ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ තරගයකදී නායක රමිරු පෙරේරාගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයට ලකුණු 134ක ජයක් හිමිවිය.
මෙම තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයට එරෙහිව රමිරු පෙරේරා නොදැවී ලකුණු 100ක් රැස්කළ අතර ඉනිම දෙකේදීම කඩුලු 7ක් බිඳ හෙළීය. මාතර සාන්ත තෝමස් විද්‍යාලයට, ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව බිමාෂ් සමරසිංහ (කටුගස්තොට සාන්ත අන්තෝනි), විරාන් චමුදිත (මාතර සාන්ත සර්වේෂස්) සහ පෙසඳු සංජාන් (මාතර සාන්ත තෝමස්) ශතක වාර්තා කළහ. සතිදු ප්‍රබෝධ (කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය) සහ මිෂේන් නිලංක (කොළඹ ද ලාසාල්) පන්දු යැවීමෙන් දස්කම් දැක්වූහ.
රාජකීය විද්‍යාලයට ලකුණු 134ක ජයක්
කොළඹ රාජකීය විද්‍යාලය: පළමු ඉනිම – 215 (පන්දුවාර 56) තෙවිඳු වේවැල්වල 97, ඉසුල ගීගනගේ 51, දුෂේන් උඩවෙල 21, දැහැම් නිර්මාල් 47/4, ඩිලාෂ් කුමාරසිංහ 19/2, සංජුල ද වාස් ගුණවර්ධන38/2 සහ දෙවැනි ඉනිම –
206/3 (පන්දුවාර 39) රමිරු පෙරේරා නොදැවී 100, විමාත් දින්සර 57, හිරුන් මතීෂ 21, සංජුල ද වාස් ගුණවර්ධන 39/2
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය: පළමු ඉනිම – 173 (පන්දුවාර 52) දැහැම් නිර්මාල් 48, අනුහස් ධර්මවර්ධන 37, ඔමල්ක හපුආරච්චි 25, රමිරු පෙරේරා 78/5, යෙනුල බණ්ඩාර 37/3, දුෂේන් උඩවෙල 10/2 සහ දෙවැනි ඉනිම –
114 (පන්දුවාර 33.4) සහන් යාපා 25, දැහැම් නිර්මාල් 25, යෙනුල බණ්ඩාර 31/4, දුෂේන් උඩවෙල 25/2, රමිරු පෙරේරා 31/2
කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට කඩුලු 9ක ජයක්
මාතර රාහුල විද්‍යාලය: පළමු ඉනිම – 184 (පන්දුවාර 69) ඔෂාන් තේනුක 50, සනුක දම්නිඳු නොදැවී 39, මින්සර දෙව්මිණ 23, ප්‍රමුදිත නවාංජන 22, සසිඳු බැට්ටගේ 21, සිතුම් රමෝද් 28/4, තිෂාන් නිපුන් 29/3, තෙමිර මිකාෂණ 62/2
දෙවැනි ඉනිම – 67 (පන්දුවාර 34) සතිදු ප්‍රබෝධ 19/6, තෙමිර මිකාෂණ 25/2
කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය: පළමු ඉනිම – 230 (පන්දුවාර 76.3) තරුෂ මිහිරංග 48, ලක්වාන් හෂේල් 37, සිතුම් රමෝද් 23, මෙවන් රන්දීපන 23, කවීන් දෙනෙත් 23, සසිඳු බැට්ටගේ 33/4, සදෙව් ගමගේ 65/3 සහ දෙවැනි
ඉනිම – 22/1 (පන්දුවාර 3.5)
බණ්ඩාරනායක කුලරත්න ජය පරාජ නෑ
