ශ්රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් විසින් තෙවන වරටත් සංවිධාන කළ මෝන්සූන් කුසලාන 2024 කාන්තා සහ පිරිමි විවෘත ගොල්ෆ් තරඟාවලියේ ජයග්රාහක ජයග්රාහිකාවන් සඳහා කුසලාන ප්රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ(29) පැවැත්වුණි.
මෙම තරඟාවලියේදී ඊගල්ස් මෝන්සූන් කුසලානය වෙනුවෙන් කාන්තා හා පිරිමි යන දෙඅංශයෙන්ම ක්රීඩක ක්රීඩිකාවන් තරඟ වැදුණි.
ත්රිවිධ හමුදාවේ දකෂතම ක්රිඩකයාට පිරිනැමෙන ඊගල්ස් මෝන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය සඳහාද තරඟකරුවන් තරඟ වැදිම සිදු විය.
ඊගල්ස් මෝන්සූන් තරගාවළියේ පිරිමි අංශයේ ශුරතාවය රංජිත් ලියොන් විසින් හිමිකරගත් අතර කාන්තා අංශයේ ශුරතාවය ෆ්රෑන්ක් ද මෙල් විසින් හිමිකර ගන්නා ලදි එහි පිරිමි අංශයේ අනුශුරතාවය විංග් කමාන්ඩර් ලක්මාල් ගුණවර්ධන (විශ්රාමික) විසින් දිනා ගත් අතර කාන්තා අංශයේ අනු ශුරතාවය දිලිනි හෙන්නායක විසින් හිමිකරගන්නා ලදි.
ඊගල්ස් මෝන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය ශ්රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර් ජානක පිටවල විසින් දිනාගන්නා ලද අතර එහි අනුශුරතාවය ශ්රි ලංකා යුද්ධ හමුදාවේ මේජර් තිස්ස කුමාර විසින් දිනා ගන්නා ලදි.
The post ඊගල්ස් මෝන්සූන් කුසලාන වාර්ෂික ගොල්ෆ් තරඟාවලිය සාර්ථකව අවසන් appeared first on දිනමිණ.