ග්‍රීසියේ පැවති 06 වන ලෝක අභියෝග්‍යතා රොබෝටික්ස් තරගාවලියට ( 06th Global Challenge Robotic Competition ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිසුන් 05 දෙනෙකු , ඉංජිනේරු නිර්මාණයක් ( Engineering Deign Best in World ) ඉදිරිපත් කර , එම තරගාවලියේ ලෝකයේ විශිෂ්ඨතම ඉංජිනේරු නිර්මාණයට හිමි ප්‍රථම ස්ථානයට පත් වෙමින් රන් පදක්කම දිනා ගෙන ඊයේ (30) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම තරගාවලිය ග්‍රීසියේ ඇතැන්ස් නුවර ඉකුත් 09/26 දින සිට 09/29 දින දක්වා ලෝකයේ රටවල් 193 ක තරගකරුවන් 1,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .
එහිදී මෙම ශ්‍රී ලාංකික සිසුන් ඉදිරිපත් කළ ඉංජිනේරු නිර්මාණය ලෝකයේ සියලුම රටවල් අභිබවා ප්‍රථම ස්ථානයට පත් වී තිබුණි . මෙම තරගාවලියේ දෙවන ස්ථානය කොලොම්බියාවටත් , තෙවන ස්ථානය ඉන්දියාවටත් හිමි වී තිබුණි .
රවීන් අකුරැටියාව , තරුල් සේනානායක , හිවීන් රාමචන්ද්‍ර , සුපුල් බද්දේගම සහ මලීක රැඩිගල මෙම තරගාවලියේ දී රන් පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් වූහ .
ශ්‍රී ලංකා සිසුන් පිරිස මෙම තරගාවලිය වෙත ඉදිරිපත් කළ මෙම නිර්මාණයට හිමි වූ ලකුණු මත , මෙම ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ථ තරගාවලියේ , අනෙකුත් රටවල් අභිබවා 06 වන ස්ථානය දිනා ගැනීමට ද සමත් වී තිබුණි .
ඔවුන් 09/30 දින රාත්‍රී 08.45 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඔවුන් පිළිගැනීම සදහා මෙම සිසුන්ගේ දෙමාපියන් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
The post ග්‍රීසියේ රොබෝටික්ස් තරගාවලියේ දී ලංකික සිසුන්ට රන් පදක්කම් appeared first on දිනමිණ.