අවබෝධ කරගෙන හිටියා. ලොකු බජට් වැඩ අපහසුයි මේ කළේ ලෝබජට් යන හොඳ වැඩකට ගියොත් හොඳයි කියලා ට්‍රාන්ස් පෝට් ලොජ් වියදම් අඩු වැඩකට ගියොත් අපිට යමක් කරන්න පුළුවන් කියන දේ අපිටත් තේරීලා තිබුණා. ඒ අනුව තමයි මම ෆ්ලැට් නොවන ෆ්ලැට් ගැන අදහස ඉදිරිපත් කළේ.
ඔබේ අදහසකට ද ෆ්ලැට් නොවන ෆ්ලැට් පිටපත ලියවෙන්නේ?
මෙහි පිටපත ලිව්වේ චාලක රණසුරියගේ ඔහු දක්ෂ පිටපත් රචකයෙක් බොක්ස්, මාරක ළිදේ සවාරියක්, සඳුදා වැටෙන්නේ සිකුරාදා ආදී නාට්‍ය රැසක් රචනා කළ දක්ෂයෙක් මම දවසක් ඔහුට යෝජනාවක් ගෙනාවා අඩු වියදම් බජට් එකකට පිටපතක් හදාගන්න ඕනෙ කියලා. දවසක් අපි හමුවෙලා කතාබස් කළා මම කිව්වා තට්ටු නිවාස ආශි‍්‍රත කතන්දරයක් අනුව පොඩි වැඩක් කරමු කියලා. ඇන්ඩර්සන් ෆැලැට් පැත්තටත් එකක් ගිිහින්. ඒ ලොකේෂන් පෙන්නල මේ පරිසරයේ කතාවක් ඩිවලොප් කරමු කියලා. ඒ අදහස චාලක ඔළුවේ තියන් ගිහින් සති කීපයකදී කතා සාරංශයක් ඔහු හදල දුන්නා. ඒක අපි ඔළුවේ තියාගෙන කතාව ඩිවලොප් කළා. මධ්‍යම පාන්තික මිනිස්සු ජීවත්වන ඊටත් එහා ගිය ඉහළ පාන්තිකයන් ජීවත්වන තට්ටු නිවාසයක් තමයි ඇන්ඩර්සන් ෆැලැට්. නමුත් අපේ කතාවේ හැටියට පරිසරය ඊට වෙනස්. නමුත් අපේ කතාවේ හැටියට අපි මේ පරිසරය යොදාගෙන අපේ නිර්මාණය කළා. අඩු වියදම් ව්‍යාපෘතියක් ලෙස තමයි අපිට මේක කරන්න යෝජනාව ආවේ. අපි නාට්යතුළ ඉදිරිපත් කරන්නේ ඇන්ඩර්සන් පරිසරයට අනුගත කතාවක් නොවෙයි.
ෆ්ලැට් නොවන ෆ්ලැට්ි කොටස් කොපමණ ප්‍රමාණයක නිර්මාණයක් ද?
කොටස් හැටකට තමයි අපි සැලසුම් කළේ. දැනට කොටස් දහඅටක් පමණ විකාශය වෙලා තියනවා.
ඉදිරියේ මෙයට ඇතිවන පේ්රක්ෂක ඉල්ලුමත් සමඟ නිර්මාණකරුවා විධියට තවත් කොටස් ප්‍රමාණය දිග්ගස්සන ඔබේ අදහසක් තියනවද?
නෑ. කොහෙත්ම නෑ. ජාතික රූපවාහිනිය හැටියට පැට වූ ගැසීමක් අපි කරන්් නෑ. උපරීම කොටස් සීයෙන් නවත්වපු අවස්ථා තිබුණ මේ ටෙලි නාට්‍යයේ කතාවේ ස්වරූපය අනුව මටම දැනෙනවා කතාව කොටස් හැටකට වඩා එහාට ගෙනයාම අපහසුයි කියල ඊට එහාට යන්න උත්සාහ කළොත් අපි කරන්නේ බොරුවක් කියන දේ පේන්න පටන් ගන්නවා. වටේ කැරකෙන නිර්මාණ කිරීමක් මගේ නිර්මාණ තුළ නෑ.
නළු නිළියන් තෝරාගැනීම ඔබ සිද්ධ කළේ කොයි ආකාරයටද?
