බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන කැරිබියන් ලීග් විස්සයි20 ක්රිකට් තරගාවලියේ 27 වැනි තරගයේදී මහීෂ් තීක්ෂණගේ සටන්කාමී පන්දු යැවීම අපතේ යවමින් ගයානා ඇමසන් වොරියස් පිල හමුවේ ලකුණු 47කින් පරාජය වීමට බාබඩෝස් රෝයල්ස් පිලට සිදු විය. ප්රොවිඩන්ස්හිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ගයානා පිල දුන් ලකුණු 220ක ඉලක්කය හමුවේ බාබඩෝස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 172ක් පමණි.
මේ තරගයේදී ගයානා පිලට එරෙහිව පන්දුවෙන් දස්කම් දැක්වූ මහීෂ් තීක්ෂණ ඕවර 4කදි ලකුණු 15කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත් විය. මේ වන විට තරග 9කදී කඩුලු 12ක් දවාගෙන ඇති ඔහු කඩුලුලාභීන් අතර තෙවැනි තැන පසු වෙයි.
The post තීක්ෂණගේ සටන අපතේ යයි appeared first on දිනමිණ.