ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපති ලෙස මුතුරාජවෙල පර්යන්තයේ බෙදා හැරීමේ කළමණාකාර ඩී.ජේ.රාජකරුණා මහතා පත් කර තිබේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ ද සභාපති වශයෙන් පත් කර ඇති ඩී.ජේ.රාජකරුණා මහතා ඊයේ (26) සිය ධූරවල වැඩ භාර ගත්තේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම පත් කිරීම සිදුකර ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා උපාධිධරයකු වන ඒ මහතා තම මූලික උපාධිය කැලණි විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇත.
ජානක රාජකරුණා මහතා ඛනිජතෙල් පර්යන්ත සමාගමේ පර්යන්ත කළමනාකරුවකු ලෙස පහුගිය කාලයේ සේවය කල පළපුරුදු නිලධරයකු වන අතර, ජාතික සම්පත් රැකගැනීම වෙනුවෙන් කටයුතු කළ වෘත්තීය සමිති නායකයෙක්ද වේ.
The post ඛනිජ තෙල් නව සභාපති වැඩ භාර ගනී appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.