මෙහි රඟපානවා ලංකාවේ ඉන්න ප්‍රධාන දහරාවේ නළු නිළියන් රැසක්. ඒ හැමෝම වගේ අපිත් එක්ක මීට පෙර නාට්‍යවලට සම්බන්ධ වී වැඩ කළ අය. මේ හැමෝම තුළ ජාතික රූපවාහිනිය තුළ වැඩක් නොකිරීම ගැන කනගාටුවක් තියනවා. මේ ප්‍රධාන දහරාවේ නළු නිළියෝ කවුරුවත් අපි වැඩේට කතා කළාම කීයක් ගෙවනවද කියල ඇහුවේ නෑ. අඩුම තරමින් ඔවුන් තුළත් මතයක් ගොඩනැගිල තියනවා මේක ජාතික ආයතනයක් කියලා. ධම්මජාගොඩ මහතා ගේ ඉඳල ටෙලි නාට්‍යවල ප්‍රමිතියක් හදපු තැන ඒ හැමෝටම මුලින් අත දීපු තැන ජාතික රූපවාහිනිය ඒ තැන වැටිල විනාශවෙනවා දකින්න ඔවුන් වුණත් කැමැති නෑ. අද කාලේ මුදල් ගැනවත් කතා නොකර ලොකු කැපකීරීමක් කරන එකත් ඇත්තෙන්ම ලොකු සතුටක් සමහරු කිව්වා අපේ ගාණ වැඩක් නෑ දෙන්න පුළුවන් ගාණක් දෙන්න අපි වැඩේට එන්නම් කියල එහෙම ඔවුන් කියන්න ඇත්තේ ඒ අය තුළ රූපවාහිනිය ගැන තියන ගෞරවය නිසා වෙන්න ඇති.
මාවෝ ලක්ෂිත නැවත ප්‍රේක්ෂකයන් අතරට එන්නේ කොපමණ කාලයකට පස්සේ ද?
2014 තමයි මම අන්තිමට උඩුසුළඟ ටෙලි නාට්‍යය කළේ. ඊට පස්සේ නැවත මම වසර දහයක නිහඬතාවයකින් පස්සේ තමයි මේ ෆ්ලැට් නොවන ෆ්ලැට් රැගෙන එන්නේ.
මෙපමණ දීර්ඝ කාලයක් නිහඬව සිටීම ගැන පසුතැවීමක් නැද්ද?
නැතුවා නොවෙයි. මම 2024 මේ ටෙලි නාට්යකළත් මට ඕනෙ එකක් නොවෙයිනේ කරන්නේ. කලාත්මක කියන කොලිටියේ නාට්‍යයක් කිරීම මගේ හීනයක් වුණත් එයින් බැහැරව අද සිස්ටම් එකට අනුගත වී වැඩක් කරන්න වෙලා තියන නිසා හිතේ දුකක් කියන දේ නැතුවා නොවෙයි. මේක මට විතරක් පොදු දෙයක් නොවෙයි. ජාතික රූපවාහිනියේ ඉන්න දක්ෂයෝ බොහොමයකට අද ඔය දේ උරුමයි. උදේ ඇවිත් හවසට ගෙදර යනවා ඇරෙන්න සැබෑ දක්ෂයන්ට අලුත් නිර්මාණයකට යන්න තියෙන ඉඩකඩ පවතින ක්‍රමවේදය තුළ ඇහිරිලා.
ජාතික රූපවාහිනිය තුළ උසස් රසවින්දනයක් ගෙනෙන නිර්මාණ බිහි නොවන කොට ඔබට හිතුණේ නැද්ද ඉන් පරිභාහිරව ගොස් ඔබේ නිර්මාණ ශක්තියට ඉඩක් වෙන් කරන්න?
ඕනෙ තරම් තිබුණා. එවැනි බාහිර වැඩ සඳහා කතා කළ අවස්ථාවත් තිබුණා. නමුත් අපි අපේ ආයතනයත් එක්ක අවුරුදු 26 විතර බැදිල ඉඳල ඒ ආයතනයට පිටුපාන්න කොහෙත්ම හිත දෙන්නෑ. එළියේ හිටිය නම් අඩුම තරමේ ටෙලි නාට්‍ය දෙක තුනක් කෙරෙනවාමයි.
රූපවාහිනිය තුළ ඔබ නිහඬවීම තුළ වෙනත් දිශානතියක නිර්මාණ වෙනුවෙන් ඔබට දායකත්වයක් එක් කරන්න තිබුණා. නොවේද?