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය: පළමු ඉනිම – 193 (පන්දුවාර 45.3) දිනුග කරුණාරත්න 78, දෙව්මිත් තරුණ 34, මංචන තරුපියුම් 28, ඉනුක දුලංජය 4/42, උදාර සඳරුවන් 31/3 සහ දෙවැනි ඉනිම – 138/8 (පන්දුවාර 41) මෙනුක යොනාල් 49,
අනුග චන්මිර 35, උදාර සඳරුවන් 21/3, ජනිදු චාමික 21/2, ඉනුක දුලංජය 66/2
අම්බලන්ගොඩ පී.ද එස්. කුලරත්න විද්‍යාලය : පළමු ඉනිම – 205 (පන්දුවාර 60.1) ළකිඳු තිහංස 45, ජනිදු චාමික 41, අධීෂ ඉඳුවර 37, ඉනුක දුලංජය නොදැවී 21, විමාන් රුවනිදු 49/4, දිනුග කරුණාරත්න 44/2, මනිඳු හේරත් 50/2
කොළඹ ඩි ලා සාල් විද්‍යාලයට ලකුණු 32ක ජයක්
කොළඹ ඩි ලා සාල් විද්‍යාලය: පළමු ඉනිම – 135 (පන්දුවාර 39.5) මොහොමඩ් අම්මාන් 61, නිතිඳු සංකල්ප 24, රවිඳු අශාන් 18/3, තමුදිත ප්‍රමෝද් 33/3 සහ දෙවැනි ඉනිම – 137 (පන්දුවාර 39.1) මාර්ක් ජෙරොම් 36, හේෂාන් විහඟ 33, තමුදිත ප්‍රමෝද් 34/3, රවිඳු අශාන් 48/3, දිලූෂ් රනුග 17/2
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය : පළමු ඉනිම – 139 (පන්දුවාර 52.2) රවිඳු අශාන් 36, මාර්ක් ජෙරොම් 17/4, නිතිඳු සංකල්ප 17/3 සහ දෙවැනි ඉනිම – 101 (පන්දුවාර 36.2) පසන් වෙනුසර 26, මිශේන් නිලංක 39/6, මාර්ක් ජෙරොම් 13/2,
හේෂාන් විහංග 13/2
සා. අන්තෝනි – සා. තෝමස් විසදුමකින් තොරයි
කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය: පළමු ඉනිම – 413/8 (පන්දුවාර 78) බිමාෂ් සමරසිංහ නොදැවී 108, ඔකිත ප්‍රනාන්දු 97, නේතන් ඊබට් 94, කෙවාන් රාමික 42, කෞශික කුමාරසිංහ 26, චාරුක ඒකනායක 23, ශහිඳු මෙතුපහන් 61/3, ඔචින්ත චාමික 93/3
මාතර සාන්ත තෝමස් විද්‍යාලය: පළමු ඉනිම – 240/5 (පන්දුවාර 61) පෙසඳු සංජාන් 102, සෙනුර ගිහාන් 43, කුමේෂ් නවාංජන 42, අබ්දුල් මාජිඩ් 23, කෞශික කුමාරසිංහ 47/2
සර්වේෂස් – ඇලෝසියස් ජය පරාජයෙන් තොරයි
මාතර සාන්ත සර්වේෂස් විද්‍යාලය: පළමු ඉනිම – 145 (පන්දුවාර 49) රිසිනු කිත්මුක 55, චමෝද් මිහිරංග 22, සෙවිත දුල්මාල් 49/4, දුල්සත් නිම්විරු 39/3 සහ 160/5 (පන්දුවාර 28) විරාන් චමුදිත 117, රවීන් කචින්ත 22, සසිඳු රන්දීප 37/3
ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය: පළමු ඉනිම – 105 (පන්දුවාර 42.3) නවිඳු ප්‍රමෝද් 35, චාර්ය පරණවිතාන 20, ප්‍රවීන් මධුසංක 29/6, රවීන් කාවින්ද 9/2 සහ දෙවැනි ඉනිම – 20/0 (පන්දුවාර 6)
ඉෂානි යද්දෙහි
The post කොළඹ රාජකීයන්ට ලකුණු 134ක ජයක් appeared first on දිනමිණ.