ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවති අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී නවසීලන්ත සංවර්ධන කාන්තා පිල ලකුණු 7කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සමත් විය.
ඊයේ ගෝල්ඩ් කෝස්ට්හි බිල් පිපෙන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 9ක් දැවී ලකුණු 110ක් රැස් කළ අතර පිළිතුරු ලෙස නවසීලන්ත පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 103ක් පමණි.
ඊව් වොලන්ඩ් ලකුණු 23ක් රැස් කරමින් නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, පන්දු යැවීමේදී චමෝදි ප්‍රබෝදා සහ ප්‍රමුදි මෙත්සරා කඩුලු 2 බැගින් දවා ගත්හ. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායිකා මනුදි නානායක්කාර පන්දු 35කින් ලකුණු 41ක් රැස් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟිනි. විමෝක්ෂා බාලසූරිය පන්දු 22කින් ලකුණු 24ක් සහ දහමි සෙනෙත්මා ලකුණු 18ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී කේට් අර්වින් සහ අනිකා ටොඩ් කඩුලු 3 බැගින් දවා ගත්හ.
මේ තරගයත් සමඟ තුන්කොන් විස්සයි20 තරගාවලිය නිමා වූ අතර, තරග දෙකක් ජයගත් ශ්‍රී ලංකා පිල දෙවැනි ස්ථානයට පත්විය. සත්කාරක ඔස්ට්‍රේලියානු යොවුන් කාන්තා පිල අපරාජිතවම පළමු තැන හිමි කරගත් අතර, නවසීලන්ත සංවර්ධන පිල සහභාගිවූ තරග 4ම පරාජයට පත්විය.
ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා පිල – 110 (ඕවර 20) මනුදි නානායක්කාර 41, විමෝක්ෂා බාලසූරිය 24, දහමි සෙනෙත්මා 18 (කේට් අර්වින් 13/3, අනිකා ටොඩ් 22/3)
නවසීලන්ත සංවර්ධන කාන්තා පිල – 103/6 (ඕවර 20) ඊව් වොලන්ඩ් 23, ඉසී ශාප් 22, ඩාර්සි රෝස් ප්‍රසාද් 18 (චමෝදි ප්‍රබෝදා 12/2, ප්‍රමුදි මෙත්සරා 15/2)
The post ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ නවසීලන්තය පරදවති appeared first on දිනමිණ.