ටෙලි නාට්‍ය පැත්තෙන් නිහඬ වුණත් විවිධ වැඩසටහන් පැත්තෙන් මම දායක වීමක් සිද්ධ කළා. සිනේත්‍රා, නුග සෙවණ, ආයුබෝවන්, තාල භාෂණ ආදී දෛයිනික වැඩසටහන් වලට සම්බන්ධ වෙළ වැඩ කළා. නමුත් නිර්මාණයක් විධියට නාට්‍ය පැත්තට සම්බන්ධ වෙලා වැඩකරන්න බැරිවීම ඇත්තෙන්ම දුකක්.
ජාතික රූපවාහිනිය හා ඔබ අත්වැල් බැඳගන්නේ කවුරු හැටියටද?
1998 වසරේ මම ජාතික රූපවාහිනියට පා තබන්නේ පුහුණුවන වැඩසටහන් සහකාර නිෂ්පාදක වරයෙක් ලෙසින්. ඊට පස්සේ වසර දහයකට පස්සේ වැඩසටහන් නිෂ්පාදකයෙක් බවට පත්වෙන්න මට හැකිවුණා. වැඩසටහන් නිෂ්පාදක සහකාරවරයෙක් ලෙස වැඩ කළත් ඒ කාලය තුළ වුණත් සමහර වැඩසටහන් නිෂ්පාදනය කිරීමේ කාර්ය කරන්න සිදුවුණ අවස්ථා තිබුණා. ඇඟිලි සලකුණු වැඩසටහන මම කලෙත් නිෂ්පාදන සහකාරවරයෙක් ලෙස ඉන්න අවධියේමයි. අවුරුදු දෙක තුනක් විතර මම ඇඟිලි සලකුණ වැඩසටහන කළා. වැඩසටහන් දෙසියපණහක් විතර සතිපතා.
මවෝ ලක්ෂිත කියන නාමය ජාතික රූපවාහිනියේ සලකුණක් බවට පත්වන්නේ?
දයාරත්න රටගෙදර, සුසිරන්ද සිල්වා, විමලරත්න අධිකාරි, තිලක් ගුණවර්ධන, බන්දුල විතානගේ වගේ රූපවාහිනී නාට්‍ය අංශයේ දැවැන්තයන්ගේ සෙවණැල්ලේ අත්දැකීම් ලබන්න මම වාසනාවන්න වුණා. ඒ කාලේ රූපවාහිනි නාට්‍ය අංශයෙන් වසරකට දිගු නාට්‍ය තුන හතරක් හැදුණ අවස්ථා තිබුණා. ඒ නාට්‍ය වල ප්‍රමිතිය පවා උසස් පිටපත් අධ්‍යයනය තුළ තැනුණු හොඳ නිර්මාණ කරපු ජාතික රූපවාහිනියේ සිටි දැවැන්තයන් හා උරෙන් උර ගැටෙමින් ඔහුගේ ආභාසය ලබමින් මට යමක් ඉගෙන ගන්න ලැබුණා. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි.
අත්දැකිම් සපිරි වැඩසටහන් නිෂ්පාදකයකු ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයකු ලෙසින් අපේ අලුත් පරම්පරාව ගැන ඔබට හැගෙන්නේ මොනවගේ ආකල්පයක් ද?
අලුත් පරම්පරාවේ දිශානතිය කොයි බට ද කියන ප්රශ්නය තියනවා. ඔවුන් ජීවත් වන්නේ වෙනම මනෝ ලෝකයක. ඔවුන් බොහෝ දෙනෙක් හිතාඉන්නේ තමන් සියල්ල දත් කියලා. සිය දෙනෙක් ගත්තොත් එක් කෙනෙක් දෙන්නෙක් ඇති ඒ අතරින් ගමනක් යන්න පුළුවන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුව කියල ඔවුන් තුළ තියන ඒ දැනුම මේ මඟට කොච්චර ප්‍රායෝගික ද කියල ගැටලුකාරීබවක් දකින්න තියනවා.
අද නිර්මාණය වන ටෙලි නාට්‍ය ගැන මොකද හිතෙන්නේ?
