අයිසීසී ලෝක කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියට පෙර යෞවන යෞවනියන් තුළ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ආස්වාදය ඇති කිරීම උදෙසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් සායනයක් සංවිධානය කර ඇත. ඩුබායිහි සෙවන්ස් ක්‍රීඩාංගණයේදී මේ විශේෂ වැඩසටහන ඉකුත්දා පැවති නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පෙරහුරු තරගයට සමගාමීව පැවැත්විණි. අවුරුදු 8-14 අතර බාලක බාලිකාවන් 50කට වැඩි පිරිසක් මේ සායනයට සහභාගි වූ අතර කණ්ඩායම් දෙකේම ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ උපදෙස් ලබා දුනි. විනෝදාත්මක අභ්‍යාස සහ බෙදාගත් අත්දැකීම්වලින් පිරුණු අන්තර්ක්‍රියාකාරී සැසිය තුළ කුඩා දරුවන්ගේ ශාරීරික හා මානසික යහපැවැත්ම දිරිමත් වූ බව සඳහන් වේ.
The post අයිසීසීයෙන් ක්‍රිකට් සායනයක් appeared first on දිනමිණ.