සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ (30) ආරම්භ වූ 92වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී දික්වැල්ල විජිත මධ්‍ය මහා විදුහලේ නේත්‍රා සමාධි වයස අවුරුදු 18න් පහළ බාලිකා උස පැනීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කළාය. නේත්‍රා සමාධි ඊයේ මීටර් 1.69කින් නව වාර්තාව පිහිටවූ අතර, පැරණි වාර්තාව වූයේ මීටර් 1.68කි.
ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය වයස අවුරුදු 16න් පහළ, 18න් පහළ සහ 20න් පහළ වයස් කාණ්ඩ යටතේ එහි තරග පැවැත් වේ. මෙම ක්‍රීඩා තරගාවලියේ අද දෙවැනි දවසේ අවසන් තරග 32ක් පැවැත්වේ. ඡායාරූපය – රංජිත් අසංක
The post ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ 18න් පහළ උස පැනීමේ නව වාර්තාවක් appeared first on දිනමිණ.