සමස්තය දෙස බැලීමේදී හොඳ නිර්මාණ නැතුවා නොවෙයි හැම නාළිකාවක් තුළට වෙළෙඳ මාපියාවක් ගොඩනැගිල තියනවා. වැඩකරන්න පුළුවන් හොඳ නිර්මාණකරුවෝ ඉන්නවා. ඔවුන්ගෙන් හොඳ නිර්මාණ බිහි නොවෙනවා නොවෙයි. හැබැයි ඒ බිහිකරන කෙනාට ගොඩනැගෙන්න තියන ඉඩකඩ හරි අඩුයි. නිර්මාණකරුවට අනුග්රාහකයෝ හොයන්න වෙලා තියනවා. තමන්ගේ නිර්මාණය පෙන්න ගන්න මේ ඛේදවාචකය අද ඔඩුදුවපු ප්‍රශ්නයක් වෙලා තියනවා. නිර්මාණකරුවන් බිහි නොවන්නත්.
ඔබේම නිර්මාණ ගොන්නේ සංඛ්‍යාත්මකව කොපමණ නිර්මාණ ප්‍රමාණයක් ඇති ද?
ඒකාංගික ටෙලි නාට්‍ය විසිපහකට වැඩිය මම කරල ඇති. ඇගිලි සලකුණු වැඩසටහන මම වසර දෙක තුනක් කළා. සිංහල අවුරුදු වලට නත්තලට වෙසක් එකට මම ඒකාංගික නාට්‍ය නිර්මාණය කළා. නෙතු අභිෂේකය, මං නැති දා උඩු සුළඟ ප්‍රාසාංගික ටෙලි නාට්‍යයත් ඒ අතර තිබුණා. උඩු සුළග ටෙලි නාට්‍ය තුළ මට යමක් කලාත්මකව ඉදිරිපත් කිරීමේ හැකියාවකුත් ලැබුණා.
ෆ්ලැට් නොවන ෆ්ලැට් කරල දිගු නිහඬතාවයකට යළිත් යන්නද ඔබේ අදහස?
නෑ. කොහෙත්ම නෑ. කලාත්මක නිර්මාණයක් වෙත මගේ නිර්මාණ කාර්ය ඊළඟට යොමු කරන්නයි මගේ බලාපොරොත්තුව අරුණ ප්‍රේමරත්න ලිව්ව ස්ක්‍රිප්ට් එකකුත් මම ළඟ තියනවා. කලාත්මක පැත්තට බර පිටපතක් ඒ පිටපත නිර්මාණයක් කරන්න තමයි මගේ ඊළඟ උත්සාහය.
ඔබ ටෙලි නාට්‍ය නිර්මාණයන් තුළ මොන පැතිකඩක නිර්මාණයක් කරන්නද වැඩි රුචිකත්වයක් දක්වන්නේ?
සත්‍ය කතා මත ගොඩනැගෙන කතාවලට මම පෞද්ගලිකව කැමැතියි. ඒකට සමහරවිට එක් හේතුවක් වෙන්න ඇති මම කළ ඇඟිලි සලකුණු තව කවුරුහරි අරන් ආ ස්ක්‍රිප්ට් එකකට වඩා මගේම ඇඟ තුළින් හදා ගත්ත. කන්සෙප්ට් එකක් මත කරන නිර්මාණයකට තමයි මම කැමැති.
ඔබ පිටපත් රචනයට කැමැත්තක් දක්වන්නේ නැද්ද?
මම හිතනවා මගේ කන්සෙප්ට් එකක්. වෙන අයකුගේ රචනයෙන් ලියවෙනවා නම් ඒක හොඳයි කියල. මගේ අදහසක් තවකෙනෙක්ගේ රචනය තුළ ලියවෙන කොට ඔහුගේ ඈන්ගල් එකත් එයට එකතු වෙනවා ඒක තවත් රසවත් නිර්මාණයක් ගොඩනැගෙන්න හේතු වෙනවා කියන විශ්වාසය මා තුළ තියනවා.
ෆ්ලැට් නොවන ෆ්ලැට් ෆ්ලැට් වෙලා යන්න නොදී එය සාර්ථක නිර්මාණයක් කරගැනීමට දිරිය ශක්තිය ලබාදෙන සෙවණැලිත් ඔබ සමඟ එකට එක්වෙලා ඇති?
අපේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වැඩසටහන් නිලාර් එන් කාසිම් මහතා මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනෙ ඔහුට ලොකු අවශ්‍යතාවයක් තියනවා. අපි මේ වැටිල ඉන්න තැනින් ගොඩඑන්න මඟක් හොයන්න, රූපවාහිනී නාට්‍ය අංශයෙන් නාට්‍යයක් මතු කරන්න ඔහුට ලොකු ඕනෙ කමක් තියනවා. ඒ උත්සාහය තුළ ඔහු දැනට නිරතවෙලා ඉන්න අතරේ මේ නාට්‍ය අවසානයේ අපේ රූපවාහිනී නාට්‍ය අංශය තුළ තවත් සාමාජිකයෙක්ගේ අලුත් වැඩකින් මේ උත්සාහය ඉදිරියට ගෙන යන්න. එතුමන්ට ලොකු ඕනෙකමක් තියනවා.
