අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ.
ඒ අනුව බස් ගාස්තු 4.24%කින් අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.
ඒ අනුව, අවම ගාස්තුව රුපියල් 27ක් දක්වා අඩුවන බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව මෙසේ බස් ගාස්තු අඩුකරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.
අවසන් වරට පසුගිය ජුලි 02 වනදා සිදුකළ ගාස්තු සංශෝධනයේදී 5.07% ක ප්‍රතිශතයකින් බස් ගාස්තු පහළ දැමුණා.
ඒ අනුව දැනට ක්‍රියාත්මක අවම බස් ගාස්තුව රුපියල් 28ක්.
එහෙත් අගෝස්තු මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනයේදී බස් ගාස්තු අඩුකෙරුණේ නැහැ.
ඒ අනුවයි මෙවර බස් ගාස්තු අඩුකිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.
The post බස් ගාස්තු පහළට appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.