සහාය අධ්‍යක්ෂණයෙන් එක්ව සිටින අමිත් මුණසිංහ, දෙවැනි කැමරා අධ්‍යක්ෂණයෙන් එක්ව සිටින විජය ශ්‍රී බණ්ඩාර නිෂ්පාදනයෙන් එක්ව සිටින විජිත මංජුල සිංහපෘථිවිගේ මෙහිදී විශේෂයෙන්ම මතක් කළ යුතුයි.
අද රූපවාහිනී ප්‍රේක්ෂකයා බොළදත්වය තුළ තැනෙන නිර්මාණ වෙත නේද වැඩි ආකර්ෂණයක් දක්වන්නේ?
දැන් මිනිස්සු හිතන පතන විධිය වෙනස්. අපි එදා චරිත තුනක් රසවින්ද නමුත් අද ඕඩියන්ස් එක ඒදේ වැලඳ ගනියි ද කියන දේ තියනවා. ඊට වඩා රොමැන්ටික් පැත්ත අද පේ්රක්ෂකයා අපේක්ෂා කරනවා. කලාත්මක මට්ටමේ පිටපතක් කළත් අපි හැම තිස්සේම කුතුහලය, ගැටුම රදවාගෙන මේ ගනුදෙනුව කළ යුතු වෙනවා මේ වර්තමාන ඕිඩියන්ස් එකත් එක්ක එදා ඕඩියන්ස් එක බොහොම ලයිට් දෙයක් ඉල්ලුවේ අද ඒක හාත්පසින්ම වෙනස්.
තිබ්බ ගැහුව නළුනිළියෝ තිබ්බ ගැහුව නිර්මාණ බිහිවන ඛේදනීය තත්ත්වය තුළ අද ගුණාත්මක ටෙලි නාට්‍ය කලාවක් ගැන කතා කරන්නේ කොහොමද?
ඔය කතාව අද නළු නිළියොත් කරනවා. අද තැතෙන නිර්මාණ ලෝබජට් නම් අපිත් නිර්මාණකරුවෝ හැටියට යම් ස්පිඩ් එකක් ඇතුව නිර්මාණය කළ යුතු වෙනවා. ඒත් අපි එහෙම කියලත් යම් ප්‍රමිතියක් ගොඩනගන්න උත්සාහ ගන්නවා. මුදල ගැනම නොසිතන රූපවාහිනි ප්‍රඩක්ෂන් එකක වැඩ කරන්නත් නළු නිළියෝ පෞද්ගලිකව කැමැතියි. අපි නිර්මාණාත්මකව ලබා දෙන්න උත්සාහ ගන්නා ක්‍රමවේදය ගැන නළු නිළියෝ වුණත් කතා කරන්නේ ප්රසංසාත්මකවයි.
මාවෝ ලක්ෂිත නළු නිළියන්ගෙන් මස් රාත්තලම ඉල්ලන අධ්යක්ෂවරයෙක් ද?
නෑ. මම නළුවට නිළියට නිදහසක් දෙනවා චරිතය ඔවුන්ට ඕනෙ විධියට ගොඩනගන්න. පිටපත් කියවල ඔවුන් චරිතය අවබෝධ කරගත් විධියක් තියනවා. ඒකට මම ඉඩ දෙනවා. ඒ අතරේ මම දකින දේ ඔවුන්ගෙන් නාවොත් මම කතා කරල මට ඕනෙ දේ ඔවුන්ට කියනවා. අපි ළඟ ඉන්නේ දක්ෂ කණ්ඩායමක් ඔවුන්ට ඇගිල්ලෙන් ඇන ඇන කියන්න ඕනෙ නෑ.
මාවෝ වඩාත් කැමැත්තක් දක්වන්නේ ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයෙක් ලෙසින් කටයුතු කරන්නද එසේ නැත්තම් විවිධ වූ වැඩසටහන් අධ්යක්ෂවරයෙක් ලෙසින් කටයුතු කරන්නද?
ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයෙක් ලෙසින් කටයුතු කරන්න තමයි මම ගොඩක් ආසාවක් දක්වන්නේ.
ටෙලි නාට්‍ය කර්මාන්තය ගැන අද ඔබට හැගෙන්නේ?
මෙහිි අද බරපතළ කඩාවැටීමක් දකින්න තියනවා. ඊට හේතුවෙලා තියෙන්නේ තරඟකාරීව ආපු වෙළෙඳ මාෆියාව ඒකට තරගකාරීව මුහුණදෙන කොට කර්මාන්තයක් ලෙස මතුවීම ගැටලු සහගත වෙලා තියනවා. අපේ ආයතනය වුණත් ප්‍රමිතිගත ටෙලි නාට්‍ය මාලාවක් සතියේ දිනවල වගේම සති අන්ත දිනවලත් රාත්‍රී 8.30ට විකාශය වීමක් අඛණ්ඩව ආරම්භ කළොත් වසරක් නෙමේ මාස තුනක් යන්න මත්තෙන් අපෙන් ගිලිහුණු පේ්රක්ෂක ප්‍රජාව නැවත අපේ ජාතික රූපවාහිනිය වටා රොක් වෙනවා. ඒකට ආයෙ අමුතුවෙන් රිසව් කෙරිලි ඕනෙ නෑ.
අපි ජාතික රූපවාහිනිය කිය කිය ගතානුගතික පිළිවත තුළ තවදුරටත් රැදුණොත් අපේක්ෂිත අරමුණට යාම තව තවත් දුරස් වෙයි කියල ඔබට හැගෙන්නැද්ද?
අපිත් කාලානුරූපීයව වෙනස් විය යුතුයි. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් පවා අද වෙනස්. ඒ සිතුම් පැතුම් අනුව අපිත් අපේ වැඩසටහන් ඉදිරිපත් කිරීම කළ යුතු වෙනවා.
ඔබේ කලා ජීවිතයේ ආපසු හැරෙනකොට මතකයට එන සුවිශේෂී චරිතත් ඇති?
ජාතික රූපවාහිනිය තුළින් මම ලබපු අත්දැකිම් මගේ කලා ජීවිතයට ලොකු අත්වැලක් වුණා. මගේ ජීවිතයේ විමලරත්න අධිකාරී කියන නාමය මට සුවිශේෂයි. එතුමන්ගෙන් මම ලබපු දැනුම පන්නරය මට මගේ ජීවිතයේ ලොකු ශක්තියක්.
නාගරික මැද පන්තියේ මහල් නිවාස ගතව ජීවත්වන පිරිසක් සමඟ මුහුණදෙන එක අනපේක්ෂිත සිද්ධියක් සමඟ ඒ ජීවිතවල සිදුවන හැලහැප්පීම් මනෝභාවයන් ඇසුරේ මතුවන කතාවක් වූ ෆ්ලැට් නොවන ෆ්ලැට් සඳහා දායකවන පිරිස් කවුරුන්ද?
ඉසුරුලොකුහෙට්ටිආරච්චි, සුබුද්ධි ලක්මාලි, වොල්ගා කල්පනී, තිලාන් වර්ණජිත්, මොරීන්චාරුණි, අජිත් ලොකුගේ, සරත් කොතලාවල,ලක්ෂිකා ජයවර්ධන, චමිලා පීරිස්, ජයනි සේනානායක, මාදනී මල්වත්ත, සංජය මොරමුදලි, ජගත් චමිල, එස්.අයි. සමරක්කොඩි, හරිදු රංගුජිත්, නලින් ප්‍රදීප් උඩුවෙල, වසන්ත කුමාරසිරි, ශාලිත ගුණවර්ධන, සරත් කරුණාරත්න මේ සඳහා රංගනයෙන් දායක වෙනවා.
මෙහි සංගීත අධ්‍යක්ෂණය, නවරත්න ගමගේ, ගායනය බාචි සුසාන්, සුබුද්ධි ලක්මාලි, ගීපද රචනය සුජිත් ප්‍රසංග කැමරා අධ්‍යක්ෂණයෙන් ගයාන් දිසන්ත, කැමරා සහයෙන් මොහාන් දිසානායක, කලා අධ්‍යක්ෂණයෙන් සමීර ප්‍රනාන්දු, සංස්කරණයෙන් රුවන් තිසේරා මේ සඳහා දායක වෙනවා.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
දුෂ්මන්ත මායාදුන්න